All Stories
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව සිදුවන හිංසනයන්ට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිදින 16හි ගෝලීය ව්‍යාපාරයට සමගාමීව, ඇඟලුම් ක්ෂේත්රයේ සේවයේ නියුතු ශ්‍රමිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (12) මීගමුව ජාතික ධීවර සහයෝගිතා සංවිධානයේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන ශ්‍රම අභිමානී කේන්ද්‍රය සහ ප්‍රොටෙක්ට් සංගමය එක්ව සංවිධානය කර තිබූ අතර වැඩසටහනට එක් වූ ඇඟලුම් සේවයෙහි නියුතු ශ්‍රමිකයන් සිය වැඩබිමෙහි දී තමා මුහුණ දෙන සහ මුහුණ දුන් හිංසන අත්දැකීම් පිළිබඳව ද සාකච්ඡා කරන ලදි.
එහි දී ඔවුන් වැඩි වශයෙන් ස්මතු කළේ දමිළ ශ්‍රමිකයන්ට සිය භාෂා අනන්‍යතාව හේතුකොට ගෙන වැඩ බිම තුළ සිදු වනහිංසනයන් සහ පොදුවේ ගත් කළ දෛනිකව ආයතනික නිෂ්පාදන ඉලක්ක හඹා යාමේ දී සේවකයෙකන් නිරන්තර හිංසනයන්ට සහ ප්‍රචණ්ඩත්වයන්ට ලක් වීම යන කරුණුයි.
ඒ අනුව එකී හිංසනයන් ඇතුලු සියලු ම ආකාරයේ හිංසනයන්ගෙන් සහ ප්‍රචණ්ඩත්වයන්ගෙන් තොර වූ රැකියාවක් තහවුරු කරගැනීමේ අයිතිය සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සම්මත කළ C190 සම්මුතිය ශ්‍රී ලංකාව තුළ අපරානුමත කිරීමේවැදගත්කම පිළිබඳව රැස්ව සිටි පිරිස දැනුවත් කළ අතර ඔවුන් ද ඒ සඳහා සිය සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළහ.
- හිෂාලිනීට යුක්තිය ප්‍රමාද ඇයි? ප්‍රොටෙක්ට් සංගමය ඩයගම දී අසයි !
- ප්‍රොටෙක්ට් සංගමයෙන් C189 සහ C190 පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් !
- මධ්‍යම පළාත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය (PHOTO)
- ඉන්දීය යාත්‍රාවක් ශ්‍රී ලාංකික ධීවරයින් හය දෙනෙකු බේරාගෙන, ලංකා බෝට්ටුවක් ආරක්ෂිත ස්ථාන වෙත ඇදගෙන යයි