
කොවිඩ් -19 වසංගතය හමුවේ මෙරටට පැමිණි විදේශීය ශ්‍රීලාංකිකයින් සඳහා ව්‍යාපාර අවස්ථා හඳුන්වා දී ඔවුන් ව්‍යාපාර ගැන්වීමේ වැඩපිලිවෙලක් විදේශීය සේවා නියුක්ති කාර්යංශය හා මිනිස්බල හා රැකීරක්ෂා අමාත්‍යංශය එක්ව සංවිධානය කර ඇත.
ලෝක කම්කරු සංවිධානයේ (ILO) අනුග්‍රහය යටතේ “ඔබේ ව්‍යාපාරය ආරම්භකරන්න වැඩි දියුණු කරගන්න” (SIYB) ශ්‍රී ලංකා ආයතනය මගින් මෙම වැඩපිලිවෙල මෙහෙයවනු ලබයි.
මෙම වැඩසටහනේදී ගාල්ල, රත්නපුර, පුත්තලම, කුරුණෑගල, කළුතර, ගම්පහ, අනුරාධපුර, නුවර,මඩකලපුව, කිලිනොච්චිය, හා යාපනය යන දිස්ත්‍රික්ක වල පදිංචි, ව්‍යාපාරයක් ආරම්භකිරීමට අදහස් කරන හෝ දැනට ව්‍යාපාරයක නියුතු අය සඳහා ප්‍රමුඛතාවය දෙනු ලැබේ.
මෙම වැඩසටහනට තෝරාගන්නා අය සඳහා පුහුණු හා මගපෙන්වීම් නොමිලේ ලබා දෙන අතර එමගින් ඵලදායී ව්‍යාපාරයක් තෝරාගැනීමට, තෝරාගත් ව්‍යාපාරයේ ව්‍යාපාර සැළැස්ම සකස්කිරීමට, දැනට කරගෙන යනු ලබන ඕනෑම ව්‍යාපාරයක් දියුණු කරගැනීමට අවශ්‍ය දැනුම අළෙවි අවස්ථා හා සේවා ලබා දෙන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සම්බන්ධ කිරීම යන සේවා ලබා දීමට නියමිතය.
මෙම වැඩසටහන පිලිබඳව වැඩිදුර විස්තර ලඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන නිළදාරී හෝ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරී හෝ “ඔබේ ව්‍යාපාරය ආරම්භ කරන්න වැඩි දියුණු කරගන්න” ශ්‍රී ලංකා ආයතනයේ 0775-855128 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් දීම මගින් හෝ عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته. යන විද්‍යුත් ලිපිනයට දැනුම් දීමෙන් හෝ ලබා ගත හැකිය.