වසරේ කාන්තාවට පිදෙන රන් සම්මානය තලතා අතුකෝරළට

2017.07.14 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති Top “50” Professional & Career Women Awards Sri Lanka-2017 සම්මාන උළෙලේදී වසරේ කාන්තාව ලෙස (Woman of the year) රන් සම්මානය විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියට හිමිවිය. මෙහිදී විදෙස්ගත ශ‍්‍රමිකයින් වෙනුවෙන් සිදුකළ සේවාවන් හා දේශපාලනික වශයෙන් එතුමිය ලබාගත් ජයග‍්‍රහණයන් හා සිදුකළ සුවිශේෂි දායකත්වය වෙනුවෙන් IFC (International Finance Cooperating) ආයතනය විසින් හා Women in Management ආයතනය විසින් මෙම සම්මානය පිරිනමන ලදී.

සිය සොහොයුරා වන දිවංගත ගාමිණි අතුකෝරළ මහතාගේ අභාවයෙන් පසු 2004 වසරේ දේශපාලනයට පිවිසි තලතා අතුකෝරළ මහත්මිය එතැන් පටන් පැවති පාර්ලිමේන්තු මැතිවරණවලදී නොකඩවා රත්නපුර දිස්ති‍්‍රක්කයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ පළමුවැනියා ලෙස වැඩිම මනාප ලබා ගත්තාය. එසේම 2015 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉදිරිපත් වූ කාන්තා අපේක්‍ෂිකාවන් අතරින් මනාප 144960 ක් ලබා ගනිමින් පළමු ස්ථානය හිමිකර ගන්නා ලදී.

2015 වසරේ විදේශ රැකියා අමාත්‍ය ධූරයේ වගකීම භාරගත් අතුකෝරළ මහත්මිය, විදේශ රැකියාවල නිරතවන ලාංකික ශ‍්‍රමිකයින් වෙනුවෙන් විශේෂ සුභසාධන වැඩසටහන් රාශියක් ආරම්භ කර ඇත. එසේම 2016 වසරේ විගමණික ශ‍්‍රමිකයින් සපයන රටවල් හා ශ‍්‍රමිකයින් ලබාගන්නා රටවල් අතර පැවති කොළඹ කි‍්‍රයාදාමය සමුළුවේ වසර 2ක් සඳහා සභාපති ධූරයට තේරී පත්විය. එසේම 2017 වසරේ ජනවාරි මාසයේ පැවති අබුඩාබි සංවාදය සමුළුවේ සභාපති ධූරයට අමාත්‍යතුමියට හිමිවිය.

වැඩබිම

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435