දීපව්‍යාප්ත බැංකු සේවකයෝ අයවැයට එරෙහි අවි අමෝරයි

ලංකා බැංකු සේවක සංගමය විසින් ඊයේ  (06) දිවා ආහාර පැයේදී දිවයින පුරා ප්‍රධාන නගර දහයක් ආවරණය වන පරිදි එහි ශාඛා බැංකු පරිශ්‍රයන්හි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබිණි.

2018 අයවැය යෝජනාවලියේ අන්තර් ගත වන රාජ්‍ය බැංකු කොටස් වෙළඳපලේ විකිණීම, බැංකු වනසමින් ජනතාව පෙළන බැංකු ගනුදෙනු මත සිදුකෙරෙන බදු, කම්කරු අයිතීන් විනාශ කරන අණ පනත් සංශෝධනවලට එරෙහිව හා කම්කරු නීති නොතකා මහජන බැංකුව ඇතුළු බැංකු පාලකයින් ගෙනයන අසාධාරණ වෘත්තීය සමිති මර්දනයට එරෙහිව බැංකු සේවකයින් හා ජනතාව පෙළගැස්වීමේ අරමුණ ඇතිව මෙම උද‍්ඝෝෂණ සිදුකර ඇත.

අම්පාර, ගාල්ල, නුවරඑළිය, ගම්පහ, කුරුණෑගල, අම්බලන්ගොඩ, මාතර ඇතුළු ප්‍රධාන නගර දහයක සේවක සේවිකාවන් මෙම විරෝධතාවන්ට එක්වූ බවත්, ඒවා ඉතා සාර්ථකව පැවති බවත් වැඩබිම වාර්තාකරුවන් පෙන්වාදෙයි.

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435