වටිනාම සුවඳ

වටිනාම සුවඳ

දිනිඳු ලා රැස් දහර

මං මාවත් පුරා විසිතුරු රටා මවද්දී….

දමා ඒමට නොහැකි

සදාතන දුක් ගැහැට ද සමඟ……

පියවර තබා වැඩ බිමට

නේක ජාල රටා මවනා

රෙගුලාසි රවුම් මැද…..

දවසේ මෙහෙවරට උර දී……

ඉඳහිට නැගෙන

සැරසිලි සිනා කැන් මැද ….

හද පුරා වත්සල හැඟුම් දරමින්

නිසි හෝරාවෙන් පසුව

චංචල මාවතට සබැඳි ……

රන්තරු සිනා දැකුමට …..

සෙනෙහසේ කැදළි කරා පියනගන….

සොයුරු සොයුරියනි ඔබගේ

දාඳිය සුවඳ අගනේ…

දුර ඈත සිට ගෙන ආ….

රන්මසු බොහෝ වටිනා…

විලවුන් සුවඳට ත් වඩා …..

 

ඩබ්ලිව්. ඩී. ටී. වසන්ත

ගාල්ල