කළ නොකළ යුතු

ජෝර්දානයේ සමාජ සම්මතයන්

75-night-of-ramadan-festival-with-brightly-lit-crescents-and-stars-jordan rwalla ramadan-iftar-syria-jordan-maklubeh

සම්ප්‍රදායික  සම්මත ඇඳුම් පැළඳුම් – මෙම සම්මත ඇඳුම නම්, ජෝර්දානයේ සහ අනෙකුත් මැද පෙරදිග රටවල කාන්තාවන් සාමාන්‍යයෙන් අඳින ඇඳුම වේ.  ඇතැම් කාන්තාවන් තම හිසකෙස් සළුවකින් නොවැසුව ද කාන්තාවන්ගෙන් බහුතරයක් එසේ කරති.  විනීත ලෙස ඇඳීම සහ පැළඳීම ප්‍රඥාගෝචර ය.

වෙනස්කම්වලට ගරු කිරීම – ඉවසීම ජෝර්දාන් ජාතිකයන්ගේ කැපී පෙනෙන ලක්ෂණයක් වුවද, ජෝර්දානය මුස්ලිම් රටක් බවත්, ආගමික සීමාකිරීම් වලට හා සංස්කෘතිකමය භාවිතාවන්ට බොහෝ ජනතාව ගරු කරන බවත් සැලකිල්ලට ගැනීම වැදගත් ය.  ඇතැම් විට විචක්ෂණශීලී සීමාවක් තබා ගනිමින් අනෙකුත් සංචාරකයන් සමඟ සම්මිශ්‍රණය වීම ජෝර්දාන් ජාතිකයන්ගේ ලක්ෂණයකි.  කෙසේවුවද, ඔවුන්ගේ ආගමික හා සංස්කෘතිකමය අංග ලක්ෂණ පිළිගැනීම හා එවා ගරු කිරීම අසීරු නොවේ.

දකුණු අත හා වම් අත – ඔබ ජෝර්දානයෙහි හෝ වෙනත් යම් මුස්ලිම් රටක සිටින විට ආහාර අනුභව කිරිම සහ පානවර්ග ගැනීම දකුණු අතින් කළ යුතු වේ.  තවද, වෙනත් අයෙකුට ඔබව හඳුන්වා දෙන විට දී ද දකුණු අත භාවිතා කළ යුතුය.  වැසිකිළි භාවිතයෙන් පසුව ශරීරය පිරිසිදු කර ගැනීම සඳහා වම් අත භාවිතා කරනු ලබන අතර, ආහාර අනුභවය සඳහා ඔබේ වම් අත භාවිතා කළහොත් එය අතිශයින්ම පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස සලකනු ඇත.  මුස්ලිම් ජාතිකයන්ගේ විශ්වාසය වන්නේ (මහම්මත්තුමාගේ නීතියක් වන) හදිත් හි සඳහන් කර ඇති පරිදි සාතන් වම් අත පාවිච්චි කරන බවයි.

ස්වදේශකියන් සමඟ චාරිත්‍රානුකුල  ලෙස ආහාර ගැනීම – කුඩා ගම්මානවල ස්වදේශිකයන්ගේ නිවෙස් වෙත පැමිණෙන ලෙස ඔබට ආරාධනා ලැබුණහොත් ඔවුන් බොහෝ දුරට පාරම්පරික සිරිත්විරිත් අනුගමනය කරනු දැකිය හැකි වනු ඇත.  එහිදී පිරිමින් එකට එක්ව ආහාර අනුභව කරනු ඇති අතර, කාන්තාවන් වෙනම, නැතහොත් සමහර අවස්ථාවලදී පිරිමින්ට පසුව ආහාර ගනු ඇත.  එහෙත් ඔබ විදේශිකයකු නිසා ඔවුන් ඔබට යම් අනුග්‍රහයක් දක්වනු ඇති අතර ඒ අනුව ඔබේ බිරිඳට හෝ පෙම්වතියට ද පිරිමින් සමඟ එක්ව ආහාර ගැනීමට අවස්ථාව ලැඛෙනු ඇත.

පිරිමින් හා කාන්තාවන් එකිනෙකා ස්පර්ශ නොකරති – දෙමාපියන්ගෙන් කෙනෙකු හෝ සහකරු හෝ සහකාරිය වන්නේ නම් හැර පිරිමින් හා ගැහැණුන් එකිනෙකා ස්පර්ශ නොකරන බව මතකයේ තබා ගැනීම වැදගත් ය.

ඇතැම් පුද්ගලයින් බටහිර සිරිත් අනුකරණය කරනු දැකිය හැකි වුවද, කාන්තාවක් පිරිමියකු හමුවීමේ දී අතට අත දී ආචාර නොකිරීම සාමාන්‍ය චාරිත්‍රයයි.

ජෝර්දානය තුළ මත්පැන් භාවිතය – ජෝර්දානය මුස්ලිම් රටක් වන හෙයින්, රටතුළ මත්පැන් සුලබ නැති අතර මත්පැන් භාවිතය සහමුලින්ම පාහේ සංචාරකයන්ට සීමා වී ඇත.  මත්පැන්වල මිල ගණන් ඉතා අධික වන අතර, ඒවා අලෙවිය මිල අධික අවන්හල්, අධිමිලට භාණ්ඩ අලෙවිකරණ හෝටල් හා ඉඳහිට දක්නට ලැඛෙන මත්පැන් අලෙවිසැල්වලට සීමා කොට ඇත.

බියර් වඩාත් ජනප්‍රිය මද්‍යසාර පානය බව පෙනෙන අතර, ඇම්ස්ටෙල් ඉන් වඩාත් ජනප්‍රිය හා ලාභදායී ම වර්ගය වේ.  ඇම්ස්ටෙල් ජෝර්දානය තුළ දේශීයව පෙරනු ලබන නමුත්, එය පීප්පයෙන් ලබා ගත හැකි ස්ථාන සොයා ගැනීම අසීරු වන අතර ටින් වශයෙන් පහසුවෙන් මිලදී ගත හැකිය.  මත්පැන් අලෙවිසැලක නම් ජෝර්දාන් ඩිනාර් 3 ක් පමණ වන එහි මිළ හෝටලයක් තුළ තැබෑරුමක නම් ඊට වඩා දෙගුණයක් පමණ වනු ඇත.  තවත් ජනප්‍රිය බියර් වර්ගයක් වන්නේ පෙට්‍රා ය.  එය 8%ක ඇල්කොහොල් ප්‍රමාණයකින් යුත් සැර, එහෙත් ප්‍රනීත හා පානයට පහසු බියර් වර්ගයකි. මෙම බියර් වර්ගය පෙට්‍රාවල හොටල් කිහිපයක මෙන්ම අම්මාන්වල ද මිලදී ගැනීමට තිබේ. ජෝර්දානය වයින් වර්ග සුළු සංඛ්‍යාවක් ද නිෂ්පාදනය කරයි.

දුම්පානය – ෂිෂා යනුවෙන් ද හඳුන්වනු ලබන දුම් පයිප්පය ජෝර්දානයෙහි ඉතා ජනප්‍රිය වන අතර, ජෝර්දානයේ සෑම තැනකම ආපනශාලාවල ජනතාව එම දුම් පයිප්පයෙන් දුම් බොනු දැකිය හැකි වනු ඇත.

මත්පැන් හිඟවීම ෂිෂා දුම්පානය ප්‍රචලිත වීමට එක් හේතුවක් විය හැකි නමුත් එය ඉතාමත් ජනප්‍රිය සමාජයීය ක්‍රියාකාරකමක් ද  වේ.

එහි දුම්කොළවලට පළතුරු රස ගන්වා ඇති හෙයින් එම දුම්කොළ ප්‍රනීත රසයෙන් යුක්ත වන අතර, එහි අඩංගු නිකොටින් ප්‍රමාණය සාමාන්‍ය සිගරට්ටුවක අඩංගු නිකොටින් ප්‍රමාණයට වඩා ඉතා අඩුහෙයින් නිකොටින් භාවිතය හුරු නැති තැනැත්තුට වුවද එය පානය කිරිම පහසුය.

රාමසාන් කාලය – උදෑසන  6 ටත් පෙර සිට හා දිවාකාලය මුළුල්ලේම අවන්හල් වසා තැඛෙන අතර, කුඩා පාරිභෝගික වෙළඳසල්වල හෝ සංචාරකයින්ම සඳහා පමණක් වෙන් වු ස්ථාන වෙත ආහාර සොයා යාමට ඔබට සිදු වනු ඇත.  අන් කවර හේතුවක් නිසා නොව හුදෙක්ම ආචාරශීලිත්වය පළ කිරීම සඳහා, දිවාකාලය තුළ ආහාර නොගැනීමේ මුස්ලිම් ජනතාවගේ චාරිත්‍රයට ගරු කිරීමට ඔබට වුවමනා වුවද, රාත්‍රී කාලයේ දී ද ආහාර ගැනීම සඳහා ස්ථානයන් සොයමින් සැරිසැරීමට ඔබට සිදුවීමට ඉඩ ඇත.  රාමසාන් යනු පවුලේ කටයුත්තක් නිසා හිරු බැස ගිය පසු නිවසේ සිට ආහාර ගැනීම මුස්ලිම් පවුල්වල ප්‍රවණතාවය වේ.  (සංචාරකයන් සඳහා පවතින භෝජනශාලා හැර) අනෙකුත් අවන්හල් රාත්‍රී කාලයේ දී ද විවෘත නොකරනු ඇත.  එහෙයින් හොඳ ආහාරයක් ලබා ගැනීම දුෂ්කර කාර්යයක් වීමට ඉඩ ඇත.  ඔබට අවශ්‍ය වූ විටෙක අනුභවය සඳහා සෑම අවස්ථාවකම කෙටි ආහාර වර්ග රැගෙන යාම උචිතය.

ජනතාවට ආචාර කිරීම – ආචාර කිරීමේ දී පිරිමියෙකු නම් අරාබි කාන්තාවක් තම අත දිගු කරන තෙක් තමා අත දිගු නොකළ යුතු අතර, ඒ හා සමානව කාන්තාවන් ද අරාබි පිරිමියෙකු තම අත දිගු කරන තෙක් තමා අත දිගු නොකළ යුතුය.  බොහෝ කාන්තාවෝ තමන් හොඳින් නොදන්නා පිරිමියෙකු ස්පර්ශ නොකිරීමට වග බලා ගනිති.  බොහෝ පිරිමින් යම් කාන්තාවක්, තමන්ට ඥාති නොවන්නේ නම් ඇයව ස්පර්ශ කිරීමෙන් සම්පූර්ණයෙන් ම වැළකෙති.  එවන් අවස්ථාවල දී ඔවුන් වැළමිට දිගු කරනු ඇති අතර, එවිට එය අතක් මෙන් සෙලවීමට ඔබ උත්සාහ කළ යුතුය.

ස්වදේශිකයන්ගෙන් මාර්ග විස්තර ඇසීම  – ඉංග්‍රීසි භාෂාව බහුලව කථා කෙරෙන අම්මාන් නගරයෙන් පිටත දී ඔබට බොහෝ විට භාෂාමය දුෂ්කරතාවලට මුහණ දීමට සිදු වනු ඇත.  විශේෂයෙන්ම, ස්වදේශිකයන්ගෙන් මාර්ග විස්තර ඇසූවිට, ඔවුන් විවිධ ඉරියව් හා අංගචලන භාවිතා කරන හෙයින් ඔබ ඒවා වරදවා තේරුම් ගැනීමට ඉඩ තිබේ.  කිසියම් දිශාවක් අතින් පෙන්වීම වෙනුවට ඔබ යා යුතු දිශාව පෙන්වීම සඳහා ඔවුන් ඔබේ අත ගෙන, අදාළ අංගචලන දක්වනු ඇත.

විනීත බව හා ඇඳුම – බොහෝ ඉස්ලාම් රටවල මෙන් ජෝර්දානයේ ද විනීත බව, විශේෂයෙන්ම කාන්තාවන්ගේ විනීත බව, මූලික සමාජයීය ලක්ෂණයකි.  සංචාරකයින් බොහෝ දෙනෙකු නුසුදුසු ඇඳුමින් (එනම් කොට කලිසම් සහ අත්කොට ඇඳුමින්) සැරසී මුස්ලිම් හා කතෝලික පල්ලිවලට යනු දැකිය හැකිය.  පූජනීය ස්ථානවල එවන් ඇඳුමින් සැරිසරන එම තැනැත්තන් මුස්ලිම් ජනතාවගේ අප්‍රසාදයට ලක් වනු දැකිය හැකිය.  ඔබ එම ස්ථානවලට යන විට ක්ෂණිකව ඇඳගත හැකි අත් දිග කමීසයක් හෝ දිගු සායක් රැගෙන යාම ඔබේ පහසුව පිණිස වේ.

කොට කලිසම්, කොට සායවල් හෝ ඔබේ දෙකකුල් නිරාවරණය කෙරෙන කවර හෝ ඇඳුමක් නොඇඳීම ප්‍රඥාගෝචරය.  ජෝර්දානය සාපේක්ෂව විවෘත මනසකින් යුත් ජනතාවකගෙන් සමන්විත රටක් වුවද, සිරුර ආවරණය කිරීම රටෙහි චාරිත්‍රය සුරැකීමක් වේ.  සිරුර ආවරණය නොකිරීම නීතියට පටහැනි නොවිය හැකි වුවද එය ඔබ අන් අයගේ අවධානයට ලක්වීමට හේතුවක් වේ.  ඔවුන් ඔබ දෙස රවා බලනු ඇත.  සමහර විට ඔවුන් ඔබ පසුපස එනු ඇත.

 

ජෝර්දානය තුළ කළ නොකළ යුතු දෑ

          සාම්ප්‍රදායික ආචාර කිරීමේ ක්‍රමය, අතට අත දීම වේ.  ජෝර්දානු ජාතිකයන් තම අරාබි සංස්කෘතිය පිළිබඳව ආඩම්බර වන...