නවකයින්ගේ කඳුළු කතාවයි මේ...

නවකයින්ගේ කඳුළු කතාවයි මේ...

ඕනෑම වෘත්තියක කොඳු නාරටිය වන්නේ ශක්තිමත් ජවසම්පන්න තරුණ පරම්පරාවයි.එය හෙද වෘත්තියටද එසේමයි. නමුත් හෙද වෘත්තියෙහි නවකයන් බඳවා ගැනීම ප්‍රමාද වීමේ කඳුළු කතාව මට ලියන්න සිතුනි.

2018/2019 අ.පො.ස උ/පෙ ප්‍රතිඵල වලට අදාළව 2020 හෙද පුහුණු පාඨමාලාව සඳහා සුදුසු නවකයන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ තවමත් සිදුනොවුණ බැවින් ආදරණීය තරුණ දරුවන් සිටින්නේ විශාල කම්පනයකිනි. මන්ද වසර ගණනාවක් ගත වුවද බලාපොරොත්තුවක් රහිත ඉච්ඡාභංගත්වයෙන් දින වකවානුවක් නොමැතිව තමන්ගේ අපේක්ෂා සහගත ඉලක්ක වලට පණ දෙන්නට නොහැකිව ඉතා අසරණ තත්ත්වයට පත්වී සිටින නවකයින් වන්නට බලා සිටින ආදරණීය තරුණ දරුවන් වෙනුවෙන් මම ලියමි.

2021.12.31 පළවූ ගැසට් පත්‍රයේ සඳහන් ආකාරයට නව සංශෝධන ප්‍රකාරව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවත්නා රාජ්‍ය විශ්ව විද්‍යාලයක හෝ විශ්ව විද්‍යාල විද්‍යායතනයක උපාධි පාඨමාලාවක් සඳහා අභ්‍යන්තර ශිෂ්‍යයකු වශයෙන් හෝ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ හෝ වෙනත් රාජ්‍ය ආයතන ආයතනයක හෝ පූර්ණ කාලීන  පාඨමාලාවක හෝ අ.පො.ස උසස් පෙල සුදුසුකම් මත ලියා පදිංචිවී සිටින හදාරමින් සිටින අය 2020 සිසු හෙද පුහුණු පාඨමාලාව සඳහා සුදුසුකම් නොලැබෙන බව දන්වා ඇත.

හෙද වෘත්තියේ නියැලීමට ඉතා ආශාවෙන් අපේක්ෂාවෙන් සිටින ආදරණීය බොහෝ සිසු ප්‍රමාණයක් ඉහත සඳහන් කළ ආකාරයේ කිසිදු පාඨමාලාවකට හෝ ඇතුලත් නොවී අධ්‍යාපන අවස්ථා මඟ හර ගනිමි වසර කිහිපයක සිට හෙද පුහුණු පාඨමාලාව වෙනුවෙන් හූල්ලමින් බලා සිටිනු පෙනේ.

ආදරණීය දරුවන්ගේ දුක් සුසුම් වලට කඳුළු වලට ලංසුවක් නැති වුවද  මල් පිපෙන්නේ නැතුවම මේ ගෙවෙන්නේ ඔවුන්ගේ ජීවිතයේ වසන්ත කාලයයි.

මානසික විශාදය හේතුවෙන් සමහර දරුවන් ඖෂධ පවා ලබා ගන්නා තරමට ඔවුන්ගේ මනස කඩා වැටී ඇත. ජීවිතයේ මහා ඉඩෝරයකට ඔවුන් ලක්වී ඇත.

දින සති මාස වලින් ගෙවී යන ඔවුන්ගේ තරුණ ශක්තිය හෙද වෘත්තියට අවැසිම යුගයයි මේ. මන්ද මේ දිනවල බොහෝ රජයේ හෙද නිලධාරීන්ද ඉතා ශීඝ්‍රයෙන් විදෙස්ගතවන හේතුවෙනි. කොරෝනා වසංගතය හමුවේ හමුවේද තරුණ ඔවුන්ගේ ජීවත අභියෝගයට ලක්වී ඔවුන් තවමත් තම නිවෙස් වලටම වී රැඳී සිටින්නේ හෙද වෘත්තිය සඳහාම දෑස් දල්වාගෙනය. ඔවුන් වෙනුවෙන් අවධානය ඇවැසිම කාලයයි මේ.

එම නිසා ගෞරවනීය අදාළ බලධාරීන්ගේ අවධානය මේ සඳහා ඉක්මනින් යොමු වේවා යන්න ඔවුන්ගේ ද මගේ ද එකම බලාපොරොත්තුවයි.ඒ සුන්දර දිනය එනතුරු අපි නොඉවසිල්ලෙන් මඟ බලා සිටින්නෙමු.

නිල්මිණි මිස්

(මුහුණ පොතෙන්)