නීති විරෝධී සංක්‍රමණිකයින් පිටුවහල් කිරීමට ඕස්ට්‍රේලියාව සැරසෙයි

ඔස්ට්‍රේලියාවට මුහුදු මාර්ග ඔස්සේ නිති විරෝධීව පැමිණෙන සංක්‍රමණිකයින් සිය ගණනක්  පිටුවහල් කිරීමට එරට රජය දැඩි තීන්දුවක් ගෙන තිබේ.

2008 – 2013 කාලයේදී යාත්‍රා මගින් නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින්ට හැකි ඉක්මනින් Protection Visa සදහා අයදුම් කරන ලෙසත් එහිදී ඔක්තෝම්බර් 01 වෙනි දිනට පෙර අයදුම් කිරීම කළ යුතු බවත් පසුගිය මැයි මාසයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිල වශයෙන් නිවේදනය කරන ලදී.

එසේ නොකරන පුද්ගලයින් රටින් පිටුවහල් කරන බවට එම නිවේදනයේ පැහැදිලිව දක්වා තිබු නමුත් මේ වනවිටත් Protection Visa සදහා අයදුම් නොකළ පිරිස් සිටින බවට අනාවරණය වී තිබේ.

පසුගිය සැප්තැම්බර් 27 වන දින විට එලෙස Protection Visa සඳහා අයදුම් නොකළ නීති විරෝධී සංක්‍රමණිකයින් ගේ සංඛ්‍යාව 531 ක් බව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ දෙපර්තම්නේතුව පෙන්වා දුන් අතර ඔවුන් අතුරින් බහුතරය ශ්‍රී ලංකාව, මැද පෙරදිග, ඉරාකය සහ වියට්නාමය වැනි රටවලින් පැමිණි බව ද තහවුරු විය.

පසුගිය මැයි මාසයේ නිවේදනය නිකුත් කරන විට Protection Visa සඳහා අයදුම් නොකළ නමුත් රජයේ සුබ සාධන දීමනා ලබන නීති විරෝධී සංක්‍රමණිකයින් 7500 ක් පමණ සිටින බවට  තහවුරු වී තිබූ අතර ඔවුන්ට කඩිනමින් වීසා සදහා අයදුම් කරන ලෙස රජය නිවේදනය කර තිබුණි.

ඒ අනුව ඔක්තෝම්බර් 01 වෙනි දින වන විටත් වීසා අයදුම් නොකළ පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට අමතරව ඔවුන්ගේ සුබ සාධන දීමනාද අත්හිටුවීමට රජය පියවර ගනු ඇත.

ඔක්තෝබර් 01 වන දිනට පෙර Protection Visa සඳහා අයදුම් කළ පුද්ගලයින් හට ඉදිරි මාස 6 ත් 12 ත් කාලය ඇතුළත රජයෙන් කැඳවීමක් ලැබෙනු ඇති බවද පැවසේ.

වැඩබිම

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435