බලශක්‌ති අධිකාරි අධ්‍යක්‍ෂවරයාගේ ඉල්ලා අස්‌වීම ගැන කසුකුසුවක්‌?

සුනිත්‍ය බලශක්‌ති අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයකු වන අජිත් අල්විස්‌ මහතා එම ධුරයෙන් හදිසියේම ඉල්ලා අස්‌වී තිබේ.

ඒ මහතාගේ ඉල්ලා අස්‌වීමට හේතුව වශයෙන් දක්‌වා ඇත්තේ පෞද්ගලික අසනීප තත්ත්වයක්‌ වුවද යහපාලන රජයේ කැබිනට්‌ ඇමැතිවරයකුගේ බලපෑම් මත හෙතෙම ඉල්ලා අස්‌වන්නට ඇතැයි එහි වෘත්තීය සමිති කියා සිටිති.

ටෙන්ඩර් ප්‍රදානය කිරීමේදී ඇතිවූ ගැටළුවක්‌ මෙම ඉල්ලා අස්‌වීමට හේතු වන්නට ඇතැයිද එම සමිති වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435