[Video] සෞදි ගිය ලාංකික තරුණියට අමානුෂිකව පහර දීලා

මැදපෙරදිග සේවයට ගොස් එහිදී අමානුෂිකව වද හිංසනයට ලක්වූ තවත් ලාංකික තරුණියක් පසුගිය දා දිවයිනට පැමිණ තිබේ.

අනුරාධපුර සාලිය වැව ප්‍රදේශයේ පදිංචි වත්සලා සෙව්වන්දි වන මෙම තරුණිය පවුලේ අගහිගකම් නිසාත් සිය සහෝදරයාගේ අනාගතයත් හිසට සෙවනක් හදා ගැනීමේ අරමුණින් සෞදි අරාබියේ ගෘහ සේවයට විදේශගත වී ඇත.

නමුත් ව්‍යාජ ලෙස විදේශ ගමන් බලපත්‍ර සකසා තමන්ව විදේශගත කළ ආකාරයත් එහිදී පවතින නීතියට පටහැනිව කටයුතු කරන හොර ඒජන්සිකරුවන් හා මුදලට විකිණෙන රාජ්‍ය බලධාරීන් සම්බන්ධයෙන් ඇය තොරතුරු රැසක් හෙළිදරවු කරයි.

පහත වීඩියෝ පටයේ සම්පූර්ණ විස්තර සහිතව සෙව්වන්දිගේ කතාව ඉදිරිපත් කරන අතර විෂය භාර බලධාරින්ගේ අවධානයට යොමුවිය යුතු කරුණු රැසක් අනාවරණයද කර තිබේ.

තව තවත් ලාංකික කාන්තාවන් මැදපෙරදිග ගෘහ සේවයට යවන්න පෙර ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බව මෙවැනි සිදුවීම් තුළින් තවදුරටත් පැහැදිලි වේ.

බලධාරිනි මේ ඔබේ අවධානය පිණිසයි.

වැඩබිම

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435