සෞදියේ මාර්ග රැසක වේග සීමාවල නව වෙනසක්

සෞදි අරාබියේ මහා මාර්ගවල වේග සීමා වෙනසකට ලක්කරමින් සමහර අධිවේගී මාර්ග මත නව වේග සීමා හඳුන්වාදිමට සෞදි රජය කටයුතු කර තිබේ.

මෙම නව වේග සීමා පෙබරවාරි 19 එනම් අද දින සිට එරට තුළ බලපැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.

සෞදියේ මහජන ආරක්ෂාව පිළිබඳ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂකවරයා වන කර්නල් සාමි බින් මුහම්මද් අල් ෂුවාඉක් විසින් නිවේදනයක්ද නිකුත්කරමින් ප්‍රකාශකොට ඇත්තේ මෙම නව වේග සීමාවන් සැහැල්ලු වාහන එනම් කුඩා ප්‍රමාණයේ වාහන සදහා 140kph වේග සීමාවක්, බස් රථ සඳහා 100 kph  වේග සීමාවක් හා ට්‍රක් රථ සඳහා 80 kph  වේග සීමාවක් අදාළ වන බවයි.

එමෙන්ම නව වේග සීමා හඳුනාදීමත් සමඟම එරට තුළ අධිවේගී මාර්ග බොහෝමයක් ඒ වෙනුවෙන්ම ප්‍රතිසංස්කරණය කර තිබීමද විශේෂත්වයකි.

ඒ අනුව Riyadh-Taif Road westwards, Riyadh-Taif Road eastwards, Riyadh-Qassim Road northwards, Qassim-Riyadh Road southwards, Makkah-Madinah Road northwards, Madinah-Makkah Road southwards, Madinah-Jeddah Road southwards  සහ Jeddah-Madinah Road northwards යන මාර්ගවල මෙලෙස වේග සීමා සංශෝධනය වී තිබේ.

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

 

 

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435