සෞඛ්‍ය අමාතයංශයේ අත්තනෝමතික තීරණ නිසා කොවිඩ් වසංගත වැඩිවී ඇති බවත්, කරනු ලබන පත්කිරීම් නිවැරිදි නොවන බවත් රාජ්‍ය සේවා හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් යූ ටියුබ් චැනලයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියා සිටී.
All Stories
දැනට සතියකට කලින් ගත් PCR පරික්ෂණවල වාර්තා තවමත් නිතුත්වී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
පසුගිය 27 වෙනි දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මෙසේද කියා සිටියේය.
නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුවේ ආරක්ෂක නිලධාරින් 04 දෙනෙකුට හා කම්කරු අමාත්‍යංශයේ රියදුරෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛරස විද්‍යා ඒකකයේ කොවිඩ්-19 පී.සී.ආර් (PCR) පරීක්ෂණ ප්‍රතිපල ප්‍රමාදවීම හමුවේ කොවිඩ් වසංගත තත්ත්වයෙන් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට නම් පී. සී. ආර්. පරීක්ෂණ ප්‍රතිඵල කඩිනම්ව ලබා දීමට ආණ්ඩුව මැදිහත් විය යුතු අතර ඒ සදහා කල පරීක්ෂණාගාර සදහා අවශ්‍ය පහසුකම් කඩිනමින් සපයා එහි කාර්ය්‍ය මණ්ඩලය දිරිගැනවමින් කටයුතු කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්තශාලාවලින් මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 423 දෙනෙකු හඳුනාගෙන තිබේ.
COVID වසංගතය නැවත ව්‍යාප්තවීම හා අදාලව පෞද්ගලික අංශයේ සේවකයින්ට දෙසැම්බර් මස දක්වා සහන සැළසීම සම්බන්ධව 2020 ඔක්තෝම්බර් මස 27 වන දින ජන මාධ්‍යය ඔස්සේ විකාශනය වු සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල විසින් උක්ත කරුණට අදාලව කරන ලද ප‍්‍රකාශය හා සම්බන්ධව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් යොමුකරමින් වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින් පිරිසක් ඉල්ලා සිටින්නේ එය කැබිනට් වාර්තාව පදනම් කරගත් තින්දුවක්ද නැතහොත් කම්කරු අමාත්‍යවරයා ලෙස සකස් කළ වාර්තාව පදනම් කරගත් තින්දුවක්ද යන්න දන්වා සිටින ලෙසය.
ගෙවුණු දින 7ක කාලය තුළ පමණක් ලොව පුරා නව කොවිඩ් ආසාදිතයන් මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
රටම වසා දැමීමේ පියවර ගැනීමෙන් වැළැකීමට නම් අවදානම් කලාපවල සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාර වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (30) පැවැසීය.
පසුගිය කාලය පුරා සෞඛ්‍ය අමාතයංශය විසින් රසායනාගාර සේවාවන් සොයා බැලීම සඳහා පත්කර තිබෙන වැඩබලන සෞඛ්‍ය අධ්‍යාක්ෂවරයා වෙනුවට සාමුහිකව කටයුතු කළහැකි අවශ්‍යතා හා ගැටළු හඳුනාගෙන රසායනාගාර සේවාව පවත්වාගෙන යා හැකි සහකාර සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයකු පත්කරන ලෙසත්, මෙතෙක් ඇතිවී ඇති කරුණු ගනනාවක් යොමුකරමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටි.
අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාත පුරා ම නිරෝධායන ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ හේතුවෙන් බස්නාහිර පළාතේ ඇඳිරි නීති නැති ප්‍රදේශවල ජනයා පවා ආහාර, බෙහෙත් ආදිය එක්රැස් කිරීම සඳහා වෙළඳසැල් ඉදිරිපිට පොදිකනු දැකිය හැකි විය. එය කොරෝනා වයිරසයේ පැතිරීමට හිතකර තත්වයකි.
ආණ්ඩුව විසින් වසංගත මර්දනය පවරා ඇති ශ්‍රී ලංකා යුද හමුදාවේ උසස් නිලධාරියෙක් ජාතිවාදී පරුෂ වචනයෙන් වෛද්‍ය කාර්යමණ්ඩල ප්‍රධානියකුට ඇතුලු නිලධාරීන්ට බැණවැදී මරණ තර්ජන කිරීමත් සමග ත්‍රිවිධ හමුදාවේ විනය පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සැක සංකා මතුව තිබේ.
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස “නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” යළි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කෙරේ.
කටාර් රාජ්‍යයේ අදවනවිට විදේශික ගෘහ සේවිකාවන් 173,000කට අධික ප්‍රමාණයක් සේවය කරන අතර කොරෝනා වසංගතය හමුවේ ඔවුන් දැඩි අසරණභාවයකට මෙන්ම අසාධාරණව ශ්‍රම සූරාකෑමකට ලක්ව ඇති බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.