ජැක්සන් ඇන්තනී දැයෙන් සමුගනී

ජැක්සන් ඇන්තනී දැයෙන් සමුගනී

ශ්‍රී ලංකාවේ සිටි අග්‍රගන්‍ය විශිෂ්ඨ රංගන ශිල්පියකු වූ ජැක්සන් ඇන්තනී මහතා අද (09) දින උදෑසන අභාවප්‍රාප්ත වූ බව කොළඹ ජාතික රෝහල් වාර්තා සඳහන් කරයි.

හදිසි අනතුරක් හේතුවෙන් මාස 14කට වැඩි කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගියේය.

ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ඨ ඝණයේ වේදීකා, චිත්‍රපටි, ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් වූ ඇන්තනී මහතා, ගේය පද රචකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක් මෙන්ම නිවේදකයෙක් ලෙසද කටයුතු කල අයෙක් විය.