ශ්‍රී ලාංකික කුල වැද්දු දරුවන්ගේ අක්මුල් සොයා දෙමු - චාන්දනී දිසානායක

ශ්‍රී ලාංකික කුල වැද්දු දරුවන්ගේ අක්මුල් සොයා දෙමු - චාන්දනී දිසානායක

තමා මෙලොවට ජනිත කළ  මව, පියා සොයා ගැනීමට මහජනතාවගෙන් උදව් ඉල්ලා දැන්වීමක් ප්‍රදර්ශනය කරන තැනට සමාජයක් පත්වේ නම් , එතන විශාල සමාජ ප්‍රශ්නයක් තිබෙන බව පැහැදිලිය .

පසුගිය දිනක මීගමුව මහ රෝහල ඉදිරිපිට තමා මෙලොවට ජනතාව මවුපියවර සොයා ගැනීමට වෙහෙස වන දරුවකුත් විදෙස් රටක සිට  මෙරටට පැමිණ එම දැන්වීම පළ කර තිබිණි .

ඒ තොරතුරු සොයා ආ තරුණිය අවුරුදු 30  වයසැති තැනැත්තියකි.  විදෙස් රටක විදේශීය මව්පියවරුන් යටතේ හැදි වැඩි විදේශිකයෙකු සමග විවාහ වී ඇය මවක් වූ පසු ඇගේ මව සොයා යාමට  පියවර ගෙන තිබේ .

එහෙත්  ඇගේ මව් පියවරු පිළිබඳව තොරතුරු සෙවීමට නිවැරදි හෝ නිශ්චිත තොරතුරු ඇය සතුව නැත.

ඊට හේතුව , ඇය ශ්‍රී ලංකාවේ පසුගිය කාලවකවානුව තුළ  මෙරටින් දරුවන් විදේශ රටවලට  අලෙවි කිරීමේ ජාලයක් පැවතීම සහ ඔවුන් සඳහා ව්‍යාජ ලියකියවිලි සකස් කිරීමය .

ඒ සඳහා දරුවන් අලෙවි කිරීමේ ජාවාරමේ යෙදෙන පිරිසට නීතිඥවරු න් ,  වෛද්‍යවරුන්, විදේශකයන්, සමග ඇතැම් රාජ්‍ය නිලධාරීන් පාර්ශවකරුවන් බවට මැදිහත්වීම නිසා තොරතුරු සොයා යෑම ඉතා අසීරු කාර්යයක් වේ .

baby 3

80,  90 දශක වල මේ පිළිබඳව දෙස් විදෙස් මාධ්‍ය මගින් ප්‍රවෘත්ති ප්‍රචාරය විය .

1987 අප්‍රේල් 8 ශ්‍රී ලංකා රජය "Baby Farms" නීති විරෝධී කිරීමට නීති දැඩි කරන බව නිවේදනය කළේය.

විදේශීය යුවළයන්ට දරුකමට දීම සඳහා ළදරුවන් මිලදී ගෙන විකිණීමේ ජාල මැඩපැවැත්වීම අරමුණ වූ බව සඳහන් විය.

අධිකරණ අමාත්‍යාංශයේ නිර්දේශ මත නීති සංශෝධන සිදු කරන බව වාර්තා කළේය. ( The Washington Post (Reuters)

ශීර්ෂය: Sri Lanka to Tighten Laws on 'Baby Farms'

1987 ජනවාරි 22    El País (Reuters)

ශීර්ෂ පාඨය ලෙස "  Desbaratada una banda dedicada a la compraventa de bebés en Sri Lanka" යනුවෙන්

"ශ්‍රී ලංකාවේ ළදරුවන් මිලදී ගැනීම සහ විකිණීමේ ජාලයක් හෙළිදරව් කෙරේ"

වශයෙනුත් ,

පොලිස් වැටලීමකදී ළදරුවන් 22 දෙනෙකු ආරක්ෂාවට ගත් බව වාර්තා විය.

විදේශීය යුවළයන්ට දරුකමට දීම සඳහා අතරමැදියන් ක්‍රියා කළ බව සඳහන් විය.

නීතිඥයන්, හිටපු හෙදියන් සහ හෝටල් සේවකයන් ඇතුළු පුද්ගලයන් සම්බන්ධ වූ බවට පොලිසිය සැක පළ කළේය.

El País

The Guardian 2017 සැප්තැම්බර් 20 (1980 දශකයේ සිදුවීම් පිළිබඳ විමර්ශන ලිපියක

ශීර්ෂ පාඨය  'There were a lot of baby farms': Sri Lanka to act over adoption racket claims " වශයෙන් සහ

ප්‍රධාන කරුණු ලෙස 1980 දශකයේ ශ්‍රී ලංකාවේ "Baby Farms" පැවති බව එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිගත් බව වාර්තා කළේය.

1987 පොලිස් වැටලීමෙන් පසු ජාත්‍යන්තර දරුකමට දීමේ නීති දැඩි කළ බව සඳහන් කළේය.

ව්‍යාජ ලේඛන, "acting mothers", DNA දත්ත ගබඩාව සහ විදේශගත දරුවන් තම ජීව විද්‍යාත්මක පවුල් සොයා යාමේ උත්සාහයන් පිළිබඳ විස්තර ඇතුළත් විය. intercountryadopteevoices.com

මේ කරුණු සැලකිල්ලට ගැනීමේදී පැහැදිලි වන්නේ ,  ජාවාරම් කිරීමේ ජාලයට සුළ මුලයි . අසූ අනූව දශක වල විදේශ රටවලට අලෙවි වූ මැදිවිය කරා යමින් සිටින දරුවන්  දැඩි පීඩනයකට  ද  මුහුණ දිය යුතු බවයි.

 

ලොව පුරා කරුණු සමීක්ෂණයට ලක්  කිරීමේ දී 1970- 1990 දශක වල  යුරෝපයට පමණක් දරුකමට දුන් ශ්‍රී ලාංකික දරුවන් 11,000 පමණ   ලබා දී ඇති බවයි. ඉන්, නෙදර්ලන්තයට 4,000 ක්, ස්විට්සර්ලන්තයට 700–900 ක් පමණ  බව  විවිධ පර්යේෂණ සහ රජයේ විමර්ශනවල ඇස්තමේන්තු  අතර තිබුණද එ සංඛ්‍යා ලේඛන පිළිබඳ  නිශ්චිත බවක් නොමැත.

ශ්‍රී ලංකාවෙන් විදෙස් රටවලට දරුවන් අලෙවි කිරීමට හේතුව පිළිබඳව සොයා යෑමේදී , එනම් ළමුන් කුල වැද්දා ගැනීම පිළිබඳ   1973–1997 කාලය තුළ ප්‍රංශය, ස්වීඩනය, නෙදර්ලන්තය සහ ස්විට්සර්ලන්තයේ උපත් අනුපාතය අඩුවීම සහ ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර දරුකමට ගැනීමේ ඉල්ලුම අතර සම්බන්ධතාව පිළිබඳව සැලකීමේදී 1970 දශකයෙන් පසු බටහිර යුරෝපයේ බොහෝ රටවල සමස්ත ප්‍රජනන අනුපාතය (Total Fertility Rate – TFR) කාන්තාවකට දරුවන් 2.1 ක් වන ජනගහන ප්‍රතිස්ථාපන මට්ටමට වඩා පහළට වැටුණි. මෙය ජනගහන විද්‍යාවේ පුළුල් ලෙස පිළිගත් ප්‍රවණතාවකි.

උදාහරණයක් ලෙස: Netherlands – TFR 1960 දශකයේ අග භාගයේ 3ට ආසන්න මට්ටමේ සිට 1980 දශකයේදී 1.5–1.6 පමණ දක්වා පහළ ගියේය.  Sweden – 1970 දශකයේ අඩුවීමක් ඇති වූ අතර, 1980 අග සහ 1990 මුල් කාලයේ තාවකාලික ඉහළ යාමක් තිබුණද, දිගුකාලීන ප්‍රවණතාව අඩුවීමක් විය. Switzerland – 1970 දශකයේ සිට ප්‍රතිස්ථාපන මට්ටමට පහළින් පැවතුණි. France – අනෙකුත් රටවලට වඩා සාපේක්ෂව ඉහළ උපත් අනුපාතයක් රඳවා ගත්තද, එයද 2.1 ට පහළට වැටී තිබුණි.

විදේශීය රටවලට ශ්‍රී ලාංකීය දරුවන් ගෙනයාමට හේතුව    උපත් අඩුවීම පමණක් නොවන බවද සෙවී යුතු කාරණාවකි .

ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී දරුකමට දීමේ අක්‍රමිකතා තේරුම් ගැනීමට ජනගහන වෙනස්කම්, ආර්ථික තත්ත්වය, නීතිමය පද්ධති, අතරමැදියන්ගේ ජාල සහ රාජ්‍ය අධීක්ෂණයේ දුර්වලතා යන සාධක එකට සලකා බැලිය යුතුය.

එමෙන්ම, උපත් අනුපාතය අඩුවීම. එක සාධකයක් වුවත්, වඳභාවයට ප්‍රතිකාර (IVF වැනි) එම කාලයේ ශ්‍රී ලංකාව තුළ  සීමිත වීම.

දේශීයව දරුකමට ලබාගත හැකි ළමුන් සංඛ්‍යාව අඩුවීම. ජාත්‍යන්තර දරුකමට දීමේ ඒජන්සි ව්‍යාප්ත වීම. දරුකමට දීමේ නීතිවල රටවල් අතර වෙනස්කම්.

ආසියානු රටවල ආර්ථික දුෂ්කරතා සහ දරුකමට දීමේ පවතින ක්‍රමවේද හේතු විය .

1970–1990 කාලයේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දරුකමට දීම සඳහා ප්‍රධාන මූලාශ්‍ර රටක් බවට පත් විය.

පසුව ස්විට්සර්ලන්තයේ ස්වාධීන විමර්ශනයකින් අක්‍රමිකතා හඳුනාගන්නා ලදී. නෙදර්ලන්තය  ජාත්‍යන්තර දරුකමට දීම සම්බන්ධයෙන් නිල විමර්ශන ආරම්භ කළේය. ස්වීඩනයද ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් සිදු වූ දරුකමට දීම් පිළිබඳ විමර්ශන සිදු කළේය.

මෙම විමර්ශනවල ප්‍රධාන අවධානය යොමුවූයේ ඉල්ලුම වැඩි වූ ආකාරය පමණක් නොව, එම ඉල්ලුම සපුරාලීමේදී ලේඛන ව්‍යාජ කිරීම, අතරමැදියන්ගේ භූමිකාව සහ නීතිමය අක්‍රමිකතා පිළිබඳවය.  ඒ අනුව උපත් අනුපාතය අඩුවීම,  දේශීය දරුකමට ගත හැකි දරුවන් අඩුවීම , විදේශීය දරුකමට ගැනීමේ ඉල්ලුම වැඩිවීම, ශ්‍රී ලංකාව වැනි රටවල දරුකමට දීමේ ජාල ව්‍යාප්ත වීම , ඇතැම් අවස්ථාවල නීතිවිරෝධී ක්‍රියා සිදුවීම.

නමුත් මෙම සම්බන්ධතාව සහසම්බන්ධතාවක් (correlation) බව පමණක් සාක්ෂි දක්වයි.

හිත සමසිය හතලිස් එකේ අංක 24 දරණ ළමුන් හදා වඩා ගැනීම හෙවත් කුල වදා ගැනීමේ ආඥා පනතට අනුව  එහි එක් පාර්ශ්ව කරුවන් වන ස්වභාවික දෙමව්පියන් සොයා ගැනීමට බිහිස වෙන දරුවන් සඳහා ශ්‍රී ලංකාවේ  "සර්ව් (SERVE)" ආයතනය "SOYAMU " ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ. එම සංවිධානය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඔස්සේ සහ අංක 24, උස්වත්ත රවුම් පාර, මොරටුවේ තිබෙන කාර්යාලය ට සම්බන්ධ වී හෝ

දුරකථන  අංක 0773820525 / 07024221210771 ඔස්සේ තොරතුරු ලබාදීමට හැකියාවක් තිබේ.

කෙසේ හෝ ශ්‍රී ලංකාව ඇතුළු තුන්වන ලෝකයේ රටවල දරුවන් විශාල සංඛ්‍යාවක් යුරෝපා රටවල් වල ඔවුන්ගේ දරුවන් ලෙස හදා වඩා ගැනීම  රැල්ලක් ලෙස සිදු වුවත් ,  ඒවායේ ආදීනව විඳින්නට එම දරුවන්ට වර්තමානයේ සිදුව ඇති බව මෙවැනි දැන් මේ ප්‍රදර්ශනය තුළින් සහ ඉල්ලීම් වලින් පැහැදිලි වේ.

 

| චාන්දනී දිසානායක <This email address is being protected from spambots. You need JavaScript enabled to view it.