ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්හලක් ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග කබලෙන් ළිපට වැටුණු තත්ත්වයකට මුහුණදීමට සිදුවූ පාර්ශ්වයක් වන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ය. කොවිඞ් 19 ගෝලීය වසංගතයේ පැතිර යාමත් සමග විදෙස්ගත ශ්‍රමිකයෝ ගැටලු රාශියකට මැදිව සිටියහ. නැවත මව් රටට ඒමේ බලාපොරොත්තු සහිතව ඉතා දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටින වැඩි පිරිසක් සිටින්නේ මැදපෙරදිග රටවලය. ඔවුන් නැවත මෙරටට රැගෙන ඒමේ කටයුතු වරින් වර පමා වෙමින් තිබී පසුගිය කාලයේ නැවතත් කණ්ඩායම් වශයෙන් රැගෙන ඒමේ කටයුතු ආරම්භ කර තිබුණි. එහෙත් මේ වන විට රට තුළින් හමුවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සමග විගමණික ශ්‍රමිකයන් ගෙන ඒම නැවතත් තාවකාලිකව නතර වූයේය.
All Stories
වසංගතයට පිළියම් යෙදීම හමුදා ප්‍රධානියා යටතට පවරා තිබීම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිරෝධායනය සම්බන්ධයෙන් ද යුද හමුදාවෙන් අනුමැතිය ලබා ගන්නට සිදුවී තිබේ.
‘බ්‍රැන්ඩික්ස් කොවිඩ් -19 වසංගත පොකුර නිසා මිනිස් ජීවිතයට සිදුවී ඇති අන්තරාදායක තත්ත්වය සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගේ අවදානය යොමු වුණා. ඒ අනුව ඊයේ දින (27) නියෝජ්‍ය පොලිස්පති නීති කොට්ඨාසය අජිත් රෝහණ සමග ගරු නීතිපතිතුමා සම්මුඛ සාකච්ඡාවක් පවත්වා අදාළ උපදෙස් ද ලබාදීමක් සිදුකළා‘ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළා.
දැන් උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි දෛනික කාර්යාලීය සේවක සංඛ්‍යාව අවමය දක්වා සීමා කර තිබුණද ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීම යන බවට පසුගිය දිනවල වරාය අධිකාරියේ ඒකාබද්ධ වෘත්තිය සමිති විසින් සත්‍යග‍්‍රහය හා වර්ජන ක‍්‍රියාමාර්ගය ආදී ක්‍රියාමාර්ග පැවැත්විණි.
Covid 19 නිසා නිදහස් වෙළඳ කලාපවල සහ වෙනත් ආයතනවල සේවය කරන සේවාදායකයන්ට මුහුණදීමට සිදුවී ඇති ඉතා බරපතළ ජීවන ගැටලු තත්ත්වයන් පිළිබඳව දැනට වසා දමා ඇති ආයතන මෙන්ම දැනට වැඩ කරන ආයතනවලද විවිධ ක්ෂේත්‍රවලට අයත් සේවාදායකයන් පිළිබඳව පවතින තත්ත්වය සමාලෝචනයට භාජනය කරන ලදී.
කොවිඩ් ව්‍යාප්තිය සලකා බලා අධි අවදානම් කලාප 28 ක් ප්‍රකාශයට පත් කොට ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ දිස්ත්‍රික්ක තුනකට අදාලවයි. එම ප්‍රදේශ පහතින් දැක්වේ.
නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද දින (29) පෙරවරුවේ යෙදුන සුභ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවැති චාම් උත්සවයකින් පසු සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.
හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නොවැම්බර් 2 වැනිදා උදෑසන 5 තෙක් බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශකර තිබේ.
කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලසීමාව තුළ දුම්රිය ධාවනය වන ආකාරය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
කොවිඩ් පළමු රැල්ල අවසන් වූ මොහොතේ කොවිඩ් අහවර වූ බව හගවමින් කටයුතු කල නිළධාරීන් හේතුවෙන් PCR ධාරිතාව වැඩි කිරීමට තිබූ අවස්ථාවන් සියල්ල අහිමිවූ බවත්, තවදුරත් රටේ සියළුම රාසායනාගාර PCR පරීක්ෂණ සිදු කරන්නේ සාම්ප්‍රදායික ක්‍රමයකට බවත්, එක පරීක්ෂණයක ප්‍රතිඵල ලබා ගැනීමට පැය අටක් පමණ කාළයක් බලා සිටීමට තම වෘත්තිකයිට සිදු වී ඇති බවත්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කරයි.
කොළඹ මහ රෝහල ඇතුළු අනෙකුත් රෝහල් වල කොරෝනා වසංගතයත් සමග මතුවී ඇති ගැටළු නිරාකරණය නොවීම නිසා හෙද කාර්ය මණ්ඩලය බලවත් අසහනයකට ලක්වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය වෙත ලිපියක් යවමින් රාජ්‍ය සේවා හෙද සංගමය ඉල්ලා සිටින්නේ එම ගැටළු වලට කඩිනම් පැය 48ක් තුළ විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බවයි.
කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වන විටත් රටපුරා සිදුවෙමින් තිබෙන නිසා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වූ අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.