ඩුබායිහි ඔබට වැදගත් නීති කිහිපයක් – අමාරුවේ වැටෙන්න පෙර දැනගන්න

ඩුබායි රාජ්‍යයේ සේවය කරන හෝ ඉදිරි කාලයේදි ඩුබායි රාජ්‍යයට යාමට අපේක්ෂාවෙන් පසුවෙන සැම දැන ගතයුතු එරට තුළදී අනුගමනය කළ යුතු නීති රීති රැසකි.

එමෙන්ම ඩුබායි රාජ්‍යයේ ස්ථාපිත නීති රීති අකුරටම ක්‍රියාත්මක කරන අතරම කිසිදු තරාතිරමක් නොබලා වැරදි වලට දඬුවම් නියම කිරීමක්ද සිදු කරයි.

විශේෂයෙන් බොහෝ දෙනෙක් මෙම නීති රීති පිළිබඳව නොදැනුවත්කම නිසා හෝ දැනුවත් වුවත් නිවැරදිව අවබෝධ කරගෙන නොතිබෙන අවස්ථාවල වැරදිකරුවන් ලෙසට හසුවෙන අතරම බොහෝ විදේශිකයින්ට එරට අධිකරණයෙන් දඬුවම් හිමිවෙන අවස්ථාද තිබේ.

පහත දක්වා ඇති නීති රීති පිළිබඳව නිවැරදිව දැනුවත් වීමෙන් ඩුබායි සිටින ඔබේ සුරක්ෂිතබව හා වැරදි සිදුවීම අවම කර ගැනීමට හැකියාවක් ලැබෙන අතරම ඔබේ යහළුවන්ටද මේ කරුණු කාරණා අතිශ‍ය වැදගත් බැවින් ඔවුන්ටද බෙදා හරින්න අමතක නොකරන්න.

  • ඩුබායිහි ප්‍රසිද්ධ ස්ථාන වල අසභ්‍ය වචන භාවිතා කිරීම තහනම් වෙන අතර එම නීතිය එරට දණ්ඩ නීති සංග්‍රහයේ 373 වගන්තියේ සදහන්කර තිබේ. යමෙක් ප්‍රසිද්ධ ස්ථානයක නරක වචන කතා කළ හොත් අවුරුද්දක උපරිමයකට යටත්ව සිරභාරයට ගත හැකි අතර 10,000 AED දඩයකට යටත් කරනු ලැබේ.
  • අන්තර් ජාලය හරහා අපහාසාත්මක වචන භාවිත කිරීම තහනම් වෙන අතර යම් පුද්ගලයෙක් අන්තර්ජාලය හරහා අපහාසාත්මක වචන ප්‍රකාශ කර වැරදිකරු වුවහොත් ඩුබායි හි නව නීතියට අනුව උපරිමය 250,000 AED දඩයකට යටත් වෙන අතර බන්ධනාගාර ගත කිරීම සහ රටින් පිටුවහල් කිරීම යන දඩුවම් ද හිමියි.
  • ඉස්ලාම් ආගමට හෝ ඩුබයිහි ජීවත් වෙන පවුල්වල පුද්ගලයින්ට අපහාස වන ලෙස කතා කිරීම තහනම් වෙන අතර UAE, ඩුබායි හා ඒ අවට ඇති ප්‍රදේශ සියල්ලකම පාහේ ආගමික සාරධර්ම ගුණධර්ම ඉහළින් අගයන රටවල් වේ . එරට නීතිය අනුව ඔබ ඉස්ලාම් භක්තිකයකු නොවෙන අවස්ථාවක කුරාණය ඇල්ලීම පවා බරපතල වරදක් ලෙස පිළිගනී. එසේම කිසියම් වූ ආගමකට අපහාසාත්මක වන ලෙස කටයුතු කිරීම ද ලෙස වරදකි.
  • ප්‍රසිද්ධ ස්ථානවල වීනිතව හැසිරීම ද වඩා වැදගත් ලෙස සලකන නීතියකි. ජනතාව වැඩි වශයෙන් ගැවසෙන තැන්වල සිප වැළඳ ගැනීම්, රාගිකව හැසිරීම හෝ රාගික හැගීම් උද්දීපනය වන ආකාරයේ ඇඳුම් පැළදීම සපුරා තහනම් වේ.
  • උරහිස් වැසෙන සේ තිබෙන ඇදුම් ඇදීමට පුරුදු  වීම ද එරට තුළ කාන්තාවන්ට අනිවාර්ය වේ. එයට ඉස්ලාම් නීති රීති තුළ ඇග වැසෙන සේ ඇදුම් ඇදීම අනිවාර්ය අංගයකි. විදේශීය විලාසිතා කෙරෙහි කිසිදු කැමැත්තක් නොදක්වන අතර සාම්ප්‍රදායික ඇදුමට මුල් තැනක් දී කටයුතු කරයි. එම නිසා ඩුබායි රටට සේවය කිරීමට හෝ සංචාරය කිරීමට බලාපොරොත්තු වන කාන්තාවන් සුදුසු ඇදුම් වලින් සැරසීම නුවණට හුරුය.
  • රළු ගති පැවතුම් වලින් තොරව සුහදශීලී ප්‍රියමනාප ආකාරයෙන් සිටීම එරට නීතිය තුළ පිළි ගනී. අන් අය සමග හැසිරීමේ දී වීනිතව සුහදශීලී, ප්‍රියමනාප වූ තරමට ඩුබායි රාජ්‍ය තුළ ප්‍රශංසාව හිමිවේ.
  •  රාමදාන් සමයේ දී ප්‍රසිද්ධ ස්ථානවල ආහාර ගැනීම, ජලය පානය කිරීමට කිසිදු අවසරයක් නැත. රාමදාන් මාසය යනු එරට ශුද්ධ මාසයයි. එම නිසා අහාර ගැනීමට වෙන්වූ ආවරණය කරන ලද ආපනශාලා තිබේ. විශේෂයෙන් මෙම සමයේදී ප්‍රසිද්ධ ස්ථානවල චුයින්ගම් හැපීමත් සපුරා තහනම්ය.

මෙම කරුණු සියල්ල පිළිබද නිවැරදි අවබෝධයකින් යුක්තව ඔබ ඩුබායි රටට යන්නේ නම් එරට නීතිය තුළ ඔබ වැරදිකරැවකු වීමෙන් වළක්වා ගනු ඇත.

වැඩබිම

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435