දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් පණිවිඩයක්!

දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් පණිවිඩයක්!

දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පරිවර්තක / මහජන සම්බන්ධතා නිලධාරි තනතුරේ පවතින පුරප්පාඩුව සඳහා අයඳුම්පත් කැඳවා තිබේ.

මෙම තනතුර සඳහා අයඳුම් කිරීමේදී පහත සඳහන් සුදුසුකම්ද තානාපති කාර්යාලය විසින් නිවේදනය කර තිබේ.

 GCC හි විශේෂයෙන් කටාර් රාජ්‍යයේ පරිවර්තන සහ මහජන සම්බන්ධතා පිළිබඳ අවම වශයෙන් වසර 2 ක පළපුරුද්ද.  

අපේක්ෂකයින් දෝහා - කටාර් හි පදිංචි / RP දරන්නාගේ අවශ්‍යතා සපුරාලිය යුතුය.

 • රාජ්ය තාන්ත්‍රික දූත මණ්ඩලයක පෙර සේවා පළපුරුද්ද අමතර සුදුසුකමක් වනු ඇත. 

අරාබි, ඉංග්‍රීසි, දෙමළ සහ සිංහල (වාචික සහ ලිඛිත) චතුර ලෙස හැසිරවිය හැකි වීම.

පරිගණක සාක්ෂරතාව .  

වෘත්තීය හැසිරීම සහ ආකල්ප.

හොඳ අන්තර් පුද්ගල කුසලතා.  

2. අයදුම්පත් ඉදිරිපත් කිරීම  

සුදුසුකම් ලත් අයදුම්කරුවන් තම ජීව දත්ත පත්‍රය විද්‍යුත් තැපෑලෙන් 2022 අගෝස්තු 11 දින හෝ ඊට පෙර عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته. වෙත යොමු කළ යුතුය

 • සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන් සඳහා පුද්ගලික සම්මුඛ පරීක්ෂණයකට ආරාධනා කරනු ලැබේ.

සාර්ථක අයදුම්කරු අගෝස්තු මස අවසානයේ වැඩ ආරම්භ කිරීමට බලාපොරොත්තු වියයුතු ය.