යුක්රේනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර

යුක්රේනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර

යුක්රේනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට මෙරටට එවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙසට අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇත.

යුක්රේනයේ පවතින තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

මේ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ස්ථාපිත විසිහතර පැය (24×7) මුළුල්ලේ ක්‍රියාත්මක වන ක්ෂණික දුරකතන ඇමතුම් මාර්ග ඔස්සේ සම්බන්ධ විය හැකි බව රජය දන්වා සිටියි.

ජංගම දුර: +90 534 456 94 98
ස්ථාවර දුර: +90 312 427 10 32;

විද්‍යුත් ලිපිනය: عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته..