පෞද්ගලික සෞඛ්‍ය උපාධි කඩ සඳහා, ව්‍යාජ සීමාවාසික පුහුණු ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තැ‍රැව්කාර නිලධාරීන්ගෙන් අනුමැතිය - රවී කුමුදේශ්

පෞද්ගලික සෞඛ්‍ය උපාධි කඩ සඳහා, ව්‍යාජ සීමාවාසික පුහුණු ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තැ‍රැව්කාර නිලධාරීන්ගෙන් අනුමැතිය - රවී කුමුදේශ්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ඉහළම නිලධාරීන් කිහිප දෙනකුගේ තැරැව්කාර වුවමණාව මත පිහිටුවාගත් ඇතැම් පෞද්ගලික උපාධි සඳහා, ව්‍යාජ ලෙස සීමාවාහසික පුහුණු ලබාදීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලබා දී තිබේ.  රුපියල් මිලියන ගණන් අයකරනු ලබන මෙම උපාධි පාඨමාලාවාසික පුහුණුව ලබාදීමට එම ආයතන සතුව හැකියාවක් නොමැති බැවින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිතවත් අධ්‍යක්ෂකවරුන් සිටින ආයතන වෙත යොමුකර සීමාවාසික පුහුණුවක් ලබා දුන් බවට ව්‍යාජ ලිපි ලබාදීම  අනුමැතිය හරහා සිදුවේ.

ඒ අනුව වෛද්‍ය රසායනාගාර විද්‍යා, භෞත චිකිත්සක, කතන චිකිත්සක, විකිරණ විද්‍යා, ඖෂධ වේදය, වැනි පාඨමාලා ඒ නමින් හෝ ඊට සමාන වෙනත් නම් වලින් ආරම්භ කර සිසුන්ගෙන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් ලබා ගනිමින් නිවැරදිව සීමාවාසික පුහුණුවක් ලබා නොදෙමින් සහතික පත්‍ර නිකුත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ ආයතන හරහා නිකුත් කෙරෙන මෙම ලිපි භාවිත කෙරෙමින් පවතී.

එසේම එකී පෞද්ගලික ආයතන වල ඇතැම් සෞඛ්‍ය නිලධාරීන් නිල නොලත් අයිතිකරුවන් බවද, ඇතමුන් උපදේශකයන් බවද, තවත් අය දේශකයන් බවද, තවත් අය කොටස්කරුවන් බවද තොරතුරු ලැබී ඇති බැවින්, මෙය මුදලට හොර උපාධි සහ පාඨමාලා සහතික ලබා දෙන තවත් විශාල ජාවාරමක් බවට පරිවර්තනය වෙමින් තිබේ.

මෙම සහතික ලබාදීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය පවා ලබාගෙන ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ අංශය මේ සඳහා අනවශ්‍ය විශාල මැදිහත්වීමක් සිදුකරමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.