අන්තිමට හමුවුණේ නුවර වැඩබිමක

අන්තිමට හමුවුණේ නුවර  වැඩබිමක

පරිසරය ව්‍යාපෘති ගත නොවූ ලොවක

සිරස එෆ්.එම් උදෑසන          තරංගයක

පරිසරයටම විනාඩිය කළා          එවක

පුංචි වුන් ලෙස අපිත් බැඳුනාය   රහක

මහින්දේ ලොකු ගේට්ටුවෙන් එන පාරේ

කැමරාව රැගත් මතකයක් තව     පෑරේ

අපි බලන් හිටියාට කැන්ටිමේ         දා්

හිතේ කෙටුනේම අනුරාගයේ          සාරේ

ඕබීය යට කරන් ඊගෝව            එද්දී

ස්ථාවරේ වුණේ නෑ දෙකට       පැද්දී

යුක්තියට දෙනෝදාහක් සිනාසෙද්දී

දරාගෙන හිටියෙ කොහොමදෝ හිත රිද්දී

භෞතිකමවාදියොත් පන්සලේ දනිස්සෙන්

හේතුවාදියකු ලෙස විදු ලොවේ කිනිස්සෙන්

අවිද්‍යාවට ඇන්නාම තැලුවාට හනස්සෙන්

සිතිජයේ ඉම මැකී ගියේ නැත පියස්සෙන්

අන්තිමට හමුවුණේ නුවර       වැඩබිමක

වෙන්ව ආවත් එකට ගියේ බස්     දෙකක

ලකුණු තිබුණා එදත් වෙහෙසකර වතක

"මල්ලි දැන් මම රෙඩී" වචනමයි    මතක

බලන්නට බැරිවුණේ දුෂ්කරම වෙලාවේ

ග්‍රහදෝෂයක් නිසයි පුවත්පත්   කලාවේ

හැරී බලනා කලට ගියත්  කළු    වලාවේ

ඔබත් එක්වී සොයුර මතක වැලිතලාවේ

මරණයට අත වනන කලකිරුණු ලොවෙහී

මාරයා සටනකට කැඳෙව් හැටි        අගෙහී

පරාජය අත ළඟම දැනගෙනත්        මගෙහී

අතැර නොයමින් එල්ලුනෙත් පෑන්  කගෙහී

සුබ ගමන් සොයුර 🌷

 

| බිඟුන් මේනක ගමගේ