වෘත්තීය සමිති නායකයින්ට එරෙහි මර්දනය ගැන සමන් රත්නප්‍රිය දරන මතය අහමු!

වෘත්තීය සමිති නායකයින්ට එරෙහි මර්දනය ගැන සමන් රත්නප්‍රිය දරන මතය අහමු!
(ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්, එජාප ජාතික ලැයිස්තුවෙන් තේරී පත්ව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසිණි.)
 
* ඔබ මේ වෙද්දි ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා වුණත්, ඔබත් සමඟ අරගලයේ නිරත වූ යම් යම් වෘත්තීය සමිති නායකයින්ට එරෙහි මර්දනයක් දියත් වෙමින් තියෙනවා. ඔබ මේ සිදුවීම් දකින්නේ කොහොමද?
 
නිශ්චිතව කිවහොත් ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් සහෝදරතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීමට මං පුද්ගලිකව දැඩිව විරුද්ධයි. ඒ්ක එකඟවිය නොහැකි කාරණයක්. අපි එකතු වෙලා මේ රටේ සමාජ වෙනසක් වෙනුවෙන් දැවැන්ත අරගලයක් කළා. ඒ් වගේම වසර 26ක් තිස්සේ වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ බලපෑම් කරමින්, අරගල කරමින් ඉන්නවා. ඒ් රටට හිතකර දේශපාලන ප්‍රතිසංස්කරණ හා අයිතිවාසිකම් දිනාගන්න. ජෝශප් මාත් එක්ක එදා ඉඳලම කටයුතු කළ සහෝදරයෙක්. මෑත කාලයේ අපි අතර පුංචි පුංචි දේශපාලන මතවාදී වශයෙන් නොගැලපීම් තිබුණා. එහෙම වුණා යයි කියා එකට වැඩ කිරීමේ බාධාවක් අපට තිබුණෙ නෑ.කොහොම වුණත්, අරගලයේ මුවාවෙන් ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට අපි විරුද්ධයි. දේපළ හානි කිරීම්, ගෙවල් ගිනි තැබීම් ආදිය කිසිසේත්ම අනුමත කරන්නෙ නෑ. වත්මන් ජනාධිපතිවරයාගේ ගේ පවා අරගලකරුවන් විසින් ගිනි තිබ්බා. ඒ් වගේ දේවල් නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ඔස්සේ විසඳාගත යුතු බව තමා අපි විශ්වාස කරන්නෙ. ජනාධිපති ලේකම් කාර්යාල, අගමැති ලේකම් කාර්යාල,අත්පත් කර ගැනීම් අපි අනුමත කරන්නෙ නෑ.සාමකාමීව විරෝධතා කරන, අරගල කරන හැමෝම මේ අදහසේ ඉන්නෙ.
 
* ඔබ කියන්නේ මේ අරගලය මුළුමනින්ම සාමකාමී අරගලයක් නෙවෙයි කියන එකද?
 
නෑ. අරගලයේ හොඳ වගේම නරකත් තිබුණා. සාමකාමී ලෙස පටන් ගත්තට ප්‍රචණ්ඩත්වය කරා යොමුවුණා. සාමකාමී අරගලයට නොගැලපෙන පොඩි පොඩි ප්‍රශ්න තිබුණා.සමහර දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ඒ්ක තමන්ගෙ කරගන්ඩ ගියා. විශේෂයෙන්ම ජවිපෙ නායකයා, මේක ඒ් අයගේ අරගලයක් කීවා. කුමාර් ගුණරත්නම් මේක මෙහෙයවන්නේ ඒ් අය කියලා. මේ තත්ත්වය තුළ පහුවෙද්දී අරගලයේ බරපතළ ප්‍රශ්න මතුවුණා.ඒ කොහොම වුණත්, ඒ් මොන ගැටළු තිබුණත්, අරගලයේ හිටපු අපිත් එක්ක සහයෝගයෙන් කටයුතු කළ ජෝශප් වැනි නායකයින් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග ගැන අප කිසිසේත්ම සතුටු නෑ.ඒ් නිසාම මං රටේ නායකත්වයෙන් පවා මේ සම්බන්ධයෙන් ගත හැකි නීත්‍යනුකූලව හා සාධාරණ ලෙස ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටියා.අධිකරණයෙන් ඔහුට සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපේ පැත්තෙන් කළ හැකි, දිය හැකි සහය දෙමින් ඉන්නවා.
 
* මැයි 28 වැනිදා වෘත්තීය සමිති එකමුතුව ලෙස ස්ටාලින්ලා සහභාගිවූ විරෝධතාවට ඔබත් සහභාගිවී සිටියා. එදින ඔබ කියන විදිහේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවුණාද? ඔහුට නඟා ඇති චෝදනා ඔබට අදාළ වෙන්නෙ නැද්ද?
 
ස්ටාලින්ට එරෙහි චෝදනා ගැන අවධානය යොමු කිරීමේදී ඒ්වායෙ තියෙන්නේ අධිකරණය විසින් තහනම් කර තිබුණු ප්‍රදේශයකට ඇතුළුවීම හා ඒ් තුළින් අධිකරණය නොසළකා හැරීම වගේ කාරණයක්.ඒ්ක එකක්. අපි විරෝධතා පෙළපාළියේ ගමන්  කළාය කියන එක තව එකක්. පෙළපාළියේ මම, වසන්ත සමරසිංහ,රවි,ලාල්,උදේනි ඇතුළු වෘත්තීය සමිති නායකයින් පන්සියයකට වැඩි පිරිසක් පෙළපාළියේ ගියා. අධිකරණය විසින් තහනම් කර තිබුණු ප්‍රදේශයකට අපි ඇතුළු වුණේ නෑ. ජෝශප් ස්ටාලින් සහෝදරයා ඒ් පෙළපාළියේ අපේ කණ්ඩායම සමඟ හිටියෙ නෑ. ඔහු ගිහින් තිබුණේ අන්තරේ ඇතුළු වෙනත් කණ්ඩායමක් එක්ක. ඒ් කණ්ඩායම ක්‍රියා කළ ආකාරය, ඔවුන් ඇතුළු වුණු මාර්ග, ප්‍රචණ්ඩව හැසිරුණාද නැද්ද යන්න ගැන අපි දැනුවත් නෑ. අයුතු ඇතුළුවීමක් සිදුවෙලා, ආරක්ෂක අංශ සමඟ යම් ගැටුමක් ඇතිවුණු බවක් පසුව අපට දැනගන්න ලැබුණා. එතැන ඔහු සිටියාද යන්න හරියටම දන්නෙ නෑ. නමුත් අපේ කණ්ඩායම එහෙම අධිකරණ නියෝග කඩකරමින් අයුතු ප්‍රදේශයකට ඇතුළු වුණේ නෑ. අපි හිටියේ අපේ සීමාව තුළයි.
 
* සාමූහිකව අරගලයක් කරද්දී ඒ් තුළින් ඇතිවන යම් යම් බලපෑම්, සංසිද්ධිවලට සාමූහිකව ක්‍රියාමාර්ග නොගෙන එකිනෙකා පුද්ගලිකව හඳුනා, පුද්ගලිකව චෝදනා ගොනු කිරීම සාධාරණද?
 
එතැන ගැටළුවක් තියෙනවා. එය පිළිගත යුතු කාරණයක්. සාමූහිකව කරන අරගලවලදී පුංචි පුංචි ප්‍රශ්න ඇතිවෙනවා. නමුත් ඒ්ක මුවාවෙන් වෙනම දේශපාලන හැසිරීම් හා ප්‍රචණ්ඩත්වය මුදාහැරීම අනුමත කරන්ඩ බෑ. ඒ්ක අපි වෙනම සලකා බැලිය යුතු වෙනවා. ජනාධිපතිවරයාගේ නිවස ගිනි තැබීම අරගලය තුළ සාමාන්‍යයෙන් සිදුවිය යුතු දෙයක් නෙවෙයි. මැති ඇමතිලා ගැන විවිධ චෝදනා, ගැටළු තියෙන්න පුළුවන්. මටත් තියෙනවා. ඒ්ත් එහෙම කියලා ඔවුන්ගේ නිවාස, දේපළ ගිනි තැබීම අනුමත කරන්න හැකියාවක් නෑ. අපි ඒ්වා වෙන් වෙන්ව පැහැදිලිව තේරුම් ගත යුතුයි. 
 
* ජනාධිපතිවරයාගේ නිවස ගිනි තැබීමට අදාළව එතැන ආරක්ෂක අංශ ක්‍රියා කළ ආකාරය,මාධ්‍යවේදීන් පළවා හැරීම, ආදී සැක සංකා සහිත කරුණු බොහෝ තියෙනවා. අනික් අතට එහි මහ මොළකරුවා යයි කියා අත්අඩංගුවට ගත්තේ සමගි ජනබලවේගයේ සංවිධායකවරයෙකුගේ පුතෙක්. ඉතිං මෙවැනි තත්ත්වයක එහි සම්පූර්ණ වගකීම අරගලකරුවන්ට බැර කොට සමස්ත අරගලයම නිෂේධනීය තැනකට තල්ලු කිරීම සුදුසුද?
 
සමස්ත අරගලය නිෂේධනීය තැනක තිබුණෙ නෑනෙ. අපිත් ඒ්කට එකතුවුණේ ඒ් නිසානෙ. අපේ වෘත්තීය සමිති ඉතිහාසය තුළ දැවැන්තම වැඩවර්ජනය අපි කළා. වැරදි දේශපාලන සටන්පාඨ ඉදිරිපත් වුණු අවස්ථාවෙ තමා අපි එතනින් ඉවත්වුණේ. අපි ඉවත්වුණාට පස්සෙ අද වෙනකල් එහෙම වැඩවර්ජනයක් කරන්න බැරිවුණා. 1953ට පස්සේ කළ දැවැන්තම හර්තාලයත් අපි කළා. ''ගෝඨා ගෝ හෝම්'තමා ඒ්කෙ තේමාව වුණේ. අපිට ඉතාමත් සාධනීය ලෙස ඒ් බලපෑම කරන්නට හැකිවුණා. අලුත් ආණ්ඩුවක් බවට මේක පත්වුණාම ඒ්කත් ගෙදර යන්න ඔ්න කියලා සටන්පාඨ වෙනස් වුණාම අපි එතනින් ඉවත්වුණා. මාසෙන් මාසෙට ආණ්ඩු මාරු කරලා රටේ තියෙන ආර්ථික අර්බුදය විසඳන්න බෑ. පත් වෙන කෙනෙකුට ඒ්කට කාලයක් දෙන්න ඔ්න. අපට ඔ්න ඔ්න අය පත්කරගන්න බෑ.ව්‍යවස්ථානුකූලව, නීත්‍යනුකූලව ඒ්කට පත්වෙන්න ඔ්න කෙනා පත්වුණාම අපට ඒ්ක පිළිගන්න වෙනවා. ඒ්ක පිළිගත්තෙ නැති පිරිස් අරගලය දිගටම කරන්න ගිය නිසයි, අරගලයට අයිතිකරුවන් ලෙස යම් යම් දේශපාලන කල්ලි කණ්ඩායම් පෙනී ඉන්න උත්සාහ කරපු නිසයි,ප්‍රචණ්ඩත්වය මුදාහරින්න වුණු නිසා බොහෝ පිරිසක් අරගල භූමියෙන් ඉවත්වීමෙනුත්, තමා අරගලය විනාශවුණේ.ලෝකයේ කොහේ රටක අරගලයක් වුණත්, විපක්ෂය තමා බොහෝ විට ඒ්වායෙ නායකත්වය ගන්නෙ. මේකෙදි එහෙම වුණේ නෑ.නායකත්වයක් තිබුණේ නෑ. ඒ් නිසාම තමා නිසි මග පෙන්වීමක් නැතිව ඒ් තුළ නියෝජනය වුණු විවිධ කල්ලි කණ්ඩායම් තම තමන්ට ඔ්න දේවල් කරන්න ගියා. අරගලයට සැබෑ නායකත්වයක් තිබුණා නම් මෙහෙම වෙන්නෙ නෑ.
 
* ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ලෙස ඔබ මොනවද කරන්නේ? කරන්න බලාපොරොත්තු වෙන්නේ?
 
මූලික කාර්යය තමා වෘත්තීය සමිති සම්බන්ධීකරණය කිරීම. වෘත්තීය සමිති අයිතිවාසිකම් හා ගැටළුවලදී මැදිහත්වී සහය ලබාදීම. වෘත්තීය සමිති නිර්මාණය කරන්නේම සාමූහික කේවල් කිරීමේ බලය ලබා ගැනීමටයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 98 දරණ ප්‍රඥ්ප්තියට අනුව තමා ලෝකයේ වැඩකරන ජනයාට ඒ් අයිතිය ලැබෙන්නෙ. ඒ්ක ලංකාවෙ ක්‍රියාත්මක වෙන්නෙ දුර්වල විදිහට. පාලකයින් සමඟ සාකච්ඡාවක් ගැනීමටත් වැඩවර්ජනයක් කළ යුතු මට්ටමක් තමා මෙහේ තියෙන්නෙ. මේ තත්ත්වය වෙනස් විය යුතුයි. වෘත්තීය සමිති පැත්තෙනුත් යම් යම් අඩුපාඩු තියෙනවා. පාලකයින්ගෙ පැත්තෙන් විශාල අඩුපාඩු සංඛ්‍යාවක් තියෙනවා. පාලක පක්ෂය හා කම්කරු පක්ෂය එකිනෙකා කෙරෙහි දැනුවත්භාවයෙන්, ගෞරවයෙන් ක්‍රියා කළ යුතුයි. ඒ් සඳහා වෘත්තීය සමිතිවලට සාමූහිකව කේවල් කිරීමට අදාළව දැනුම ලබාදීමට අධ්‍යාපන මධ්‍යස්ථානයක් සෑදීමට මගේ අපේක්ෂාවක් තියෙනවා. ඒ් විදිහට සාධනීය යමක් කම්කරු පංතිය වෙනුවෙන් කිරීමට මැදිහත් වෙන්නට බලාපො‌රොත්තු වෙනවා.
 
 
සටහන-ප්‍රියාන්