රට සල්ලි ගේන්න මහ බැංකුවෙන් අලුත් දෙපාර්තමේන්තුවක්

රට සල්ලි ගේන්න මහ බැංකුවෙන් අලුත් දෙපාර්තමේන්තුවක්

සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ රට තුළට ගලා ඒමට පහසුකම් සැලසීම සහ එය විධිමත් කිරීම සඳහා 1949 අංක 58 දරන මුදල් පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය 03 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි නව දෙපාර්තමේන්තුවක් “විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුව” නමින් ස්ථාපිත කරන ලදි.

ආසන්න වශයෙන් 100% ක දේශීය අගය එකතු කිරීමකින් සමන්විත වන ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම් වල ප්‍රධාන මූලාශ්‍රයක් වන සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ, රටෙහි විදේශීය අංශයෙහි ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා සැළකිය යුතු දායකත්වයක් ලබා දෙයි.

පසුගිය දශක දෙක තුළදී වාර්ෂික වෙළඳ ගිණුමෙහි හිඟයෙන් 80% ක් පමණ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ වලින් ආවරණය වී ඇති අතර, රට තුළට විදේශීය ප්‍රේෂණ ගලා ඒම ශක්තිමත් වීම මගින් විධිමත් බැංකු පද්ධතිය තුළට විදේශ විනිමය ගලාඒම් සුමට වීම සහ ආදායම හා ප්‍රාදේශීය විෂමතාවයන් අවම වීම යනාදී සමාජ ආර්ථික ප්‍රතිලාභ රැසක් ජනිත වේ.

ලිපිනය: විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01

දුරකථනය: +94 11 247 7101 සහ +94 11 2 477 000

ෆැක්ස්: +94 11 247 7710

විද්‍යුත් ලිපිනය: عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.