කටාර් අර්බුදය විසඳන්න ප්‍රංශය අතපොවයි

කටාර් අර්බුදයට මැදිහත්වී ඊට සාධාරණ විසදුමක් සෙවීමේ අරමුණින් ප්‍රංශ විදේශ අමාත්‍ය ජෝන් ඊව්-ල දරියොන් මැදපෙරදිග සංචාරයකට පැමිණ තිබේ.

ඔහු පසුගිය 15 වෙනි දින සෞදි අරාබියේ ජෙඩා නුවරදී මේ සම්බන්ධයෙන් සෞදි බලධාරීන් හා සාකච්ඡාකර තිබෙන අතර අනතුරුව කටාරයේ දෝහා නුවර බලා සංචාරය කළ බව සදහන්.

ප්‍රංශ රජය වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ දිනෙන් දින උඩු දුවන කටාර් අර්බුදය කඩිනමින් විසදා ගැනීම සදහා මැදිහත්කරුවෙකු වීමට සිය රට සූදානම් බවයි.

සෞදි සාකච්ඡාවලින් පසුව දෝහා බලා ගිය ප්‍රංශ විදේශ ඇමති උණුසුම් ලෙස පිළිගැනීමට කටාර් බලධාරීන් පියවර ගෙන ඇත.

සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් කටාරයට සම්බාධක පැනවීම අසාධාරණ ක්‍රියාවක් බවත් එම සම්බාධක වහා ඉවත්කර ගැනීමට කටයුතු කළ යුතු බවත් කටාර් විදේශ ඇමැති ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් සමඟදෝහා නුවර පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි ප්‍රංශ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම සෞදිය ප්‍රමුඛ සෙසු ගල්ෆ් රටවල් පැනවූ සම්බාධ සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡාකොට සාර්ථක විසඳුමක එළැඹීමට හැකිවෙනු ඇතැයි ප්‍රංශ විදේශ ඇමති වැඩිදුරටත් සදහන් කර තිබේ.

වැඩබිම

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435