ශ්‍රී ලංකාවේ covid 19 වසංගත තත්ත්වයේ නවතම දත්තයන්ට අනුව මේ වන විට වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 14,101 වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5186 කි. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 35 කි. අද වන විට සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 598 421 වේ.
මෙම වසංගත තත්ත්වය දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක පුරා පැතිර ඇති අතර දිනකට රෝගීන් 400ක් 500ක් පමණ වාර්තා වෙමින් පවතී. මේ වන විට දිවයිනේ රෝහල් පනස් දෙකකට ආසන්න ප්‍රමාණයක් covid 19 රෝගීන් සඳහා විශේෂ ප්‍රතිකාර රෝහල් ලෙස වෙන් කර ඇති නමුත් එය වැඩි වන රෝගීන් සංඛ්‍යාවට අනුව ප්‍රමාණවත් නො වෙමින් පවතී.
මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට නිවෙස් තුළ මරණ වාර්තා වන තත්වයක් දක්වා මේ තත්ත්වය වර්ධනය වී ඇත. මේ වන විට නිවෙස් තුළ මිය යාමට ලක් වූ ආසාදිත මරණ සංඛ්‍යාව හයකි.
මීට අමතරව දිවයින පුරා රෝහල්වල කාර්ය මණ්ඩලයද ආසාදිත වීමේ තත්ත්වයක් උද්ගතවී ඇතිව පවතී. ආසන්න වශයෙන් හෙද නිලධාරීන් 23 ක් හා සියලු කාර්ය මණ්ඩලය 60 පමණ ආසාදනයට ලක්ව ඇති අතර සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයින් 400 කට වැඩි සංඛ්‍යාවක් නිරෝධායන පිළිවෙත් වලට ලක්කර ඇත. මෙසේ සෞඛ්‍ය කාර්යමණ්ඩල ආසාදනයට ලක්වීම අනාගතයේ ඉතාමත් ව්‍යසන තත්ත්වයක් ඇතිකිරීමට හේතු වනු ඇත.
එසේම සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට තම සේවාවන් හි යෙදීමට සිදුව ඇත්තේ ද ඉතාමත් අඩු පහසුකම් මධ්‍යයේ ය. ප්‍රවාහන පහසුකම් නොමැති වීම, තම ප්‍රතිශක්තිය ආරක්ෂා කරලීමට පමාණවත් පෝෂණ තත්ත්වයෙන් යුතු ආහාර පාන නොලැබීම, ප්‍රමාණවත් ආරක්ෂිත උපකරණ නොමැති වීම, සේවයට සරිලන ගෙවීම් නොමැති වීම ආදිය එවැනි ගැටලු කිහිපයක් ලෙස දැක්විය හැක.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ලෙස අප මැදිහත්ව හෙදියන් වෙනුවෙන් හඞ නැඟීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය ඔක්තෝබර් 22 වන දින අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට අදාලව අප විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කරවා ගත්තද එය ආයතන මට්ටමින් නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවක් පෙනී යයි. එහි ප්‍රතිඵලයක් ලෙස සමහර රෝහල් වල විරෝධතා ව්‍යාපාර හා වැඩවර්ජන ද ඇතිවිය.
හෙද නිලධාරීන්ගේ අයිතීන් සුරැකීම හා වෘත්තීය දියුණුව සඳහා කටයුතු කරන ලංකාවේ ප්‍රධානතමවෘත්තීය සංගමයක් ලෙස අපි COVID 19 සදහා විශේෂිත ලෙස වෙන් කෙරුණු රෝහල් හා ඒකක මෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගොස් එම ආයතනවල සේවයේ යෙදෙන හෙද නිලධාරීන්ගේ ගැටලු පිළිබඳව සොයා බලන ලද අතර එහිදී ගැටලු රාශියක් හඳුනා ගන්නා ලදී. එහි දී ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හඬ නැගීම, ඔවුන්ට අවශ්‍ය උපකරණ ලබාදීම මගින් පහසුකම් සැපයීම සිදු කළ අතර තවදුරටත් එම කටයුතු සිදු කරගෙන යමින් පවතී.
එසේම තවදුරටත් පහත සඳහන් කරැණු ඉටු කරන ලෙස යෝජනා රජයට ඉදිරිපත් කර සිටිමු.
සමන් රත්නප්‍රිය
සභාපති
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය
