සෞදියේ පනවා තිබූ අන්තර්ජාල දුරකථන තහනම් ඉවතට

සෞදි අරාබියේ අන්තර්ජාල දුරකථන ඇමතුම් සදහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට සෞදි රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

තහනම ඊයේ (21) දින සිට ඉවත් කිරීමට කටයුතු යොදා තිබෙන අතර බොරතෙල් අපනයනය කිරීමට අමතරව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කර තිබේ.

සෞදි අරාබිය විසින් 2011 වසරේදී මෙම තහනම පනවනු ලැබුවේ මැදපෙරදිග කලාපයේ පැතිර ගිය අරාබි වසන්තය හේතුවෙනි.

මෙම තහනම ඉවත් කිරීමෙන් පසු සෞදි අරාබියේ සිට ස්කයිප්, වයිබර්, ෆේස්බුක් හරහා ඇමතුම් ලබාගැනීමේ හැකියාව යළි උදාවන බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

වැඩබිම

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435