රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ උපාධි, රජය විසින් ම හෑල්ලුවට ලක් කරමින් සහ නොසළකා හරිමින්, කිසිදු විනිවිදභාවයකින් හෝ අනුකූල භාවයකින් තොර සාමාන්‍ය දැනීමේ පරීක්ෂණයක් පවත්වා, රාජ්‍ය සේවයට බදවාගැනීමට දරන උත්සහය තරයේ ප්‍රතික්ශේප කරන බව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සම සෞඛ්‍ය උපාධි පිරිනැමීම 2005 වසරේ ආරම්භ කොට 2013 වසරේ සිට එම උපාධිධාරීන් රජ්‍ය සේවයට බදවාගැනීමට කටයුතු කර ඇත. රජයේ ප්‍රතිපත්ති වලට අනුව ආරම්භ කොට ඇති මෙම උපාධි පාඨමාලා තුළින්, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සිටින ආචාර්යවරුන්ගේ සහ මහාචාර්යවරුන්ගේ මග පෙන්වීම යටතේ ගුණාත්මකව ඉහළ උපාධිධාරීන් බිහිකරයි.
මේ වනවිට මෙම උපාධිධාරීන් රාජ්‍ය සේවයට බදවාගැනීමේදී බරපතළ ගැටලුකාරී තත්වයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්ම රාජ්‍ය සේවා කොමිශන් සභාව විසින් ඇතිකරමින් පවතින බව නිරීක්ෂණය වේ.
රටේ මහජන මුදල් යොදවමින් ඉහළ ගුණාත්මක භාවයකින් යුත් උපාධිධාරීන් බිහිකරන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ උපාධි, රජය විසින් ම හෑල්ලුවට ලක් කරමින් සහ නොසළකා හරිමින්, කිසිදු විනිවිදභාවයකින් හෝ අනුකූල භාවයකින් තොර සාමාන්‍ය දැනීමේ පරීක්ෂණයක් පවත්වා, රාජ්‍ය සේවයට බදවාගැනීමට දරන උත්සහය අප තරයේ ප්‍රතික්ශේප කර සිටිමු.
එමගින් රාජ්‍ය විශ්වවිද්‍යාල යටපත් කිරීමේ යටි අරමුණක් සහ උත්සාහයක් ඇති බවද නිරීක්ෂණය වේ.
එම ක්‍රියාවලිය රාජ්‍ය මුදල් අපතේ යැවීමක් පමණක් නොව නිසි ගුණාත්මක සෞඛ්‍ය සේවයක් රට තුළ පවත්වාගෙන යාමටද බරපතළ ගැටලු මතු කරන බැවින් ,
1. මේ වනවිට පවත්වා ඇති බඳවාගැනීමේ පරීක්ෂණ අවලංගු කරන ලෙසත්,
2. රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් පිරිනමන උපාධියට නිසි ගෞරවයක් සහ වටිනාකමක් හිමි වන පරිදි කටයුතු කරන ලෙසත්,
3. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවෙන් යෝජනා කර ඇති කුසලතා පදනම මත, සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගන්නා ලෙසත්,
විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය ලෙස අප බල කර සිටිමු.