ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) ස්ථාපනය

මෙය වර්ෂ 1994 මාර්තු මස 17 වන දින දින ශ‍්‍රී ලංකාව විසින් ජගත් කම්කරු සංවිධානයේ අංක 144 දරණ ත්‍රෛපාර්ශවික විචාරය පිළිබඳ සම්මුතිය අපරමානුමත කිරීම හරහා කරළියට පැමිණෙන ජාතික යාන්ත‍්‍රණයකි. මෙහි මූලික කාර්්‍යභාරය වනුයේ ශ‍්‍රී ලංකාවට අදාළ වන සමාජ හා කම්කරු ප‍්‍රතිපත්තීන් සහ ජගත් කම්කරු ප‍්‍රමිතීන් / සම්මුතීන් සම්බන්ධ කාරණා වලදී රජය, ජාතික මට්ටමේ නියෝජකත්වයක් ඇති සහ  සුවීශේෂී සේවා නියුක්ති ක්‍ෂේත‍්‍ර නියෝජනය කරන සේවක සහ සේව්‍ය සංවිධාන අතර ත්‍රෛපාර්ශවීය ස්වරූපයෙ සැබෑ සහ හරයාත්මක මෙන්ම සංවාදාත්මක මත විචාරයක් සිදු කෙරෙන යාන්ත‍්‍රණයක් ලෙස කටයුතු කිරීමයි.

එමගින් මෙම ජාතික උපදේශක යාන්ත‍්‍රණය මගින් මූලිකවම ශ‍්‍රී ලංකාව විසින් අත්සන් තබා ඇති සම්මුතීන්, තවමත් අත්සන් තබා නොමැති වැදගත් සම්මුතීන් සහ ජගත් කම්කරු සවිධානයේ සමුඵ අශ‍්‍රිත කාරණාවන් හා මූලධර්ම ක‍්‍රියාවට නැංවීමට අදාළ කරුණු කාරණා ත්‍රෛයිපාරිශවීය පාර්ශවකරුවන් අතර සංවාදාත්මකව විචාරයට භාජනය කිරීම අපේක්‍ෂා කෙරේ. එලෙසම මෙම යාන්ත‍්‍රණය හරහා අප රට තුළ ශ‍්‍රමිකයන්ට සහ සේවා නියුක්ති ක‍්‍රියාවළියට අදාළ කාරණා පිළිබඳ නීතිරීති, රෙගුලාසි හා ප‍්‍රතිපත්ති සැකසීමට පෙර අදාළ කාරණාවන් පිළිබඳව සියඵ ත්‍රෛපාර්ශවීය පාර්ශවකරුවන්ගේ  ඕනෑ එපාකම් එකී නීතිරීති, රෙගුලාසි හා ප‍්‍රතිපත්ති හරහා පිළිඹිඹු කරනු වස් සංවාදාත්මක විචාරයට භාජනය කිරීම සිදුකරනු ලබයි.

ඉහත අර්ථයෙන් මෙම ත්‍රෛපාර්ශවීය සංවාද හා විචාර යාන්ත‍්‍රණය සේවක ප‍්‍රජාව වෙත ඉතා සුවිශේෂී හා වැදගත් කාර්යයභාරයන් ඉටු කරනු ලබයි.  කම්කරු නීතිරීති, රෙගුලාසි හා ප‍්‍රතිපත්ති නිර්මාණයේදී සහ ජගත් කම්කරු ප‍්‍රමිතීන් මෙන්ම ජගත් කම්කරු සංවිධාන ක‍්‍රියාවලියට අදාළව මෙවැනි සාධාරණ යාන්ත‍්‍රණයක සහය ලබා ගැනීමට පසුගිය හා වත්මන් රජය යම් යම් අඩුපාඩුකම් මාධ්‍යයේත් නොකඩවා තබා ඇති අඛන්ඩ දේශපාලන විශ්වාසය පැසසුම් සහගතය.

ඉතිහාසය නිරන්තරයෙන් අප වෙත පෙන්වාදෙන පරිදි කිසිඳු අයිතිවාසිකමක් නිරායාසයෙන් අප උකුල් මතට පතිතවීමක් සිදුවී නොමැත. පවතින ත්‍රෛපාර්ශවීය යාන්ත‍්‍රණයත් තවදුරටත් මනා ලෙස වර්ධනය කොට පවතින අඩුපාඩු මග හරවාගෙන සේවක පාර්ශවයටත් සේවා නියුක්තියට අදාළ අනෙකුත් පාර්ශවයන්ටත් ඵලදායි හා හරයාත්මකකාර්යභාරයක් ඉටු කරලීම උදෙසා වෘත්තීය සමිති විසින් සුවිශාල හා භාරදුර කාර්යභාරයක් ඉටු කළ යුතුව ඇත. මෙම වැඩබිම පිටුව වෙන්ව ඇත්තේ මෙම සුවිශේෂි  කාර්යභාරය ඉටු කිරිමටත්, ජාතික කම්කරු උපදේහක සභා යාන්ත‍්‍රණය වඩාත් ඵලදායී ව්‍යූහයක් බවට පත්කොට වැඩකරන පංතියේ අපේක්‍ෂාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සාධාරණ හා යුක්තිසහගත සම්මුතිය මුල්කරගෙන මහජන අදහස් උදහස් සැබෑ ලෙස නිරූපණය වන සංවාදාත්මක විචාරණ යාන්ත‍්‍රණයක් බවට පත්කරලීම උදෙසායි. මෙකී ත්‍රෛපාර්ශවීය ක‍්‍රියාවළිය සඳහා පුඵල් මහජන දායකත්වයක් ලබාදිය හැකි අයුරින් බහුතර හා නිහඬ වැඩකරන ප‍්‍රජාවගේ  ඕනෑ එපාකම් තොරතුරු තාක්‍ෂණ මාධ්‍යය හාරහා හැඩගැස්විය හැකිනම් එය මෙම ත්‍රෛපාර්ශවීය යාන්ත‍්‍රණයේ වටිනාකම තවත් ඉස්මතු කරනු ඇත.

ඉහත අරමුණ අර්ථවත් කරනු පිණිස අත්‍යාවශ්‍යයෙන්ම ප‍්‍රමුඛතාවයක් ලෙස මෙම ජාතික කම්කරු උපදේශක සභාවේ කථිකාවත විනිවිද පෙනෙන සේම වැඩකරන පංතියේ සැබෑ මතය නියෝජනය කෙරෙන තැනකට ගෙන ආ යුතුය. එලෙසම සැබෑ සේවක පාර්ශවකරුවන් හට මෙම සංවාදයට දායක වනු පිණිස සාධාරණ ලෙස සහතික කෙරෙන අවකාශයක් තිබිය යුතුය. සංවාදාත්මක විචාරයේ හා යාන්ත‍්‍රණයේ කටයුතු පවත්වාගෙන යාමේදී පිළීගත් හා විනිවිද පෙනෙන ලෙස සියඵ පාර්ශවකරුවගේ සහභාගිත්වයෙන් ව්‍යවස්ථා හා කාර්යය පටිපාටියම රාමුවක් නිර්මාණය කරගත යුතුව ඇත. රාජ්‍ය අංශය, පුද්ගලික අංශය යන බේදයන්ගෙන් තොරව සේවක වුවමනාවන් මෙම සභාව තුළ නියෝජනය විය යුතුය.

ඉහත ප‍්‍රයන්තය යථාර්ථයක් වීම බලහත්කාරයෙන් හෝ බාහිර පීඩනය මත නොව පාර්ශවකරුවන්ගේ සම්මුතියෙන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව සහ ජගත් කම්කරු සංවිධාන මූලධර්ම වලට අනුකූලව සිදුවිය යුතුය. මේ සියල්ලන්ටත් වඩා මෙම සංවාදාත්මක විචාර විචාරණ ක‍්‍රියාවලිය කෙරහි ඔබේ අවධානයත් නිරන්තර දායකත්වයත් අත්‍යවශ්‍යය. මෙම වැඩබිම පිටුව මෙම අරමුණ පෙරදැරිව ජාතික කම්කරු උපදේශක සභා කාර්යභාරය වැඩකරන පංතියට වඩා ඵලදායී හා අර්ථාන්විත කරනු වෙනුවෙන් කැපවී සිටියි.

සාමාජිකයෝ

සේව්‍ය නියෝජිතයින්

රවී පීරිස් මහතාඅධ්‍යක්ෂ ජනරාල්
ශ්‍රී ලංකා සේව්‍යයන්ගේ සම්මේලනය
රොහාන් පණ්ඩිතකෝරලගේ මහතාඅධ්‍යක්ෂ (මා.ස. සං)
සී/ස එයිට්කන් ස්පෙන්ස් මූල්‍ය සමාගම
අනුර ලොකුහෙට්ටි මහතාප්‍රධාන විධායක නිලධාරී
ලංකා හෝටල් සංස්ථාව
දිලානි අලගරත්නම් මියසභාපති
මානව සම්පත් නෛතික සහ ලේකම් කටයුතු, ජෝන් කීල්ස් හොල්ඩින් සමාගම
එස්.කේ. ලලිත් ඔබේසේකර මහතාප්‍රධාන විධායක නිලධාරී
සී/ස බලංගොඩ වැවිලි සමාගම
සුනිල් විජේසිංහ මහතා(උපදේශක – ඵලදායිතා) සභාපති/කළමනාකරණ අධ්‍යක්ෂ
සී‍/ස දංකොටුව පෝසිලේන් පුද්ගලික සමාගම
ධම්මික ප්‍රනාන්දු මහතාසභාපති
නිදහස් වෙළඳ කලාපීය නිෂ්පාදක සංගමය
එච්. මලින් ගුණතිලක මහතාලේකම්
ශ්‍රි ලංකා වැවිලිකරුවන්ගේ සංගමය
ඉසුරු තිලකවර්ධන මහතාලංකා වානිජ මණ්ඩලය
තිස්ස ජයවීර මහතාසභාපති
ශ්‍රී ලංකා කර්මාන්ත හා වානිජ මණ්ඩල සම්මේලනය
අර්ඩ්ලි ඩේවිඩ් මහතාශ්‍රී ලංකා අපනයන ඇඟලුම් සංගමය
රොහාන් අබේකෝන් මහතානියෝජිත
ඒකාබද්ධ ඇඟලුම් සමාගම් සන්සඳය
ශ්‍යාමා ගුණවර්ධන මියමණ්ඩල සාමාජික
කාන්තා කර්මාන්ත හා වානිජ මණ්ඩලය

සේවක නියෝජිතයින්

ඩී.ඩබ්. සුබසිංහ මහතාසාමාන්‍ය ලේකම්
සමස්ථ ලංකා වෘත්තීය සමිති සම්මේලනය
සුප්පයියා රාමනාදන් මහතාසභාපති
Lanka General Services Union
කේ. වේලායුදම් මහතාසාමාන්‍ය ලේකම්
ලංකා ජාතික වතු කම්කරු සංගමය
වසන්ත සමරසිංහ මහතාසභාපති
අන්තර් සමාගම් සේවක සංගමය
ලෙස්ලි දේවේන්ද්‍ර මහතාසාමාන්‍ය ලේකම්
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය
ඒ. ලොඩ්වික් මහතාසාමාන්‍ය ලේකම්
National Workers Congress.
බාලා තැම්පෝ මහතාසාමාන්‍ය ලේකම්
The Ceylon Mercantile, Industrial and General Workers Union (CMU)
අමරපාල ගමගේ මහතාසභාපති
සමස්ත ලංකා බැංකු සේවක සංගමය
ඇන්ටන් මාකස් මහතාසාමාන්‍ය ලේකම්
Free Trade Zone & General Service Employees Union
හරින්ද්‍රනාත් චන්ද්‍රසේකර මහතාජ්‍යෙෂ්ඨ Vice සභාපති
(IR & IA), Ceylon Workers Congress
සුරංග නාවුලගේ මහතාප්‍රධාන සංවිධායක
ජාතික සේවක සංගමය
ටී.එම්.ආර්. රසීඩින් මහතානියෝජ්‍ය සභෘපති
ලංකා කම්කරු සම්මේලනය
ඩබ්.එච්. පියදාස මහතාසභාපති
රාජ්‍ය සේවා වෙළද සංගම් සම්මේලනය
ලිනස් ජයතිලක මහතාසභාපති
කම්කරු ඒකාබද්ධ සම්මේලනය
පාලිත අතුකෝරල මහතාසභාපති
National Union of Seafarers of Sri Lanka.
විජේවන්ත අමරසිංහ මහතාසාමාන්‍ය ලේකම්
ලංකා වතු කාර්ය මණ්ඩල සංගමය

රජයේ නියෝජිතයින්

ඩබ්.ජේ.එල්.යූ. විජයවීර මහතාලේකම්
කම්කරු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශය
පද්මිණි රත්නායක මියලේකම්ගේ සම්බන්ධීකරණ ලේකම්
කම්කරු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශය
හේරත් යාපා මහතාඅතිරේක කම්කරු කොමසාරිස් ජනරාල්
කම්කරු දෙපාර්තමේන්තුව
පී.එස්. පතිරත්න මහතාජ්‍යෙෂ්ඨ නීති උපදේශක
කම්කරු දෙපාර්තමේන්තුව
දුමින්ද ජයලත් මහතාකළමණාකකාර ජනරාල් (ශ්‍රම වාසනා)
කම්කරු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශය
වී.බී.පී.කේ. වීරසිංහ මියකම්කරු කොමසාරිස්
ජනරාල් කම්කරු දෙපාර්තමේන්තුව
මනෝජ් ප්‍රියන්ත මහතාකම්කරු කොමසාරිස්
කර්මාන්ත සබදතා අංශය කම්කරු දෙපාර්තමේන්තුව
ආර්.පී. විමලසේන මහතාජ්‍යෙෂ්ඨ නීති උපදේශක
කම්කරු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශය
ඩී.පී.කේ.ආර්. වීරකෝන් මහතාකම්කරු කොමසාරිස්
සේවක අර්ථසාධක අරමුදල් අංශය කම්කරු දෙපාර්තමේන්තුව
ඩබ්.එල්.එස්. විජේසුන්දර මියකම්කරු කොමසාරිස්
කර්මාන්ත ආරක්ෂක අංශය කම්කරු දෙපාර්තමේන්තුව
ඩී.ඒ. පේමාවතී මියකම්කරු කොමසාරිස්
කම්කරු ප්‍රමිති අංශය කම්කරු දෙපාර්තමේන්තුව
එම්.ඩී.සී. අමරතුංග මියකම්කරු කොමසාරිස්
කාන්තා හා ළමා කටයුතු අංශය කම්කරු දෙපාර්තමේන්තුව
එච්.කේ.කේ.ඒ. ජයසුන්දර මහතාකම්කරු කොමසාරිස් (සංවර්ධන)
කම්කරු දෙපාර්තමේන්තුව
ඩබ්.එම්. දයාවතී මෙයකම්කරු කොමසාරිස් (පරිපාලන)
කම්කරු දෙපාර්තමේන්තුව
ඒ. විමලවීර මහතාජ්‍යෙෂ්ඨ සහ. ලේකම් (කම්කරු හා විදේශ සබදතා)
කම්කරු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශය
චම්පික අමරසිංහ මියවැඩබලන අධ්‍යක්ෂ ජනරාල්
වෘත්තීය ආරක්ෂාව හා සෞඛ්‍ය පිළිබද ජාතික ආයතනය
එස්. ලංකාතිලක මහතාමධ්‍යම බැංකු සහකාර ආණ්ඩුකාරවරයා
අසිත කේ. සෙනෙවිරත්න මහතාවැඩබලන අතිරේක ලේකම්
කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය
ඩී.සී.ඒ. ගුණවර්ධන මහතාඅධ්‍යක්ෂ
මිල ගණන් හා වැටුප් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ඩබ්.ඒ. ජයසිරි මහතාඅධ්‍යක්ෂ (කර්මාන්ත සබදතා)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
කේ.එම්.ඒ. ගොඩවත්ත මහතාසභාපති
සේවක භාරකාර අරමුදල් මණ්ඩලය
සිරිපාල අමරසිංහ මහතාඋපදේශක (කර්මාන්ත සබදතා)
උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය