නුවරඑළියෙන් ජාතික හැඳුනුම්පත එක් දිනකින්

නුවරඑළියෙන් ජාතික හැඳුනුම්පත එක් දිනකින්
  • විදේශ ගමන් බලපත්‍රයට ඇඟිලි සළකුණු තියන්නත් පහසුකම්

නවීන පහසුකම් වලින් සමන්විත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නව කාර්යාලය  නුවරඑළිය ලේඩි මැකලම් පාර අංක 95/26/A දරන ස්ථානයේ විවෘත කෙරිණ. මෙහිදී ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව මෙන්ම විදේශ ගමන් බලපත්‍ර සඳහා ඇඟිලි සලකුණු ලබා ගැනීමද සිදුකෙරේ.

මෙම නව කාර්යාලය විවෘත කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදුකෙරුණු අතර, මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී. බී. රත්නායක, මරුදපණ්ඩි රමේශ්වරන්, වී.රාධාක්‍රිෂ්ණන්  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී, ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.