අප වෙබ් අඩවියේ 2015 අගෝස්තු 19 දින පළ කළ "මිනිත්තුවට 15 ක් පාඩුයි" ලිපිය පිළිබඳව බොඩි ලයින් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සංජය දිසානායක මහතා විසින් අප වෙත ඒවා ඇති ලිපියේ සමස්ත අන්තර්ගතය කිසිදු සංස්කරණයකින් හෝ සංශෝධනයකින් තොරව පාඨකයන්ගේ අවධානය පිණිස පහතින් පළකෙරේ.
වැඩබිම වෙබ් අඩවිය
මහත්මයාණනි,
2015 අගෝස්තු 29 දාතමින් යුතුව "වැඩබිම වෙබ් අඩවියෙහි පළකොට ඇති "මිනිත්තුවට 15 ක් පාඩුයි" ලිපිය හා බැඳේ.
ඉහත කී ලිපිය මගින් ඔබ විසින්,
කරුණු සඳහන් කොට ඇත.
නිසි විග්‍රහයකින් තොරව ඔබේ ලිපියේ සඳහන් කොට ඇති එකී කරුණු, හොරණ ගුරුගොඩ රත්නපුර පාර පිහිටි සීමාසහිත බොඩිලයින් පුද්ගලික සමාගම වන අප ආයතනයේ කීර්ති නාමය කෙරෙහි අයහපත් අන්දමින් බලපා ඇති අතර විශේෂයෙන් එකී ලිපියෙහි "රත්නපුරයේ බොඩිලයින් ආයතනයේ" ලෙස සඳහන් සඳහන් කිරීමෙන් ඔබ අදහස් කොට ඇත්තේ අප ආයතනය නම්, ඒ සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු වෙත ඔබගේ විශේෂ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.
ඒ අනුව ‘රත්නපුරයේ බොඩිලයින් ඇඟලුම් ආයතනයේ’ ලෙස සඳහන් කිරීමෙන් ඔබ අදහස් කොට ඇත්තේ අප ආයතනය නම්, ඔබගේ 2015 අගෝස්තු 29 ලෙස දිනැති ලිපියේ සඳහන් කරුණු හැකිතරම් ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගන්නා මෙන් ඔබ වෙත කාරුණිකව දන්වා සිටිමු.
ඔබගේ 2015 අගෝස්තු 29 ලෙස දිනැති ලිපිය මගින්, රත්නපුරයේ බොඩිලයින් ලෙස සඳහන් කිරීමෙන් ඔබ අදහස් කර ඇත්තේ අප ආයතනය හෝ අප ආයතනයේ ශාඛාවක් නොවන්නේ නම්, ඒ පිළිබඳ විධිමත් පැහැදිලි කිරීමක් කොට නිවැරදි කරුණු දැක්වීමක් සිදුකරන මෙන් වැඩිදුරටත් ඔබ වෙත දන්වා සිටිමු.
ස්තූතියි
මෙයට
බොඩිලයින් ආයතනය
සංජය දිසානායක
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
වැඩබිම සටහන
බොඩි ලයින් ආයතනය විසින් ඒවා ඇති කරුණු පැහැදිලිකිරීමට හේතු වූ "මිනිත්තුවට 15 ක් පාඩුයි" නමැති ලිපය ජනරළ වෙබ් අඩවියෙන් උපුටා මුලාශ්‍ර සහිතව පාඨක විචාරය සඳහා පමණක් පළකළ ලිපියකි. "මිනිත්තුවට 15 ක් පාඩුයි" ලෙස පලවූ මුල් ලිපියේ හා ඉහත පලකර ඇති පැහැදිලි කිරීමේ ලිපියේ අන්තර්ගතයන් අදාළ ලේඛකයාගේ හා ආයතනයේ මතයන් මිස වැඩබිම වෙබ් අඩවියේ මතය පිළිබිඹු වීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.
වැඩබිම අන් අයගේ අදහස් පලකිරීමේ පුර්ණ අයිතියට ගරු කරන, දොස් නිදොස් කිරීම සඳහා ඉඩ සලසන, සංවාදය සඳහා මුල පුරන ප්‍රජාතන්ත්‍රවාදී සයිබර් අවකාශයක් පමණක් වන හෙයින් විවාදයට බඳුන් වන කිසිදු කරුණක් පිලිබදව විනිශ්චයක් පිළිබිඹු නොකරන බව කරුණාවෙන් සලකන්න. අප පළ කර ඇති අන්තර්ගතයකින් කිසියම් පාර්ශවයකට සිත් තැවුලක් වන්නේ නම් ඒ පිළිබඳව අපගේ කණගාටුව පළකරමු. වැඩබිම වෙබ් අඩවියේ පලවන අන්තර්ගතයක් පිළිබඳව එකඟ නොවන ඕනෑම පාර්ශවයකගේ පිළිතුරු සැපයීමේ අයිතිය සම්පුර්ණයෙන් සුරැකීමට අප බැඳී සිටිමු.
