එක් දරු ගැබක අලුත් බලාපොරොත්තු රැසක් දලු ලද්දේ,
ජීවිතයේ පළමු හුස්ම පොදට නිසි මඟ පෙන් වූයේ,
ඒ රෝස පාට පුංචි දෙපා අත් විඳින්නට පාර තැනූයේ,
නුඹේමයි ඒ දයාවේ දෑත...
හැඬුම් බිඳක් මැද, සිනහවක් තැවරුණු මුදු සැනසුම
නව ලොවක් අමතන ඒ පුංචි දෑස් මත දැකීම,
වෙහෙස නොබලා රැයක දවාලක, මවු සෙනෙහස පුදන්නිය,
නුඹමයි ඒ ජීවිතයේ මුදු මුල්ල...
සුදු ඇඳුමින් සැරසුණු, සෙනෙහසේ දේවතාවිය,
දරු ගැබේ ආරම්භයේ සිටම, නිහඬ සෙවනැල්ල,
නුඹේමයි ඒ පරිත්‍යාගශීලී සේවය, සදා සැමරෙන,
නුඹමයි අපේ රටේ සැබෑ වීරවරිය...
Midwifery Page FB පිටුවෙන්

