මේ වැදගත් සිහිපත් කිරීම කුවේටයේ ලාංකිකයින්ටයි!

කුවේටයේ නීතිවිරෝධී අන්දමින් රැඳී සිටින විදෙස් ශ්‍රමිකයින්ට ලබා දුන් දින 25ක පොදු සමා කාලය මේ වනවිට අවසන් වෙමින් පවතී.

ජනවාරි මස 29 වෙනි දින සිට පෙබරවාරි මස 22 දක්වා ලබා දුන් මෙම කාලය තුළ නීති විරෝධී අන්දමින් රැඳී සිට විදේශිකයින්ට කිසිඳු නීතිමය බාධාවකින් හා දඬුවමකින් තොරව මව් රටවල් බලා යාමට හැකියාව සැලසී තිබේ.

මේ වනවිට මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිට ලාංකික ප්‍රජාවට තානාපති කාර්යාලයෙන් දිනපතා තාවකාලික ගමන් බලපත්‍ර ලබා දීම සිදුකරන අතර එහිදී පුද්ගලයින්ට ලබා දුන් තුණ්ඩු අංක ක්‍රමවේදයකට අනුව බලපත්‍ර නිකුත් කරනු ලබයි.

ඒ අනුව අද දිනයේ බලපත්‍ර ලබා ගැනීමට නියමිත අයගේ තුණ්ඩු අංක කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිවේදනය කර තිබෙන අතර පෙරවරු 09.00 සිට පස්වරු 08.00 දක්වා තානාපති කාර්යාලයේදී නිකුත්කරන බව දන්වා තිබේ.

අදට නියමිත තුණ්ඩු අන්ක පහත දැක්වෙන ලින්කුවෙන් පිවිසී දැනගැනීමට හැකි අතර එහි ඔබේ අංකය සඳහන් වේ නම් නොපමාව ගොස් ඔබේ තාවකාලික ගමන් බලපත්‍රය ලබා ගන්න.

වැඩබිම

තුණ්ඩු අංක ඇතුළත් පත්‍රිකාවට මෙතනින් පිවිසෙන්න.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435