ජාතික ගුරු සභාව පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ජාතික ගුරු සභාව පිහිටුවීමට කැබිනට් අනුමැතිය

අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයක් හරහා ගුරුවරුන්ගේ වෘත්තීමයභාවය සහ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා අනෙකුත් වෘත්තීය සේවා කාණ්ඩයන් සහ ජාත්‍යන්තර ප්‍රශස්ත භාවිතයන් හා සමගාමීව ජාතික ගුරු සභාවක් පිහිටුවීමට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මඟින් යෝජනා කරමින් ජනාධිපතිවරයා හා අධ්‍යාපන අමාත්‍යවරයා එක්ව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව, අධ්‍යාපන ක්ෂේත්‍රයේ අදාළ පාර්ශ්වකරුවන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව සකස් කරනු ලැබ ඇති මූලික කෙටුම්පත මත පදනම්ව ජාතික ගුරු සභාවක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම  පිණිස කටයුතු යොදනු ලබනවා ඇත.