අග්‍රාමාත්‍යවරයාට සහයෝගය දක්වන පිරිස් ලවා සාමකාමී විරෝධතාවලට පහරදෙයි

අග්‍රාමාත්‍යවරයාට සහයෝගය දක්වන පිරිස් ලවා සාමකාමී විරෝධතාවලට පහරදෙයි
අග්‍රාමාත්‍යවරයාට සහයෝගය දක්වන පිරිස් ලවා  සාමකාමී විරෝධතාවලට පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් විසින් පොලිස්පති වෙත ලිපියකින් දැනුම් දීමක් සිදුකර තිබේ.
 
සම්පූර්ණ ලිපිය පහතින්...
 
 
චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
 
පොලිස්පතිතුමනි,
 
අග්‍රාමාත්‍යවරයාට සහයෝගය දක්වන පිරිස් ලවා  සාමකාමී විරෝධතාවලට පහරදීම සම්බන්ධවයි
 
අග්‍රාමාත්‍යවරයාට සහයෝගය දක්වමින් දේශපාලනඥයන්ගේ මෙහෙයවීමෙන් අද අරලියගහ මන්දිරයට කැඳවූ පිරිසක් මීට ටික වේලාවකට පෙර අරලියගහ මන්දිරය අසල පැවැති මයිනාගෝගම සාමකාමී විරෝධතාවයට පහරදී එතැන තිබූ ටෙන්ට් සහ විරෝධතා පුවරු ඉවත් කරනු ලැබීය.
 
ඉන් අනතුරුව ඔවුන් මේ වන විට ගෝඨාගෝගම සාමකාමී විරෝධතාවය පැවැත්වෙන ප්‍රදේශයට කඩා වදිමින් සිටිති. ආණ්ඩුවේ දේශපාලන නියෝජිතයන් මැරයන් ලවා සාමකාමී විරෝධතාවලට කඩා වැදී ප්‍රචණ්ඩකාරීව හැසිරීම බරපතල තත්ත්වයක් බැවින් සාමකාමී විරෝධතාකරුවන්ගේ ආරක්ෂාව ගැන වහාම මැදිහත්වී කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.
 
ස්තුතියි.
මෙයට,
විශ්වාසී,
 
ලේකම්,
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.
عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.
 
පිටපත්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - බස්නාහිර පළා

මානව හිමිකම් කොමිෂණ් සභාව