සම්බාධක පැනවූ රටවලට කටාරය ක්‍රියාවෙන්ම පිළිතුරු දෙයි

කටාර් අර්බුදයත් සමඟ සෞදිය ප්‍රමුඛ සෙසු ගල්ෆ් රටවල් විසින් අවහිරතා ඇති කළත් කිසිදු වෙනසකින් තොරව කටාරයේ “ප්‍රයිමරි හෙල්ත් කෙයාර් මධ්‍යස්ථානය” (Primary Health Care Corporation (PHCC) ) විසින් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා බහරේනය යන රටවල වැසියන් 15,000කට අධික ප්‍රමාණයකට සිය සේවා සපයා තිබෙන බව පෙන්වා දී තිබේ.

මෙම රටවල් පසුගිය ජූනි මස 05 වෙනි දිනෙන් පසුව කටාරයට සම්බාධක පනවා සියළු රාජ තාන්ත්‍රික සබදතා අත්හැර දැමූවත් සෞඛ්‍ය සත්කාර ලබා දීමේදී කිසිඳු වෙනසකින් තොරව ඔවුන්ගේ සේවය ලබා දී ඇති බව අවධාරණය කරයි.

කටාරයට සම්බාධක පනවා ගෙවූ කාලය අතරතුර සෞදි වැසියන් 10,550ක්, බහරේන් වැසියන් 3,353ක් සහ UAE වැසියන් 1284ක් වෙනුවෙන් මෙලෙස ප්‍රතිකාර ලබා දී තිබේ.

එහිදී සෞඛ්‍ය මධ්‍යස්ථාන 23ක් යටතේ සාමාන්‍ය සේවා සපයා තිබෙන අතර පළපුරුදු වෛද්‍ය කණ්ඩායම්  විසින්   වෙනසකින් තොරව සම්බාධක පැනවූ  රටවල වැසියන්ට ප්‍රතිකාර ලබාදීමට ඉදිරිපත්වී තිබීම සුවිශේෂී කාරණයකි.

සෞඛ්‍ය සේවයේදී පොදු ජනයා වෙනුවෙන් භේදයකින් තොරව සේවා සැපයීම අනිවාර්ය බවත් එහිදී සම්බාධක කිසිසේත්ම වැදගත් නොවූ බවත් සෞඛ්‍ය මධ්‍යස්ථානය වැඩිදුරටත් නිවේදනය කර ඇත.

වැඩබිම

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435