EPS ඉතිහාසයේ වාර්තාගත ශ්‍රමික පිරිසක් මව් බිමෙන් කොරියාවට

2016 වර්ෂය දකුණු කොරියාවට ශ‍්‍රමිකයින්  වැඩියෙන්ම ගිය වර්ෂයයි – -ඇමතිනී තලතා අතුකෝරළ කියයි

මෑත ඉතිහාසයේ දකුණු කොරියාවට ශ‍්‍රමිකයින් විදේශගත වූ වැඩිම වර්ෂය ලෙස 2016 වර්ෂය හැඳින්විය හැකි බවත් එය ප‍්‍රමාණාත්මකව 6635 වන බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය. ඇය මෙම අදහස් ප‍්‍රකාශ කලේ, ඊශ‍්‍රායල් රාජ්‍යයේ කෘෂිකාර්මික අංශයේ රැකියා අවස්ථා හිමි ශ‍්‍රමිකයින් 19 දෙනෙකු සඳහා ගුවන්ටිකට්පත් ලබා දීමේ අවස්ථාවට 2017-08-08 වන දින විදේශ රැකියා ඒජන්සි ආයතනයේදී එක්වෙමිනි.

”ශී‍්‍රී ලංකීය ශ‍්‍රමිකයින්ට දකුණු කොරියාව තුල හොඳ රැකියා වෙළඳපොලක් පවතින අතර ඒ සඳහා පිටත්ව යන ශ‍්‍රමිකයින් තම යුතුකම සහ වගකීම නිවැරදිව හඳුනාගත යුතු බවත් සිය සේවා කාලය අවසන් වීමෙන් පසු නැවත දිවයිනට පැමීනීමේ වගකීම ශ‍්‍රමිකයින් සතුවන බවත් අමාත්‍යතුමිය සඳහන් කළාය.

මෙහිදී 2015 වර්ෂයේ දී දකුණු කොරියාව සඳහා ශ‍්‍රමිකයින් 5006 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර 2016 වර්ෂයේදී එය 1529 ක ප‍්‍රමාණයකින් වැඩි වී තිබේ. එසේම 2017-08-09 වන දින වන  විට ශ‍්‍රමිකයින් 2134 දෙනෙකු පිටත්ව ගොස් තිබෙන බවත් අමාත්‍යතුමිය සඳහන් කළාය.

මේ වන විට කොරියාවේ කි‍්‍රයාත්මක වන පොදු සමා කාලය තුලදී කොරියාවේ නීති විරෝධීව රැඳී සිටින ශ‍්‍රමිකයින් හට නැවත පැමිණීමට අවස්ථාව උදාවී තිබෙන බවත් එම අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගන්නා ලෙසත් අමත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.

වැඩබිම

 

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435