අපට ජීවිතය කියා දුන්නු ආදරණීයම ගුරුවරයා … ආදරෙයි !!!

අපට ජීවිතය කියා දුන්නු ආදරණීයම ගුරුවරයා … ආදරෙයි !!!

සෙවන වින්ඳෙමු අපමණක්

සුවය ලද ජන කප්පරක්

විසල් වනයක අරටුලා සැදි

මෙන්ය නුඹ සුවිසල් රුකක් ...

 

මහා පවුරක් මෙන් උවත්

නිහතමානී මෘදු සිතක්

නුඹේ ඇසුරේ ගෙවුණු සමයේ

ලදිමි ගුරු හරු කම් රැසක් ...

 

නුඹේ නික්මන මහ දුකක්

අඩුව පිරවුම සිහිනයක්

විදුහලේ නෙක දනන් හට වුව

නුඹෙන් ලැබුණේ සහනයක් ...

 

නවමු දිවියක ඇරඹුමක්

නිදුක් නීරෝගී හෙටක්

දයාබර අප මැතිතුමියනි

පතමි ආයුෂ සියවසක් ...

 

| සෞම්‍යා කුමුදුනී අබේසිංහ