වැඩ කරන පන්තියේ බලයක් උදෙසා එක්සත්ව පෙළ ගැසෙමු
01 චිකාගෝවෙ - බල කොටුවේ
හේමාකට් - චතුරස්රේ
කම්කරු ලේ - ගලා ගියේ
සිහි කරන්නෙ - දිනයයි ඒ
02 ලේ හලලා - දිවි පුදලා
කම්කරුවා - දිනු අයිතිය
රැක ගන්නට - පෙරට එන්න
කම්කරුවනි - පෙරට එන්න
03 කාගෙද මේ - බලවේගේ
කම්කරුවගෙ - බලවේගේ
පොදු ජනතා - බලවේගේ
බලය අයිති - බලවේගේ
04 කම්කරුවනි - සටන් වදිමු
ගොවි ජනයිනි- පෙරට ඇදෙමු
තරුණ ශිෂ්‍ය - බලය සමග
අලුත් ලොවක් - දෙසට හැරෙමු
05 ගොඩයි ගොඩයි- ප්‍රශ්න ගොඩයි
බැංකු වලත් - ප්‍රශ්න ගොඩයි
විසඳන හැටි - හරිම යසයි
බලධරයින් - නිදා වැටෙයි
06 ඩීල් දාල - හොරා කාල
නැති කෙරුවෙ - අපේ මුදල්
වගේ වගක් - නැතිව බයක්
ඉන්න දෙන්නෙ - ඇයිද තවත්
07 තව නම් බෑ - ඉන්න ටිකක්
බලය දුන්නෙ - තුනෙන් දෙකක්
කල් මරමින් - නොයිද තවත්
අල්ලපියව් - කම්බ හොරුන්
08 විසඳන්නට - ඇයිද පමා
ඇයි ද ඉන්නෙ - තෙපර බබා
මේ විදියට - යන්න ගියොත්
ආණ්ඩුවට - බඩුම තමා
09 බිසී බිසී - හරිම බිසී
මුදල් ඇමති - මාර බිසි
මෙහෙම ගියොත් - බොහොම ළඟදි
වෙනව අපිට - වෙන්න බිසී
10 අපෙ පැය අට - පොකට් ගහන
රස්සාවෙන් - දොට්ට දාන
කම්කරුවා - වහල් කරන
සංශෝධන - ඉරා දමනු
11 ලංකාවම - උගස් කරල
ජනතාවම - ණය කරවල
ගත්ත ඩොලර් - හොරා කාලා
හොර දෙටුවෝ - සැප විඳිනවා
12 කාගෙද මේ - විරෝදේ
කම්කරුවගෙ - විරෝදේ
අධ්‍යාපනෙ - සුව සේවේ
විකුණනවට - විරෝදේ
13 බදු ගැහුවේ - අපිටතමා
තාමත් නෑ - සටන නිමා
බදු බර අපෙ - අඩු නොකලොත්
ආණ්ඩුවට - නොමැත සමා
14 බදු ගහපිය - ධනපතියට
සහන දියව් - ජනතාවට
හොරකං කර - රට පටවපු
ධනය ගෙනෙව් - යළිත් රටට
15 IMF - කොන්දේසිය
කරයි රටම - වෙන්දේසිය
ජනතාවට - අරන් එන්නෙ
විකිණිල්ලේ - සංදේශය
16 ජනතාවගේ - පොදු දේපළ
මතු පරපුර - සතු දේපළ
විදෙස්වලට - විකුණං කන
එපා එපා - වෙන්දේසිය
17 ධීවරයට - ගොවි ජනයට
සහන දියව් - දිවි රැකුමට
සහතික මිල - අස්වැන්නට
ලබාදියව් - නියම කලට
18 අයි එම් එෆ් - වට්ටෝරුව
සහචරයගෙ - ඉස්ටෝරුව
පාලකයගේ - අත්වාරුව
මහජනයගෙ - මර තොණ්ඩුව
19 ඊ.පී.එෆ් - ඊ.ටී.එෆ්
කම්කරුවට - අයිති මුදල්
ඩීල් දාලා - හොරා කාපු
අපේ මුදල් - අපට දියව්
20 එපා එපා - නසනු එපා
ගහ කොළ වැල් - මරනු එපා
වන දියවැල් - වනසාලන
කැලෑ හොරුන් - යවමු අපා
21 භාෂණයට - ලේඛනයට
ඇති නිදහස - නැති නොකරව්
PTA - ATA
ත්‍රස්ත පනත් - ඉවත් කරව්
22 නීති කඩන - සිංගල් ලෝ
අයිති නසන - සිංගල් ලෝ
සූරාකන - සිංගල් ලෝ
ඉරාදමමු - සිංගල් ලෝ
23 කොල්ල කාපු - ඉඩම් දියව්
වන අලියගේ - කැලෑ දියව්
පැහැර ගත්ත - මසුන් දියව්
හොරකම් කළ - ධනය දියව්
24 සිහල, දමිළ - යෝනක සැම
පවුලක් ලෙස - ඉඳිමු එකට
බේද කරලා - උන් කොටවන
පජාත වැඩ - වළකාලමු
25 එස් එල් ටී - ඉන්ෂුවරන්ස්
ඛනිජ තෙල් ද - විදුලි බලය
මිල්කො - පොදු ප්‍රවාහනය
රජයෙ බැංකු - සහ තැපෑල
රැක ගන්නට - අපි එක්වෙමු
ජාතික සම් - පත් සුරකිමු
26 සටන් කරමු - සටන් වදිමු
ජනතාවනි - සටන් වදිමු
වැඩ කරනා - ජනතාවට
බලය තියෙන - රටක් හදමු
- ලාංකේය කම්කරු ව්‍යාපාරයට ජයවේවා !
- ලෝක කම්කරු ජනතාවට ජයවේවා !
- ලෝක කම්කරු බලයක් වෙනුවෙන් එක්සත්ව පෙළගැසෙමු !
- ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය -