රජයේ ප්‍රතිපත්ති මත ආරම්භ කර ඇති සමසෞඛ්‍ය උපාධි පාඨමාලා තුළින් බිහිකරන උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගැනීමේදී බරපතල ගැටලුකාරී තත්ත්වයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඇතිකරමින් පවතින බව පෙනි යන බව ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, රටේ මහජන මුදල් යොදවමින් ඉහළ ගුණාත්මකභාවයකින් යුත් උපාධිධාරීන් බිහිකරන රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ උපාධි, රජය විසින් ම හෑල්ලුවට ලක් කරමින් සමසෞඛ්‍ය විද්‍යා පීඨ ආචාර්යවරුන්ගේ මගපෙන්වීම අනුව විශ්ව විද්‍යාල කොමිෂන් සභාව විසින් සකස් කර ඇති ප්‍රමුඛතා ලේඛනය නොසලකා හරිමින්, කිසිදු විනිවිදභාවයකින් හෝ අනුකූලභාවයකින් තොර සාමාන්‍ය දැනීමේ පරීක්‍ෂණයක් පවත්වා, රාජ්‍ය සේවයට බඳවාගැනීමට දරන උත්සාහය අප තරයේ ප්‍රතික්‍ෂේප කර සිටිමු. එමගින් රාජ්‍ය විශ්ව විද්‍යාල යටපත් කිරීමේ යටි අරමුණක් සහ උත්සාහයක් ඇති බවද පෙනී යන අතර එම ක්‍රියාවලිය නිසි ගුණාත්මක සෞඛ්‍ය සේවයක් රට තුළ පවත්වාගෙන යාමට ද බරපතල ගැටලු මතුකරන බව පෙන්වා දෙමු.
ඒ අනුව 2025 අප්‍රේල් මස 27 වන දින පවත්වන්නට යෙදුන පදනම් විරහිත සාමාන්‍ය දැනීම පරීක්‍ෂණය පාදක කරගනිමින් පැවැත්වීමට සූදානම් වන සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණය වහාම නතර කිරීමට කටයුතු කරන ලෙස අපි රජයට බලකර සිටිමු.