අද මාර්තු 8 යි. මෙම දිනය සුවිශේෂ වන්නේ අද දින ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබෙන නිසායි. මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ, "තිරසාර හෙටක් සඳහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය යන්නයි". මෙම තේමාව දෙස බැලූ බැල්මට පෙනෙන්නේ එක්තරා අන්දමට තිරසාර හෙටක් ගොඩනැඟීමේ ප්‍රයත්නය වෙනුවෙන් සිදුකළ හැකි ස්ත්‍රී පුරුෂ සාමුහික ප්‍රයත්නය පිළිබඳ කතිකාව. ඒ සඳහා අවශ්‍ය වන ස්ත්‍රීපුරුෂ සමාජභාවීය සමානාත්මතාවය වැදගත් ව බවයි.
අද වන ව්ට අප මුහුණ දෙන බොහෝ ගැටලු ලෝකය පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වීමත් සමඟ ගොඩනැඟෙන ගැටලු වෙනවා.ලෝකය පද්ධතියක් වෙන විට අපි එහි කොටස්කරුවෝ වෙනවා. පද්ධතිය තුළ ගොඩනැඟෙන ගැටලු ගෝලීය ගැටලු බවට පත්වෙනවා. විසඳුම් දෙස ද ගෝලීයව හිතා බැලීමක් අවශ්‍ය වෙනවා. මේ සාමුහික ප්‍රයත්නයේ වැදගත්කම පිළිබඳ ඉඟි කෙරෝනා වගේ අධි වසංගතයක් තුළ. නැවත නැවත මතු කරනවා. ඊණියා සංවර්ධනය පිළිබඳ කතිකාව අප තුළින්ම ප්‍රශ්න කරනවා. ස්ත්‍රීය හෝ පුරුෂයා වේවා පුරවැසියෙක් වශයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්, මානව යහපැවැත්මේ අත්‍යවශ්‍යෙතාවය සහ අපේ අනාගතය පිළිබඳ සැක මුසු බියක් ගොඩනැඟෙන්නේම තිරසාර හෙටක් පිළිබඳව අවිනිශ්චිතතාවය සමඟ.
ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව සාක්සාක්ෂාත් කර ගැනීමට මෙම තිරසාර හෙටක් කියන කතිකාව ඉදිරියට අරගෙන යන්න ඕන. ඒ සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ කතිකාව අපි ඉදිරියට අරගෙන යන්න වෙනවා. අපි හැමෝටම මේ අර්බුදයෙන් මිදෙන්න තිරසාර පැවැත්මක් තහවුරු කර ගැනීමට මෙම අනෝන්‍ය අවබෝධය අත්‍යවශ්‍ය වෙනවා. ස්ත්‍රීයට පුරුෂයාට අදාළ සංස්කෘතික බෙදීම් වලින් වියුක්තව මනුෂයකු ලෙස අනෙකා දිහා බැලීම වැදගත් වෙනවා. ගෝලීය අර්බුදය අපේ ද අර්බුද බවට පත්වෙන විට අපිට තනි තනිවම අර්බුද වලට මැදිහත්වීම් ගැන හිතන්න බැරි වෙන්නේ ඒ නිසායි. ඒ අතින් ගත්තාම එක්සත් ජාතීන්ගේ කාන්තා සංගමය විසින් මඟින් දාපූ මේ තේමාව හරියමට හරි. තිරසාර හෙටක් ගොඩනැඟීමට ස්ත්‍රිය පුරුෂයාට සමානාත්මතාවය ඉටුවෙන පරිසරයක් ගොඩනැඟන්නම ඕන.
ඒත් අපි ගෝලීයව යම් යම් දේ ඉටු කර ගැනීමේ තතත්වයට ඇවිල්ලා තියෙද්දි අපේ වගේ රටවල් වල පොදුවේ ස්ත්‍රීය සහ පුරුෂයා මුහුණ දෙන ගැටලු රාශියක් අප හමුවේ තියනවා. ඒවා පුරුෂයාට වඩා ස්ත්‍රීයට බලපාන්නේ මේ ප්‍රශ්න එක පැත්තකට තවදුරටත් සංස්කෘතිකව මේ ප්‍රශ්න හඳුනා ගැනීම නිසායි. එන නිසා අනෙක් පැත්තට ස්ත්‍රීයගෙන් සමාජය ඉල්ලා සිටින භූමිකා සහ කාර්යභාරයන් ඇයව පීඩාවට පත්කරන නිසාත් වෙන්න පුළුවන්. ඒ නිසා තිරසාර හෙටක් පිළිබඳ කතිකාවේ දී ක්ෂ්ද්‍ර බලයවත් නැති විවිධ ස්ථර නියෝජනය කරන ස්ත්‍රිය කෙරෙහි ශ්‍රී ලංකාවේ සංදර්භයෙන් අවධානය යොමු කරන්න වෙනවා. ඇගේ ස්ථානගත කිරීම් කොච්චර දුරට සාධාරණ ද කියලා හිතන්න වෙනවා.
අපි සුපුරුදු පරිදි කතා කරන ඉල්ලා සිටින නිදහස, අයිතිවාසිකම් පිළිබඳ අපිට මතුකරන්නම වෙනවා. සමාජයේ කාන්තාවට හිමිවිය යුතු ස්ථානය පිළිබඳ පුරුෂවාදී දෘෂ්ටියකින් ඕබ්බට ගොස් ස්ත්‍රීපුරුෂ සමාජභාවීය සංවේදීත්වයෙන් බලන්න වෙනවා.. ඒ පිළිබඳව කාන්තාවන් ද පිරිමින් ද එකඟ විය යුතුයි ජාත්‍යන්තර දිනයේ තේමාවට ලඟා වෙන්න.
තිරසාර හෙටක් ගොඩනැඟීමට නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීත්වය, සාධාරණත්වය, ස්ත්‍රියට බලපාන ද්විත්ව ත්‍රිත්ව ආකාරයේ දරිද්‍රතාවය, සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සම්බන්ධ වඩා හොද අවබෝධයක් තිබිය යුතුයි. ස්ත්‍රිය කිසිදු ආකාරයක යුද්ධයකට ප්‍රචණ්ඩත්වයකට එකඟ නොවේ. රට තුළ මෙන්ම ලෝකය තුළ මානව හිමිකම් ආරක්ෂා විය යුතුයි. අප ජීවත්වන පරිසරය ආරක්ෂා විය යුතුයි.. ඒ සඳහා ආර්ථික සාධාරණත්වය ද ප්‍රධාන වේ. සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වුවහොත් පමණයි ස්ත්‍රිය පුරුෂයාට සාධාරණ ප්‍රවේශයක් සහිතවයි තිරසාර සංවර්ධනයක් ගොඩනැඟිය හැක්කේ.
ඒ නිසා රටක රාජ්‍ය බලය හොබවන ආණ්ඩු ස්ත්‍රිය කෙරෙහි සැබවින්ම හිතකර නම් මෙපමණ ආර්ථික අර්බුදයක සහ දේශපාලන අර්බුදයකට රට පත්කරන්නේ නැත. තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී ස්ත්‍රියගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය වේ. ස්ත්‍රීය ස්වභා දහමට සමීප නිසා පරිසරය ආරක්ෂා කිරීමේ දී ද ඇයගේ දැක්ම අත්‍යවශ්‍ය වේ.
රටක ස්ත්‍රිය කෙරෙහි සලකනවා කියන්නේම ස්ත්‍රීපුරුෂ සමාජභාවීය සංවේදීතාවයකින් හෙබි සාමය අගයන ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ඉටුකිරීම සම්බන්ධව දක්වන ප්‍රගතිශිලී ආකල්පයයි. මනුෂ්‍යත්වය සහ එකිනෙකා කෙරෙහි දක්වන ගැඹුරු දැක්මයි. ඇය විවිධත්වයට ආදරය කරන්නෙක් නිසා කිසිදු ආකාරයකින් ජාතිවාදී නැත. ජනාවර්ගික ගැටුම් වලදී ඇය නැත. සාමය ඇගේ ගීතය වේ. ඇගේ රිද්මය වේ. ස්ත්‍රියගේ ඇගයුම් ඉදිරියට ගෙන යාමට හැකි ආණ්ඩු බිහිකර ගැනීම අවශ්‍ය වේ.
අද දින ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව ඉටුකර ගැනීමට නම් තිරසාර හෙටක් ස්ත්‍රීපුරුෂ සමාජභාවිය සමානාතමතාවය පිළිබඳ යහපත් ආණ්ඩුකරණය පිළිබඳව නැවත සිතා බැලිය යුතුයි. ආදරය සහ සහයෝගීතාවය පිළිබඳ මානයන් ප්‍රවර්ධනය කිරීමට හැකි ආණ්ඩුකරණයක් අපිට අවශ්‍ය වේ.
කථිකාචාරිණී චන්දිමා ජයසේන
2022.03.08