UAEහිදී සයිබර් නීති කඩකළොත් ලැබෙන දඬුවම දරුණුයි

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසභ්‍ය විඩියෝ පල කිරීමට එරෙහි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කළ කාන්තාවකට එරට අධිකරණය විසින් ඩිර්හම් 250,000ක දඩයක් හා වසරක සිරදඬුවමක් නියමකර තිබේ.

මෙලෙස අබු ඩාබියේ ෆෙඩරල් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් ලබා දී ඇත්තේ එරට සේවය කළ අරාබි කාන්තාවකට වන අතර ඇය විසින් මහජන සදාචාරය උල්ලංඝනය කරන අසභ්‍යත්වය ප්‍රකට කරන වීඩියෝ පට සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍රචාරය කිරීමේ වරදට වරදකරු වී ඇත.

නිල උසාවි ලේඛන  හෙළිදරව් කරන කරුණු වලට අනුව  පසුගිය දෙසැම්බර් මස අදාළ කාන්තාව අත් අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග ලබා දි තිබෙන අතර ඇය විසින් Twitter, Snapchat  සහ  Instagram හරහා මෙම වීඩියෝපට මුදාහැර තිබෙන බවට තහවුරුකර තිබේ.

සිර දඬුවම් කාලය අවසන් වූ පසු අදාළ කාන්තාව එක්සත් අරාබි එමීරයෙන් පිටුවහල් කිරීමට නියමිත අතර ඇය සතු සමාජ මාධ්‍ය ගිණු සියල්ලක්ම පාහේ අක්‍රීය කිරීමටද කටයුතු කර ඇත.

එමෙන්ම සමාජ මාධ්‍ය ජාල භාවිතයේදී ඒ සම්බන්ධයෙන් වන නීතිරීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහි නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් මේ සිදුවීම එරට වෙසෙන සමාජ මාධ්‍ය ජාල භාවිතාකරන දෙස් විදෙස් සියළුම දෙනාට සයිබර් නීති රීති හා නීති උල්ලංඝනය කළ විට ලැබෙන දඬුවම් ගැන සිහිපත් කර දීමත් සිදුවෙන බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

වැඩබිම

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435