සරන්නී නුඹයි සුව පවුල් සේවෙයෙ  පිහිට !

සරන්නී නුඹයි සුව පවුල් සේවෙයෙ  පිහිට !

උඩු වියන් පාවාඩ මල් පොකුරු නැත අතට

පැසසුමක් නොලැබුනත් නොදී අඩුවක් සතට

ගමින් ගම දොරින් දොර මග නොහැර දී සතුට

සරන්නී නුඹයි සුව පවුල් සේවෙයෙ  පිහිට

 

මව් දරුන් සුරකිමින් නිති නිබඳ වෙහෙසෙනා

සුව සවිය වෙනුවෙන් ම නිරතුරුව කැපවෙනා

බිලිඳු ජීවය සුරැකිවම ලොවට ගෙන එනා

නුඹ නමින් මල් මිටක් ගෙනෙමි අද සතුටිනා

 

(මැයි 05 ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය දිනයයි.

සුව සේවයේ අමිල මෙහෙවරක් කරනු ලබන සියළුම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනී ට සුබ පතමි.)

 

| සරෝජිනී බෝගහවත්ත, පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනී, දෙවිනුවර