දුම්රිය රියැදුරු-නියාමකවරු ඊයේ මැදියමේ සිට අඛණ්ඩව වැඩ වරයි

දුම්රිය රියැදුරු සහායකවරුන් බඳවාගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරගනිමින් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් වැඩවර්ජනයක් ආරම්භකර තිබේ.

ඔවුන්ගේ ගැටළුව සම්බන්ධයෙන් ඊයේ දහවල් බලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙන නමුත් එහිදී යහපත් ප්‍රතිචාර නොලැබුණු නිසා මෙලෙස වැඩවර්ජනයට අවතීරණය වීමට ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පියවර ගෙන තිබේ.

දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟ ඊයේ පස්වරුවේ සිට කොළඹ කොටුවෙන් ධාවන කටයුතු ආරම්භ කරන දුම්රියන් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට කටයුතු කිරීමත් සමඟ ඊයේ දිනයේ දුම්රියේ ගමන් කිරීමට පැමිණි මඟීන් කොටුව දුම්රිය ස්ථානයේදී නොසන්සුකාරී ලෙස හැසිරුණු අතර එය පාලනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් ද යෙදවීමට සිදුවී තිබේ.

කිසිදු දැනුම්දීමකින් තොරව හදිසියේ වැඩවර්ජනය කැඳවීමට හේතුව බලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා බව ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පී.එම්.පී. පීරිස් මහතා වැඩිදුරටත් සදහන් කරයි.

වැඩබිම

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435