"පලස" කුසලතා පූර්ණ නිර්මාණ සදහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය නොවැ. 04

"පලස" කුසලතා පූර්ණ නිර්මාණ සදහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය නොවැ. 04

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය විසින් සංවිධානය කරන ලද අන්තර් විශ්වවිද්‍යාලයීය "පලස" කවි , ගීත රචනා සහ කෙටි කතා තරගාවලියේ ජයග්‍රහකයන්ගේ නාම ලේඛණය නිකුත් කරමින් විද්‍යාර්ථීන්ගේ සංවිධානය - කොළඹ විශ්වවිද්‍යාලය, සභාපති බර්නාඩ් කාරියවසම් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, අන්තර් විශ්වවිද්‍යාලයීය තරගයක් ලෙස පැවැත් වූ මෙම තරගය උපාධි අලාභීන්ගේ නිර්මාණාත්මක හා පරිකල්පන කුසලතා ප්‍රවර්ධන ය කිරීමේ අභිලාශයෙන් පවත්වන ලද තරගයට ඉදිරිපත් කරණ ලද නිර්මාණ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ම බිහි වූ මහාචාර්යවරුන්,  ලේඛකයන් හා ප්‍රාමාණික විද්වත් මණ්ඩලයක පරීක්ෂාවකින් තෝරා ගැනීමට කරන ලද බවයි.

එසේ තෝරා ගන්නා ලද කුසලතා පූර්ණ නිර්මාණ සදහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීම 2023 නොවැම්බර් 04 දින උදේ කොළඹ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ   31 වෙනි වාර්ෂික සංවත්සර සභාවේ දී සිදු කරනු ලැබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය "පලස" කවි , ගීත රචනා සහ කෙටි කතා තරගාවලියේ ජයග්‍රහයකයෝ .

පද්‍ය රචනා තරගය.

ප්‍රථම ස්ථානය -  එච්.ජී.ඉවංකා චමෝදි (කැළණිය විශ්වවිද්‍යාලය - වෛද්‍ය පීඨය)

දෙවන ස්ථානය - අමන්දි දෙව්මිණි ධර්මරත්න (කොළඹ විශ්වවිද්‍යාලය - නීති පීඨය)

තෙවන ස්ථානය - ආර්. ඒ .කල්නා සෝමරත්න (සබරගමුව විශ්වවිද්‍යාලය - ශාස්ත්‍ර පීඨය)

කුසලතා සහතික

නදිණි හිමංසා ප්‍රේමරත්න (ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය -ශාස්ත්‍ර පීඨය).

කවිශ්කා කිත්සරණී - (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ) 

එම්.එම්.ඒ.යසිරු කාව්‍ය අභයවර්ධන - (සබරගමුව විශ්වවිද්‍යාලය - වෛද්‍ය පීඨය)

පලවින්නගේ රුසිරු ජයශ්‍රී මුතුකුමාරණ - (සබරගමුව විශ්වවිද්‍යාලය - පරිවර්තන අධ්‍යනාංශය)

ඩබ්ලියු .එම්.සී.බී.වන්නිනායක - (සබරගමුව විශ්වවිද්‍යාලය )

ගීත රචනා තරගය.

ප්‍රථම ස්ථානය - එම්.සදනි විහාරා මාදම්පගේ (කැළණිය විශ්වවිද්‍යාලය - විද්‍යා පීඨය)

දෙවන ස්ථානය - කවිශ්කා කිත්සරණී (ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය - සත්ව හා අපනයන කෘෂි පීඨය)

තෙවන ස්ථානය - ධනංජය ලංකේෂ්වර දේශබන්දු (කොළඹ විශ්වවිද්‍යාලය - වෛද්‍ය පීඨය)

කුසලතා සහතික

විනුක වලවගේ - (පේරාදෙණිය විශ්වවිද්‍යාලය - දන්ත වෛද්‍ය පීඨය)

එච්.එම්.රිද්මි නදීශා තිලකරත්න - (රුහුණු විශ්ව විද්‍යාලය - කෘෂිකර්ම පීඨය)

හේශානි ප්‍රභා කුමාරි - (රුහුණු විශ්වවිද්‍යාලය)

එම්.එම් .ඒ. යසිරු කාව්‍ය අභයවර්ධන - (සබරගමුව විශ්වවිද්‍යාලය- වෛද්‍ය පීඨය)

කෙටිකතා තරගය.

කුසලතා සහතික

ඩී.වී.නුවන් තරංග ජයවර්ධන (කැළණිය විශ්වවිද්‍යාලය - නාට්‍ය හා සිනමා උපාධිය)

ටී.විවේකා සාරංගී තලගල - (කැළණිය විශ්වවිද්‍යාලය - වෛද්‍ය පීඨය)

ජේ.ඒ.මධුශි ලක්ශිකා ජයවික්‍රම - (රුහුණු විශ්වවිද්‍යාලය - වෛද්‍ය පීඨය)

එච්.විශ්වි සංදීපාහේරත් - (ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය - මානව ශාස්ත්‍ර පීඨය)

අමිල මධුශාන් විජේතිලක - (කැළණිය විශ්වවිද්‍යාලය - වෛද්‍ය පීඨය).