කළ නොකළ යුතු

සමාජ සම්මතයන්:

25korea_600 ctc_02_img0599 images (13)

කොරියානු නිවෙසකට ඇතුළුවීමට පෙර සපත්තු ගැලවිය යුතු ය. කුඩා ත්‍යාග දීම සම්ප්‍රදායක් වන අතර, ත්‍යාග දීමේ දී හා ලබා ගැනීමේ දී දකුණු අත භාවිතා කිරීම සම්ප්‍රදායික සමාජ චාරිත්‍රය වේ. සෑමවිටම ජ්‍යෙෂ්ඨත්වයට ගරු කළ යුතු අතර, කෑම මේසයෙහි වාඩි වී සිටින විට වයසින් වැඩිම පුද්ගලයා ආහාර ගැනීම ඇරඹීමට ප්‍රථම ආහාර අනුභව නොකළ යුතු ය. සමාජයීය ජ්‍යෙෂ්ඨත්වය මැන ගැනීම සඳහා බොහෝවිට කොරියානු ජාතිකයන් ක්ෂණිකව ඔබගේ වයස හා විවාහක අවිවාහක බව විමසනු ඇත. ඔබව දැන හැඳින ගන්නා තෙක් ඔවුන් ඉතා නිහඬව හා ලජ්ජාශීලීව සිටිනු ඇති අතර ශරීර ස්පර්ශයෙන් ද වැළකී සිටිනු ඇත.

ඔබගේ බත් පිඟානෙහි කිසි විටෙක ආහාර ගන්නා කෝටු නො තබන්න. අත්ල ඔසවා එක් ඇඟල්ලක් භාවිතා කොට සංඥාවක් කිරීමෙන් යම් තැනැත්තෙකු කැඳවීම කිසි විටෙක සිදු නොකරන්න. ඊට හේතුව එය කොරියානු ජාතිකයන් සුනඛයින් කැඳවන ක්‍රමය වීමයි. යම් තැනැත්තකුගේ නම රතු පාටින් ලිවීම යෝග්‍ය ය. එමගින් මරණය සංකේතවත් කිරීම ඊට හේතුවයි. හතරේ ඉලක්කම අවාසනාවන්ත ඉලක්කමක් ලෙස සැලකෙන අතර, හතරේ ගුණාකාරවලින් ත්‍යාග දීම අශුභ ලෙස සලකනු ලැබේ. යම් දෙයකින් හතක් දීම වාසනාව ගෙන දීමක් ලෙස සැලකේ.

‘හැන්බොක්’ යනුවෙන් හැඳින්වෙන සම්ප්‍රදායික ඇඳුම ප්‍රධාන වශයෙන්ම අඳිනු ලබන්නේ නිවාඩු දිනවල හා විශේෂ අවස්ථාවන්වල දී ය. එහි පිරිමින් සඳහා වන හැන්බොක් ඇඳුම ‘බාජි’ නමින් හැඳින්වෙන අතර එය කොට ජැකට්ටුවකින් හා වළලූකරින් ගැටගසන ලිහිල් කලිසමකින් සමන්විත වේ. කාන්තාවන්ගේ ‘හැන්බොක්’ ඇඳුම ‘චිමා – ජියෝගරි’ නමින් හැඳින්වෙන අතර එය ඇඟවටේ ඔතන රැප් එරවුන්ඩ් සායකින් හා විවෘත කෙටි ජැකට්ටුවකින් යුක්ත වේ.

කොරියාවේ ඔබට වැදගත් ඔවදනක්…!

දකුණු කොරියාවේ සංක්‍රමණික සේවකයින් පිලිබඳ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වී ෆ්‍රෙන්ඩ්ස් (We Friends) සංවිධානයේ විධායක...