ඩුබායි ගුවන්තොටින් යන එන ඔබට සුපිරි අත්දැකීමක්

ලෝකයේ නොමිලේ වයි-ෆයි අන්තර්ජාල පහසුකම් සපයන ගුවන් තොටුපලවල් අතරින් ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපල පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇති බව අන්තර්ජාල වේග පරීක්ෂණ සහ විශ්ලේෂණ ආයතනයක් වන ඕක්ලාසමාගම ගුවන් තොටුපලවල් ආශ්‍රීතව සිදුකරන ලද ස්වාධීන අන්තර්ජාල වේග පරීක්ෂණය වාර්තාවකින් හෙළි වී තිබේ.

මාර්තු මාසයේදි ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපල ඔවුන්ගේ වයි-ෆයි පද්ධතිය විනාඩියකට මෙගා බයිට් 100ක දත්ත වේගයක් පවතින ආකාරයෙන් නවීකරණය කිරීමත් සමගම ලෝකයේ වයි-ෆයි අන්තර්ජාල පහසුකම් සපයන ගුවන් තොටුපලවල් අතරින් පළමු ස්ථානයට පත්වීමට ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපලට හැකි විය.

දකුණු කොරියාවේ අගනුවර පිහිටි සෝල් අන්තර්ජාතික ගුවන්තොටුපලවේගවත්ම අන්තර්ජාල පහසුකම් සපයන ගුවන් තොටුපලවල් දහය අතරින් දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇති අතර download වේගය විනාඩියකට මෙගා බයිට් 26.52ක් වන අතර  upload වේගය විනාඩියකට මෙගා බයිට් 32.76ක් වේ.

ජපානයේ ටෝකියෝ අන්තර්ජාතික ගුවන්තොටුපල වේගවත්ම අන්තර්ජාල පහසුකම් සපයන ගුවන් තොටුපලවල් දහය අතරින් තුන්වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇති අතර download වේගය විනාඩියකට මෙගා බයිට් 18.28ක් වන අතර  upload වේගය විනාඩියකට මෙගා බයිට් 21.89ක් වේ.

වැඩබිම

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435