රටතොට විත්ති

Flag_Maledives 1

මාලදිවයින

මාලදිවයින වූ කලී නිල්වල් ගැඹුරු මුහුදු, ටෝක්විස් පර, සුදුමුදු වැලිතලා සහිත රමණීය වෙරළ හා තල්ගස්වලින් අලංකෘත රටකි. එමෙන්ම මාලදිවයින කාලාන්තරයක් තිස්සේ සහනශීලී සාමකාමී දිවිපෙවතක් ගත කරන ජනතාවක් වාසය කරන්නා වූ රටක් ලෙස ද ප්‍රකට ය. වෙරළක හිඳගෙන සිටිමින් මධුවිතක් අතැතිව සන්ධ්‍යාවේ හිරු අවරට යාම නැරඹීමට උචිතම ස්ථානය මාලදිවයින වන බව පැවසිය යුතු ය. එය ඔබ වෙරලේ හිඳගෙන සිටින විට එම ස්ථානයෙන්් හුදෙක් පියවර කිහිපයක් ඔබ්ඛෙන් සුපැහැදිලි කොරල් පර වටා පිහිනා යන දහස් ගණන් මත්ස්‍ය සේනාවන්ගේ මන බඳින දසුන් ඔබට දැක ගත හැකි විස්මිත භූගෝලීය නිර්මාණයකි.

වේලාව : ග්‍රිනිච් වේලාව + පැය 5

අගනුවර පිහිටි දූපත :       මාලේ

මුළු දූපත් සංඛ්‍යාව :        1,190

ජනාවාස පවතින දූපත් සංඛ්‍යාව :  200

සංචාරක නිකේතන සහිත දූපත් සංඛ්‍යාව :       105

ජනගහනය  :     ආසන්න වශයෙන් 350,000

ප්‍රධාන කර්මාන්ත :         සංචාරක ව්‍යාපාරය සහ ධීවර කර්මාන්තය

මුදල් ඒකකය :   රුෆියා (ඇ.එ.ජ ඩො 1 = මාලදිවයින් රුෆියා 15.42)

රජයේ කාර්යාල වේලාවන් : ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා – පෙ.ව. 8.00 සිට ප.ව. 3.00  දක්වා

බැංකු කාර්යාල වේලාවන් : ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා – පෙ.ව. 9.00 සිට ප.ව. 3.00  දක්වා

 

භූගෝලීය කරුණු

මාලදිවයින් ජනරජය, සැතපුම් 417ක් (කි.මී. 671ක්) පමණ ශ්‍රී ලංකාවට නිරිත දෙසින් ඉන්දියන් සාගරයේ පිහිටි කොරල් පර වළල්ලකින් සුසැදි දූපත් සමූහයකි. කොරල් දූපත් 1190 කින් සමන්විත වන එය වර්ග සැතපුම් 35,200ක් (වර්ග කි.මී. 90,000ක්) පුරා විසිරී පැතිරී ඇත. එහි සියලුම දූපත් මුහුදු මට්ටමෙන් අඩි හයකට වඩා නොවැඩි උසකින් පිහිටා තිබීමේ හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ ධ්‍රැවීය අයිස් වැස්ම දියවී යාම සිදුවන තත්වයක් හමුවේ මාලදිවයිනට සෘජු භූගෝලීය තර්ජනවලට මුහුණ දීමට සිදු වී ඇත.

 

ඉතිහාසය

images (9) history maldives_history

(මාලදිවයින් දූපත් ලෙස පෙර දි හඳුන්වනු ලැබූ) මාලදිවයින, ක්‍රි. පූ. 5 වන සියවසේ දී ඉන්දියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් පැමිණි බෞද්ධ නාවිකයන් විසින් ප්‍රථමයෙන් ම ජනාවාස කොට ගත්හ. ඓතිහාසික මූලාශ්‍රවලට අනුව වර්ෂ 1153 දී මාලදිවයින තුළ ඉස්ලාම් ධර්මය පිළිගනු ලැබීය. මුල්කාලීනව මාලදිවයින් දූපත් ලංකාවේ (වර්තමාන ශ්‍රී ලංකාවේ) ආධිපත්‍යයට නතු වී පැවතුණි.  1887 දී බ්‍රිතාන්‍ය රැකවරණය යටතට පත් වු මෙම දූපත් 1948 වර්ෂය වන තෙක් එවකට යටත් විජිතයක් ව පැවති ලංකාවේ යටත් ප්‍රදේශයක් ලෙස පැවතුණි. මාලදිවයින 1965 ජූලි මස 26 වන දින බ්‍රිතාන්‍ය සමඟ ස්වාධීනතා ගිවිසුමක් අත්සන් තබන ලදී. ශතවර්ෂ ගණනක් තිස්සේ සුල්තාන් රාජ්‍යයක් වශයෙන් පැවතුනු මාලදිවයින් දූපත් 1952 වසරේ දී ජනරජයක් බවට පත් වූ නමුදු, එය 1954 දී නැවතත් සුල්තාන් රාජ්‍යයක් බව පරිවර්තනය කෙරුණි. කෙසේවුවද, 1968 වර්ෂයේ දී ජනමත විචාරණයක ප්‍රතිඵලයක් ලෙස මාලදිවයින නැවතත් ජනරජයක් බවට පත් විය. 1968 වර්ෂයේ සිට ධූරය දැරූ ආඥාදායක ජනාධිපති ඊබ්‍රහිම් නසීර් ධූරයෙන් ඉවත් කොට 1978 දී වඩාත් ප්‍රගතිශීලී මයුමූන් අබ්දුල් ගයුම් එම ධූරයට පත් කරන ලදී. ගයුම්, 2003 වර්ෂයේ දී 6 වන වරටත් පස් අවුරුදු කාලයක් සඳහා තෝරා පත්කර ගැණුනි.

 

කාලගුණය  හා  සංස්කෘතිය

maldives-art1 download (2) images (8)

සෞන්දර්යත්වයෙන් අනූන කාලගුණ රටාවක් මාලදිවයිනට උරුම වී ඇත. හිරු එළියෙන් නැහැවෙන දවාල, මඳ පවන මුසු රාත්‍රිය, සෞම්‍ය උදෑසන හා දේදුනු වර්ණැති සන්ධ්‍යාවන් අතිශයින් ම සුන්දර ය. උෂ්ණත්ව වෙනස්වීම් සිදුවීම ඉතා දුර්ලභය. වර්ෂය පුරාම සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් පමණ වේ. තුරුමුදුන් අතරින් එබිකම් කරමින්, ඔබගේ දෙපා මුල රේන්ද රටා මවමින් හා ඔබගේ සියොළඟ උණුසුම් කරමින් නැඟෙන සූර්යාලෝකය දිනය මුළුල්ලේම පවතින අතර එය බොහෝ දිනවල ඒකාකාරී ස්වරූපයක් ගනී.

මාලදිවයිනේ පැහැදිලි දේශගුණික කාලපරිච්ඡේද දෙකක් දක්නට ඇත. එනම් වියලි කාල පරිච්ඡේදය (ඊසාන දිග මෝසම) සහ වැසි කාල පරිච්ඡේදය (නිරිත දිග මෝසම)  වේ.  වියලි  කාල පරිච්ඡේදය ජනවාරි සිට මාර්තු දක්වා වන අතර වැසි කාලපරිච්ඡේදය මැයි මැද භාගයේ සිට නොවැම්බර් දක්වා වේ.

මාලදිවයිනෙහි (විශේෂයෙන්ම නිරිත දිග මෝසම් සමයෙහි) කලාතුරකින් දක්නට ලැඛෙන ගිගුරුම් සහිත සුළි කුණාටු සහිත කාලය සූර්යාලෝකයට ලැඛෙන මඳ විරාමයක් වැනිය. වැහිබර අහස්කුස, නිල්වන් අළු පැහැ ගැන්වෙන මුහුද හා අකුණු ගිගුරුම් කාලගුණය පිළිබඳ මනා අනාවැකි සපයයි. නීලව්රණ, තෙත බරිත පරිසරයෙහි උණුසුම් වායුව, ඇදහැලෙන වැස්සෙහි ඇවිද යාමට ඔබව පොළඹවන අතර එය ඔබට ආනන්දනීය අත්දැකීමක් ගෙන දෙනු ඇත. උණුසුම්  සාගර ජලයේ වැස්සෙහි පිහිණීම ඔබගේ ගත සිත තවදුරටත් කුල්මත් කරනු නොඅනුමාන ය.

ඓතිහාසිකව මාලදිවයින කෙරෙහි විදේශිකයන් දැක්වූ උනන්දුව මත සිදු වූ නානාවිධ සංස්කෘතික සංයෝජනයන් මත වර්තමාන මාලදිවයින් දූපත්වාසීන්ගේ සංස්කෘතික අනන්‍යතාවය ගොඩ නැගී ඇත. දූපත්වාසීන්ගෙන් බහුතරය සුන්නි මුස්ලිම් ජාතිකයින් වන නමුදු, ක්‍රි.පූ. 3 වන සියවසේ සිට ක්‍රි.ව. 12 වන සියවස දක්වා ප්‍රගුණ කරන ලද බෞද්ධාගමේ උරුමය, මාලදිවයින් ජාතිකයන්ගේ සම්ප්‍රදායයන් හා ආචාර විධි කෙරෙහි චිරන්තන බලපෑමක් එල්ල කර ඇත. මාලදිවයින් වැසියන් ක්‍රියාශීලී, අවංක, ආගන්තුක සත්කාරයට ලැදි හා මිත්‍රශීලී ජනතාවක් බව ඔබට අවබෝධ වනු ඇත.

මාලදිවයිනේ පිළිගත් ලබ්ධිය ඉස්ලාම් වුවද, අද්භූත මාලදිවයින් වෘත්තාන්ත සහ සම්ප්‍රදායික ජනශ්‍රැති බොහෝ දූපත් ජන ප්‍රජාවන් අතර දැනුදු වැදගත්කමක් උසුලයි. දේශීය ඛෙර නදට ඔබ සවන් දුනහොත් ඔබට අප්‍රිකාවේ නාද රටා ප්‍රතිරාවය වනු ඇසෙනු ඇත. ඔබ ‘දෝනි’ රුවල් නැව දුටුවහොත් ඔබට අරාබි ඔරු සිහියට නැඟෙනු ඇත.  පෞරාණික මුස්ලිම් පල්ලිවල කැටයම් නෙලන ලද ලී බාල්කවල ඇති සංකීර්ණ මෝස්තර සහ හස්ත කෞශල්‍යය පරීක්ෂා කළහොත් ඔබට සමකාලීන අග්නිදිග ආසියානු ගෘහ නිර්මාණ ශිල්පය නිරීක්ෂණය වනු ඇත. ඊට අමතරව, වියන ලද කලාල සහ සම්ප්‍රදායික ඇඳුම් පැළඳුම්වල ජ්‍යාමිතික රටා තුළින් ගම්‍යවන ආදිකාලීන වෘත්තාන්ත ඔස්සේ ඔබට ස්වදේශික පුරාවෘත්ත දැන ගැනීමට හැකි වනු ඇත.

කොරල් දූපත්වල වාසය කරන ස්වදේශික ජනතාවගේ බාහිර පෙනුම දූපතින් දූපතට වෙනස්වන අතර ඔවුන්ගේ ශරීර ලක්ෂණ දකුණු හා අග්නිදිග ආසියානු, අප්‍රිකානු හෝ අරාබියානු ජාතිකයන්ගේ අංග ලක්ෂණවලට ඛෙහෙවින් සමාන ය. සෑම අයෙක් ම ‘දිවේහි’ භාෂාව කථා කරන නමුදු හුදෙකලා දූපත් පිහිටි දකුණු දෙසට වන්නට උප භාෂාවන් සමාන නැත.

ජනාවාස පිහිටුවා ඇති මාලදිවයින් දුපත් සහ මාලේ දූපත වෙත යන විට ඔබගේ සිරුර සුදුසු ලෙස ආවරණය කර ගෙන යා යුතු ය. පිරිමින් සඳහා කොට කලිසම සහ කමිසයක් සුදුසු වන අතර කාන්තාවන් තම උඩුකය සහ කලවා ආවරණය කළ යුතු වේ.

පිහිනීමේ දී  නාන කොට කලිසම්, බිකිනි සහ වෙරළට සුදුසු වෙනත් ඇඳුමක් සංචාරක නිකේතන ආශ්‍රිත සාමාන්‍ය ඇඳුම වන නමුත්, ජනාවාස වී ඇති දූපත්වල එකී ඇඳුම් භාවිතය උචිත නොවේ. ප්‍රසිද්ධ ස්ථානවල නිරුවතින් සිටීම තහනම් බව මතක තබා ගැනීම වැදගත් ය.

සම්ප්‍රදායක් ලෙස මාලදිවයින් ජාතිකයෝ අතැඟිලිවලින් ආහාර අනුභව කරති. ඔබ ස්වදේශීය සම්ප්‍රදාය අනුගමනය කිරීමට අදහස් කරයි නම්, වමතින් ආහාර ඇල්ලීම සනීපාරක්ෂාවට අහිතකර බව සැලකේ. ඔබට එය සැකසහිත නම්, ආහාර අනුභවයේ දී  හැන්දක්  භාවිත  කිරීම ආරක්ෂාකාරී  වනු ඇත.

මාලදිවයිනේ සුකොමළ දේශීය පරිසරය පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න. කිමිදීමේ දී හෝ ස්නෝකල් කිරීමේ දී කොරල් ඇල්ලීම හෝ කොරල් ඇහිඳීම නො කරන්න. මිතුරන්ට ආචාර කිරීමේ දී මෙන්ම අමුත්තන්ට ආචාර කිරීමේ දී ද මාලදිවයින් ජාතිකයෝ ‘අසලාම් අලෙයිකුම්’ යන වදන් භාවිතා කරති. ස්තුති කිරිම  සඳහා ‘ෂුකුරියා’ යන වදන භාවිතා කරනු ලැබේ.

සන්නිවේදනය

මාලදිවයිනේ, අන්තර්ජාතික සන්නිවේදන සබඳතා සංකේත අංකය +960 වේ. බාහිර දුරකථන ඇමතුම් සංකේත අංකය වන්නේ 00ට පසුව අදාළ රටේ සංකේත අංකය වේ. (උදා: ඇමෙරිකා එක්සත් ජනපදය සඳහා 001). නගර/ප්‍රාදේශීය සංකේත අංක අවශ්‍ය නොවේ. සියලූම සංචාරක නිකේතන ආශ්‍රිතව අන්තර්ජාතික සෘජු දුරකථන ඇමතුම් පහසුකම් (IDD පහසුකම්) තිඛෙන බව අපගේ සංචාරක නිකේතන වෙබ් පිටුවලින් ඔබ දැක ගන්නට ඇත. ජනාවාස වී ඇති දූපත් සියල්ලේ ම කාඩ්පත් දුරකථන තිඛෙන බව අප සොයා ගෙන ඇත.

ඔබ ජංගම දුරකථනයක් භාවිතා කරයි නම්, ප්‍රධාන දූපත් පමණක් ජංගම දුරකථන ජාලයෙන් ආවරණය වන බව අප පෙන්වා දිය යුතු ය. දේශීය සන්නිවේදන පහසුකම් සපයන සමාගම්, බොහෝ අන්තර්ජාතික ජංගම දුරකථන සන්නිවේදන පහසුකම් සපයන සමාගම් සමඟ සම්බන්ධතා පහසු කරන GSM 900 ජාලය භාවිතා කරති.

මාලදිවයින සඳහා වන දුරකථන රෝමින් (Roaming) ගාස්තු මිල අධික විය හැකි හෙයින්, ඒ පිළිබඳව සොයා බලා දැනුවත් වීම ප්‍රයෝජනවත් විය හැකිය.