පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්යන්ගේ සේවාව ශ්‍රී ලංකාවට අභිමානයක් - යුනි ජත්‍යන්තරයෙන් පැසසුම්

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්යන්ගේ සේවාව ශ්‍රී ලංකාවට අභිමානයක් - යුනි ජත්‍යන්තරයෙන් පැසසුම්
  • 2024 ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය දින සැමරුම් උළෙලට සුභාශිංෂණ එක්කරමින් යුනි ජාත්‍යන්තරයෙන් පැසසුම්
  • මෙම වසරේ ප්‍රජා සත්කාර සේවාවන් වල නිරත වෘත්තිකයින්ට නව හැරවුම් ලක්ෂයක්

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය යුනි ගෝලීය වෘත්තීය සමිති ජාලය හා අත්වැල් බැදගත් නව සමාජික වෘත්තීය සමිතියෙකි. පසුගිය වසරක කාලය තුලදී ඔබ සංවිධානයේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුම අප සංවිධානය දියත් කල දේශීය සහ විදේශීය පුහුණු පාඨමාලාවන් තුලින් සවිබල ගැන්වී ජාත්‍යන්තර සහෝදරත්වය පිලිබඳ දැනුවත් වී සිය සාමාජිකත්වයේ උන්නතිය සඳහා කෙරෙන කටයුතු  වල ප්‍රගතියක් ඇතිකරවීමට සමත් වුවායැයි අප විස්වාශ කරමු.

මෙවසරේ සැමරුම් උළෙලට සහභාගී වන ලෙසට ආරාධනා කිරීම ගැන ප්‍රථමයෙන්ම ස්තුති වන්ත වෙමු.

ඒමෙන්ම ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය දින සැමරුම් උළෙල මෙවර ප්‍රජා සත්කාරයක් සඳහා ඉතාමත් දුෂ්ර වැලිඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තෝරාගෙන තිබීම සමාජ ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක් හැටියට විශේෂයෙන් අගය කරන්නෙමු. වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් බැටකන දුෂ්කරම ප්‍රදේශයක අසරණ මව්වරුන්ට පිහිට වීමට වෘත්තීය සමිති කැපවී සිටීම සෙසු ප්‍රජා සංවිධානවල ප්‍රසංසාවට ලක්විය යුතුව ඇත.

මෙම වසර  2024 යුනි සත්කාර සේවා UNI CARE  අංශය විවිධ සත්කාර සේවාවන් සපයන ලෝකය පුරා විහිදී ඇති සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකමි සහ ඔවුන්ට සුනිසි වෘත්තීය පහසුකමි දිනාගත හැකි පරිසරයක් නිර්මාණය කරගැනීමට ප්‍රතිපත්ති සැළසුමි කරන්නන්ගේ අවධානය දිනාගැනීමට කටයුතු සැළසුම් කරමින් සිටී. මෙහි මූලික කටයුතු වලට අඩිතාලමක් යොදාගැනීමට ජගත් කමිකරු සංවිධානයේ (ILO) 2024  ජූනි මස පවත්වන 112 වැනි සැසිවාරයේ සත්කාර සේවා කර්මාන්තයේ උන්නතිය පිලිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇත. මෙයට සමගාමීව  3rd UNI Care World Conference  තෙවැනි යුනි සත්කාර සේවා අංශයේ ගෝලීය සමුළුව සැප්තැම්බර් මස 17-19 දිනවල හංගේරියාවේ, බුඩාපේස්ටි නුවර පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවල තීන්දු තීරණ සහ සත්කාර සේවාවන් ආශ්‍රිත වෘත්තීය සමිති කටයුතු ශක්තිමත්ව ක්‍රියාකරවීමට යෝජිත වැඩ පිලිවෙල කුමක්ද යැයි දැනුවත් කරවීමට UNI CARE  අංශය අපේක්ෂා කරයි.

ඔබගේ සංගමයට ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය සත්කාර සේවාවන් දියුණු විශාල කාර්යබාරයක් කලහැකි යැයි අප විශ්වාස කරමු. එහිදී සිය අයිතිවාසිකම් වලට මෙන්ම යුතුකම් සහ වගකීම් වලට ප්‍රමුඛතාවය දිය හැකි, දේශපාලකයින්ගේ න්‍යාය පත්‍රවලට වැඩ නොකරන, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදීව සහ ස්වාධීනව කටයුතු කරන වෘත්තීය සමිති ඇතිකර පොදු හැඟීමකින් පරාර්ථය වෙනුවෙන් කැපවෙන නායකත්වයක් තෝරාපත් කර ගැනීමට සියළුම සෞඛ්‍ය සේවාවන්වල නිරත සේවක සේවකයිගේ ප්‍රමුඛතාවයක්ද විය යුතුව ඇත.

විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ රෝහල් වල දැඩි සුරාකෑමකට ලක්වෙන සේවක සේවිකාවන් සංවිධානය කොට ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමට යුනි ගෝලීය වෘත්තීය සමිති ජාලය හා ඒක්ව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අයිතිහාසික මෙහෙවරක් කිරීමට ඉදිරිපත්වෙන ලෙසට සහෝදරත්වයෙන් ඇරයුම් කර සිටිමු.

ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය දින සැමරීම සඳහා  2024 මැයි මස 5 දින වැලිඔය රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය සංවිධානය කර පවත්වන උළෙලට යුනි ආසියා ශාන්තිකර කලාපයේ කලාපීය ලේකම් රාජේන්ද්‍ර අචාර්යා සහෝදරයා ඇතුළු සිංගප්පුරූවේ කලාපීය කාර්යාලයේ සුභ පැතුම් පිරිනමන්නෙමු. වෙනත් යොදාගත් වැඩකටයුතු අතරේ උත්සවයට සහභාගි වීමට නොහැකිවීම ගැන කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

| ජයශ්‍රී ප්‍රියලාල්

කලාපීය අධ්‍යක්ෂක, මූල්‍ය සහ වෘත්තීමය කලමනාකරුවන්ගේ සේවා අංශය

යුනි ආසියා ශාන්තිකර කලාපීය සංවිධානය, සිංගප්පූරුව.

මැයි 03, 2024

සැබැඳි පුවත්