පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාල සිසුන් රෝහල් හා සෞඛ්‍ය ආයතන වල පුහුණුවට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි

පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාල සිසුන් රෝහල් හා සෞඛ්‍ය ආයතන වල පුහුණුවට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි

පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාල සහ පුහුණු ආයතන තුල විවිධ පාඨමාලා පවත්වනු ලබන සෞඛ්‍ය සේවාවට අදාල නොවන උපාධි පාඨමාලා හදාරන සිසුන් විවිධ පුහුණු සඳහා රෝහල් වලට කැඳවීම සහ ඒ හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ මූල්‍යමය ජාවාරම් වලට ඉඩකඩ සැලසීම පිළිබඳව වහාම සාකච්ඡාමය විසඳුමකට පැමිණිිළිබඳව  යුතු බවහා එමගින්ට ඉඩකඩ සැලසීම.* වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මගින් දන්වා සිටියි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සෞඛ්‍ය වෘත්තීය නාමයන්ට හා වෘත්තීමය සුදුසුකම් වලට සමාන නම් වලින් පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාල සහ පුහුණු ආයතන තුල විවිධ පාඨමාලා පවත්වනු ලබන අතර ඒ සඳහා අතිවිශාල මුදලක් සිසුන්ගෙන් අයකරන බවද නිරීක්ෂණය වේ. සමහර අවස්ථාවලදී මෙම පාඨමාලා හැදෑරීම සඳහා මිලියන 2 කට අසන්න හෝ ඊට ඉහල පිරිවැයක් දැරිය යුතු වුවත් පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා අත්‍යාවශ්‍ය පුහුණු ලබා දීමට අදාල ආයතන වලට හැකියාවක් නොමැති බවද නිරීක්ෂණය වේ.

මේ හේතුවෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඇතිවන ගැටළුකාරී තත්වයන් සමනය කර ගැනීම සහ සන්තතිකව සිසුන් බඳවාගැනීම අරමුණු කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ඉහල නිළධාරීන් සමඟ යම් යම් එකඟතා ඇති කර ගැනීමටත් ඔවුන් එම ජාවාරම් වල හවුල්කරුවන් බවට පත්කර ගැනීමටත් අදාල ආයතන කටයුතු කර තිබේ. මෙම සබඳතා ඔස්සේ Bench Training, Internship සහ Observation ආදී විවිධ නම් සහිත පුහුණු සඳහා අදාල විශ්වවිද්‍යාල සහ පුහුණු ආයතන වල සිසුන් රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත යොමු කරමින් පවතී.

අතිවිශාල මුදලක් අයකරමින් පෞද්ගලික අංශය විසින් පවත්වා ගෙන යනු ලබන මෙම පාඨමාලා හදාරන සිසුන්ගේ පාඨමාලාවේ පුහුණු කොටස් සම්පූර්ණ කිරීම සඳහා රජය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව කිසිඳු වගකීමක් නොමැති පසුබිමක සමහර නිළධාරීන් මෙය ඉතා හදිසි සහ අත්‍යාවශ්‍ය කටයුත්තක් ලෙස සලකා කටයුතු කිරීම ගැටළු සහගත වන අතරම ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස අප විසින් නිරන්තරව සිදු කරන ඉල්ලීම් නොසලකා හැරීමත් අප වෘත්තීයවේදී ආයතන ඒ සඳහා සහභාගී කරවා නොගැනීමත් ගැටළු සහගතය.

එබැවින් අවිධිමත් ලෙස විවිධ රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත යොමු කර ඇති මෙම සිසුන් සියළුම දෙනා කඩිනමින් නැවත කැඳවන ලෙසත් එසේ නොවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට සිදුවන බවත් කාරුණිකව දන්වා සිටිමු. තවද, ජාවාරම් වලින් තොර විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා අදාල පෞද්ගලික විශ්වවිද්‍යාල හා පුහුණු අයතන වලද සහභාගීත්වය තහවුරු කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදී ආයතන සමඟ කඩිනම් සාකච්ඡාවක් කැඳවන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමු.