ජාත්‍යන්තර කාන්තා දිනට කටුනායක සහයෝගිතා උද්ඝෝෂණයක්

ජාත්‍යන්තර කාන්තා දිනට කටුනායක සහයෝගිතා උද්ඝෝෂණයක්

2021 ජාත්‍යන්තර කාන්තා දිනය නිමෙත්තෙන් මාර්තු 07 උදේ 9.00 කටුනායක නිදහස් වෙලඳ කලාප සහයෝගීතා උද්ඝෝෂණයේ සටන් පාඨ

කාගෙද මේ - බලවේගේ
එෆ් ටී සෙඩ් - බලවේගේ
ෆැක්ටරි තුල - තැලෙන පෙලෙන
ගැහැනු අපේ - බලවේගේ

මොකද්ද මේ - විරෝදේ
කලාපයේ - විරෝදේ
හැමදාමත් - තැලෙන පෙලෙන
ගැහැනු අපේ - විරෝදේ

ෆැක්ටරි තුල - අපේ ශ්‍රමය
විකිනෙන්නේ - කුනු කොල්ලෙට
කෑමක් නෑ - රහට කුසට
වහල් යුගේ - යලි ඇවිත් ද?

ශ්‍රමය ගන්නෙ - කුණු කොල්ලෙට
වැඩ ගන්නේ - ලෙස නිරයට
ඒ මදිවට - ඇත හින්සන
වැඩ පොල තුල - නෑ සහනය

සී සී සී - වන් නයින්ටි
නෑ නෑ නෑ - හරිම නෝටි
වහල් වැඩක් - වගේ නෝටි
ගෙනෙව් ගෙනෙව් - වන් නයින්ටි

මාස්ක් එකක් - දෙන්නෙත් නෑ
සැනිටසර් - දැක්කෙත් නෑ
වැක්සින් එක - අපිට ත් නෑ
රැක වරණය - කිසිවක් නෑ

උතුරෙන් ආ - සහෝදරියො
භාශාවෙන් - නිහඬ කරල
භාශාවේ - නිළ අයිතිය
කලාප වල - හිර කරාලා

වහල් කඩේ - මෑන් පවර්
කලාපයේ - මෑන් පවර්
හූරං කන - මෑන් පවර්
නතර කරව් - මෑන් පවර්

නිසි වැටුපක් - අපට දියව්
බෝනස් හෙම - අපට දියව්
හින්සනයට - තිතක් තබව්
ලිය සවියට - දිරිය දියව්.

මාර්තු හත - දිනය අපේ
බොරු සැනකෙලි - වැඩක් නැතේ
බලධරයනි - කලාපයේ
හෙනගහලද - ඇසට තොපේ

දියව් අපිට - නිසි විසඳුම්
ඩොලර් රටට - ගෙනෙන දෑත්
තොටිල්ල ලොව - නලවන්නට
රැකවරණය - හරි වැදගත්

ලෝක කාන්තා දින කලාපයේ කම්කරු සමගියට ජයවේවා.