ස්මාර්ට් රාජ්‍ය සේවය විහිළුවක්!

ස්මාර්ට් රාජ්‍ය සේවය විහිළුවක්!
  • ඊ ග්‍රාම නිලධාරි ව්‍යාපෘතිය කෝටි 30ක් ගිලලා
  • තවත් මිලියන 508ක් ගිලින්න සූදානම්

ශ්‍රී ලංකාවේ ඊ රාජ්‍ය සංකල්පය තවත් දූෂිත මාෆියාවක්ද?

ගණන් හිලව් නම් හෝ වැරදි වුවත් ශ්‍රී ලංකාවේ ඊ රහස් සංකල්පය බරපතළ ලෙස මුදල් කාබාසීනියා කරන බල ප්‍රදේශයන් වී ඇත. යම් යම් කේන්ද්‍රයන්හි පරිගණක තාක්ෂණ භාවිතය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන පැවතියත් ඊ රාජ්‍ය සංකල්පය පූර්ණ වශයෙන් ශ්‍රී ලංකාව තුළ අන්තර් සබඳතාවකින් ක්‍රියාත්මක වීම බාලගිරි දෝෂයට හසුව ඇති මාෆියාවකි. ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරි ඊ ව්‍යාපෘතියට ගිය වියදම ඉහතින් දැක්වුවත් එය සාර්ථක එකක් ද යන මතය ඉහත ප්‍රවෘත්තිය සමාජයෙන් අසනු ලබයි. රාජ්‍ය අංශයේ බොහෝ ආයතනවල තම ආයතනයේ මහජන සේවාවන් සැපයීම සඳහා සකස් කරන ලද පරිගණක ව්‍යාපෘති ඒ ඒ ආයතන මට්ටමින් තම සේවා ආයතනයට සේවා සපයයි. උදාහරණයක් ලෙස ආගමන විගමන කටයුතු, මෝටර් රථ ප්‍රවාහන ආදී ආයතනවල එබඳු තත්ත්වයක් දැකිය හැකි වුවත් සමස්ත වශයෙන් රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය ඒකාබද්ධව කටයුතු කරන අපේක්ෂා කළ ඊ රාජ්‍ය සංකල්පය අසාර්ථක නිර්මාණකරණයන් යටතේ හිර වී ඇත. දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කරනු ලැබූ ඊ ග්‍රාම නිලධාරි ව්‍යාපෘතිය මෙන්ම වෙනත් එබඳු ව්‍යාපෘති ද අධික වියදම් යටතේ දීර්ඝ කාලීනව ගොඩනඟමින් අත්හැර දමනු ලැබූ ඒවා වේ.

තවත් එබඳු ව්‍යාපෘති?

ඊ ග්‍රාම නිලධාරි සංකල්පය මෙන් තවත් එබඳු විශාල ව්‍යාපෘතිවල මිල ගණන් අතිශය ඉහළ මට්ටමේ ඒවා වේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ ඊ මානව සම්පත් ව්‍යාපෘතිය එබඳු එකකි. ඒ සඳහා ගත කඝ කාලය වසර 5 කට අධික වුවත් අවසානයේදී එහි මිල ගණන්වලට සරිලන සේවාවක් ඊ මානව සම්පත් ව්‍යාපෘතිය යටතේ සිදුවූයේ නැත. ඊ විශ්‍රාම වැටුප් ව්‍යාපෘතිය ද එබඳු සුදු අලියෙකි. ඒ සඳහා පැවති පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේ විමසුම් මගින් ඒ පිළිබඳ පද්ධති විගණනයක් කිරීම සඳහා යොමු කිරීමක් සිදු වූ අතර ඒ සඳහා ගිය අධික වියදම අපේක්ෂිත ප්‍රතිඵල ලබා දෙනු නොලැබීය. පසුකාලීනව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයා රාජ්‍ය අංශයේ විශ්‍රාමික නිලධාරියකුගේ සහාය ලබා ගනිමින් විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වෙනත් විකල්ප පරිගණක පද්ධති භාවිතයක් හඳුන්වා දුන් අතර එය අද දක්වා අවම වියදමකින් පවත්වා ගෙන යෑමට හැකි වී ඇත. ශ්‍රී ලංකාවේ පුද්ගල හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ද දීර්ඝ කාලීනව ගොඩනැඟෙන තවත් අධික මුදලක් පරිභෝජනය කළ ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාවේ ඊ රාජ්‍ය සංකල්පය යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ ව්‍යාපෘති සාර්ථක අසාර්ථකත්වය හා ඒ පිළිබඳ ගණන් හිලව් කුඩා පුවත්පත් තීරුවලින් එළියට පැමිණියත් එම ව්‍යාපෘති මොනවාද? ඒවා ගොඩනැගීමට ගිය කාලසීමාවල් මොනවද? එහි සාර්ථක අසාර්ථක පැතිකඩවල් මොනවාද? ඒ සඳහා වගකිව යුතු ආයතන මොනවාද ආදී පුළුල් විගණනයක් හා අදාළ තොරතුරු විමසීමක් බොහෝ දුරට ඉදිරියේදී එබඳු ප්‍රවේශයන් සාර්ථක කර ගැනීමට හේතු වනු ඇත. සමහරවිට එම තොරතුරු මත සමාජය විශ්මයට ද පත්වෙනු ඇත. ඒවා එතරම් වියදම් අධික කාලය කා දැමූ අසාර්ථක හා දූෂිත ගනුදෙනු සමග බැඳුණු මහජන මුදල් නාස්ති කිරීම් වේ.

අසාර්ථක වීම

බොහෝ ඊ රාජ්‍ය ව්‍යාපෘති අසාර්ථක වීම සඳහා ඊ ඒකාධිකාරය බලපානු ලැබීය. ඊ රාජ්‍ය සංකල්පය සාර්ථක වීමේදී එහි ගොඩනැගීම (Architecture) පරිගණකගත ක්‍රියාවලියට වඩා ක්‍රමවේදයන් සැබැවින්ම අධ්‍යයනය කිරීම හා කළමනාකාරි මතවාදයන් හා පැහැදිලි කිරීම් සමග ඒකාබද්ධ විය යුතු වේ. රාජ්‍ය සේවා සැපයීම්වල ඇති සංකීර්ණත්වයන් ලිහා ගනිමින් සේවා සැපයීම් හා තොරතුරු භාවිතාවන් ඒකාබද්ධ කිරීම හා බැඳුණු සංකල්පීය සබඳතාවය ද ඊ රාජ්‍ය වැනි සංකල්පයන් විද්‍යුත්කරණයට ලක්කිරීමට පෙර පුළුල් අවධානයට ලක් කළ යුතුය. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ආයතනයේ ඒකාධිකාරි ප්‍රවේශය තුළ බොහෝදුරට එබඳු සබඳතාවන් නිසි පරිදි භාවිත නොකිරීම හා බහුවිධ පාර්ශ්වයන් සමග සැලසුම් නොකිරීම මත බොහෝ ව්‍යාපෘති අසාර්ථක විය. මෙම නොදැනුවත්භාවය, ඒකාධිකාරය හා ඒකායන සැලසුම් කිරීම් හරහා බොහෝ දුරට වාසිය සැපයුනේ පෞද්ගලික අංශයේ අදාළ ව්‍යාපෘති සඳහා සම්බන්ධ වූ ආයතනයන්ට වේ.

එම ආයතන මුලින් ඇස්තමේන්තු මුදල බේරා ගත් පසු නැවත නැවත අලුත්වැඩියා කිරීම්, ප්‍රතිනිර්මාණය කිරීම් ආදිය සඳහා ලබා ගනු ලබන ගෙවීම් බොහෝදුරට මූලික ඇස්තමේන්තුව මෙය කිහිප ගුණයක විශාල මුදලකි. නිසි ලෙස සැලසුම් නොකිරීම් මත එම වැරදි පෞද්ගලික අංශයේ ධන නිධානයක් විය. පෞද්ගලික අංශයේ තොරතුරු සන්නිවේදන ආයතන බොහෝ දුරට තොරතුරු තාක්ෂණ ආයතනයේ වැරදි සැලසුම් මත තම ආයතන ඉහළ ලාභ දායක මට්ටමකින් පවත්වා ගෙන යෑමටත් නිශ්චිත කාල රාමුවලින් පිට වසර ගණනාවක් අදාළ ව්‍යාපෘතිවලින් තම ව්‍යාපාර කර කර ගැනීමත් කරනු ලැබීය. අවසානයේදී තොරතුරු තාක්ෂණ ආයතනයේ වැරදි සැලසුම් කිරීම් මත සිදුවූ බොහෝ අසාර්ථක ව්‍යාපෘති වෙන්ත නිලධාරින්ගේ තරමක පැටවී ඒවා ද කාලයාගේ අවෑමෙන් යුත් වුන් බවට පත් වී ඇත.

ඊ ග්‍රාම නිලධාරි තොරතුරු භාවිතය

පරිගණක භාවිතය හා තොරතුරු තාක්ෂණය භාවිතය පිළිබඳ දැනුමක් සහිත නිලධාරින් ග්‍රාම නිලධාරීන් අතර සිටී. දීර් කාලයක් තිස්සේ විවිධ ආයතනවල මූල්‍ය සහාය මගින් හෝ තම උත්සාහය මත තම ප්‍රදේශයේ පවුල් තොරතුරු හා වෙනත් තොරතුරු පරිගණකගත කරගත් ග්‍රාම නිලධාරීන් පිරිසක් වූහ. මොවුන් එම කටයුතු කර ගනු ලැබුවේ තම සේවා දායකත්වයේ තොරතුරු නිරන්තරම එක්රැස් කිරීමේ අපහසුතාවය මඟ හැර ගැනීමටත් තම සේවය පහසුවෙන් කර ගැනීමේ වුවමනාවන් සඳහා වේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ග්‍රාම නිලධාරි අධීක්ෂණ අතිරේක ලේකම් ලෙස මෙබදු නිලධාරින් හඳුනා ගැනීම හා ඔවුන්ගේ කටයුතු අධීක්ෂණයට යොමු විය. ඒ අනුව ග්‍රාම නිලධාරීන්ගේ මූලික කණ්ඩායමක් හා සැබෑ තොරතුරු භාවිතා කරන්නන් ග්‍රාමීය මට්ටමින් මෙන් කිහිපගුණයක විශාල මුදලකි. නිසි ලෙස සැලසුම් නොකිරීම් මත එම වැරදි පෞද්ගලික අංශයේ ධන නිධානයක් විය. පෞද්ගලික අංශයේ තොරතුරු සන්නිවේදන ආයතන බොහෝදුරට තොරතුරු තාක්ෂණ ආයතනයේ වැරදි සැලසුම් මත තම ආයතන ඉහළ ලාභදායක මට්ටමකින් පවත්වා ගෙන යෑමටත් නිශ්චිත කාල රාමුවලින් පිට වසර ගණනාවක් අදාළ ව්‍යාපෘතිවලින් තම ව්‍යාපාර තර කර ගැනීමත් කරනු ලැබීය. අවසානයේදී තොරතුරු තාක්ෂණ ආයතනයේ වැරදි සැලසුම් කිරීම් මත සිදු වූ බොහෝ අසාර්ථක ව්‍යාපෘති වෙනත් නිලධාරීන්ගේ කරමත පැටවී ඒවා ද කාලයාගේ ඇවෑමෙන් සුන්බුන් බවට පත් වී ඇත.

පවුල් තොරතුරු පද්ධතිය ප්‍රතිනිර්මාණය

ඒකාබද්ධ සංකල්පීය හා කළමනාකරණ ප්‍රවේශයකින් හා තීරණ ගැනීම්වලින් තොරව ක්‍රියාත්මක වූ පසුව අත්හැර දමනු ලැබූ තවත් ව්‍යාපෘතියක් වූයේ පවුල් තොරතුරු පරිගණක ගත කිරීමේ ව්‍යාපෘතිය යි. කෙසේ වුව ද එහි පැවති සාධනීය ලක්ෂණය වූයේ තොරතුරු පද්ධතියන් ගොඩනැඟීම පිළිබඳ මතවාදයක් ගොඩනැගීමට හා ප්‍රතිනිර්මාණය සඳහා සැලකිය යුතු වැඩ කොටසක් සිදු කර තිබීමයි. ගතානුගතික පරිපාලන භාවිතාවන් හා නූතන තොරතුරු තාක්ෂණ භාවිතය පිළිබඳ නොගැලපීම හා ගැටලු අදාළ ව්‍යාපෘතිය මගින් මනාව පැහැදිලි විය. තොරතුරු ලබා ගැනීම හා එකතු කිරීම සඳහා අති විශාල මුදලක් වැය කොට මුද්‍රණය කර තිබූ අති විශාල කඩදාසි තොගය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බෝතල් කඩවලට විකුණා ඒ සඳහා විනය පරීක්ෂණවලට මුහුණ දීමට සිදු විය. කෙසේ වුව ද ඊ ග්‍රාම නිලධාරි ව්‍යාපෘතියක් පිළිබඳ හා ඊ රාජ්‍ය සංකල්පය කිසියම් ප්‍රායෝගික මට්ටමේ මූලික ව්‍යාපෘතියක් වූයේ ගෘහමූලික දත්ත පරිගණකගත කිරීමේ වැඩසටහනයි.

අවම වියදමින් ප්‍රතිනිර්මාණය වීම

ඉහත සඳහන් කළ ග්‍රාම නිලධාරීන්ගේ ස්වයං තොරතුරු කළමනාකරණ අත්දැකීම් හා ගෘහමූලික තොරතුරු පද්ධතියේ අත්දැකීම් ඉතා අඩු වියදමකින් ඊ පුරවැසි දත්ත පද්ධතියක් :ැ ජසඑස‘දබ) ගොඩනැගීමට මග පාදනු ලැබූ අතර එය එක්තරා දුරකට අදාළ පාර්ශ්ව සමග හා නියම භාවිතාකරුවන් වූ ග්‍රාම නිලධාරීන්ගේ ද සහාය මත ගොඩනැගුණි. ඉහත අත්දැකීම් මත නිසි පවුල් තොරතුරු පද්ධතියක් සකස් කිරීම සඳහා මෙන්ම ග්‍රාම නිලධාරි සබඳතාවය ඒ සඳහා ගොඩනැඟීමට පහත සඳහන් කළමනාකරණ නිගමනයන්ට ඒමට හැකි විය.

ඊ රාජ්‍ය සංකල්පයක් සඳහා පවුල් තොරතුරු වැදගත් වන අතර පවුල් තොරතුරු එකතු කිරීම පෞද්ගලික තොරතුරු එකතු කිරීම හරහා සිදුවිය යුතු බව. පවුල් තොරතුරු එකතු කිරීම අපහසු මෙන්ම පවුල් තොරතුරු නිරන්තර වෙනස් වන බැවින් පුද්ගල තොරතුරු මත පවුල් තොරතුරු ගොඩනැගීම සිදුවිය යුතු බව හා පහසු බව.

තොරතුරු ගොඩනැගීම මොඩියුල හෙවත් ඒ ඒ අංශ යටතේ සිදුවිය යුතු බව. ඒ සඳහා ඉතා පහසුවක් කලින් ක්‍රියාත්මක වූ ගෘහමූලික තොරතුරු පද්ධතිය මගින් සපයනු ලැබීය. ඒ අනුව අවශ්‍ය තොරතුරු ඒකක නිවැරදිව හඳුනා ගැනීම ග්‍රාම නිලධාරී කණ්ඩායමේ ද, තොරතුරු කළමනාකරණ තාක්ෂණවේදීන්ගේ ද එකඟතාවය හා සහභාගිත්වය මත ගොඩ නැගුණි. මේ අනුව ප්‍රථමයෙන් කළ යුතු මොඩියුලය ලෙස සාමාන්‍ය තොරතුරු එකතු කිරීමේ මොඩියුලය හෙවත් තොරතුරු පද්ධතිය ගොඩනැඟුණි. පුද්ගලයාට අදාළ තොරතුරු මෙයට අයත් වේ. නම, ගම, උපන්දිනය, හැඳුනුම්පත් අංකය, ලිපිනය හා වෙනත් පෞද්ගලික තොරතුරු මේ සඳහා එකතු කිරීමට හැකි වන ලෙස දත්ත පද්ධතිය ගොඩනැගුණි. පුද්ගල තොරතුරු එකතු කිරීම මගින් පවුල් තොරතුරු ගොඩනැගිය හැකි බව ඉතා පහසු බව පාර්ශ්වකරුවන් තේරුම් ගත් පසු අදාළ මොඩියුලය මෙවත් සරල මූලික තොරතුරු පද්ධතිය ගොඩනැගීම පහසු විය. එය එක්තරා විදියකට එක් පිටුවක සමග තොරතුරු ඇතුළත් වන පරිගණකයක් හෝ ස්මාට් ජංගම දුරකථනයක් හරහා තොරතුරු එකතු කිරීමේ පහසුව ඇති කර වීය. මෙම පද්ධතිය ගොඩනැගීම සඳහා වියදම් වූ මුදල වූයේ රුපියල් මිලියන එක හමාරක් පමණ වේ.

වෙනත් මොඩියුල ලෙස සෞඛ්‍ය, අධ්‍යාපන, සහනාධාර ආදායම්, රැකියා, වත්කම් ආදී මොඩියුල නිර්මාණය ක්‍රමයෙන් සිදුකිරීම අපේක්ෂා කරමින් මූලික පදනම් මොඩියුලය සාර්ථක කරගත යුතු බව අදහස විය. පෞද්ගලික තොරතුරු සාර්ථකව පදනම් මොඩියුලය මගින් එකතු කළ පසු වෙනත් තොරතුරු පද්ධති එකතු කිරීම හා ඒකාබද්ධ කිරීම නිර්මාණශීලී මතවාදය විය.

පාර්ශ්වකරුවන් ක්‍රමයෙන් එකතු කිරීම

මූලික පදනම් මොඩියුලය ගොඩනැගූ පසු එහි මූලික පාර්ශ්වකරුවා වන්නේ ග්‍රාම නිලධාරියවරයාය. ඒ අනුව ග්‍රාම නිලධාරි මොඩියුලයන් හරහා ඔවුන්ගේ තොරතුරු පද්ධතියට එකතු වේ.

ප්‍රජාවට අවශ්‍ය ග්‍රාම නිලධාරි තොරතුරු සම්බන්ධීකරණය සන්නිවේදනය මෙන්ම ග්‍රාම නිලධාරි පරිපාලනයට අවශ්‍ය පහසුකම ද ඒ හරහා ගොඩනැගීම අපේක්ෂාව විය. එහි පාර්ශ්වකරුවන් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ආදිය හඳුනා ගැනිනි.

මෙම වැඩසටහන යටතේ පුද්ගල මූලික තොරතුරු පද්ධතියක් සාර්ථකව ගොඩනැගීම ඊ රාජ්‍ය සංකල්පයට ඉතාමත් වැදගත් අවශ්‍යතාවක් බව හඳුනා ගනු ලැබීය. දෙවනුව පෞද්ගලික සෞඛ්‍ය තොරතුරු ඇතුළත් කිරීම සෞඛ්‍ය මොඩියුලය හරහා ද, අධ්‍යාපන තොරතුරු එකතු කිරීම අධ්‍යාපන මොඩියුලය හරහා ද සහනාධාර ලබාදීම සහනාධාර මොඩියුලය හරහා ද, ආදායම් තොරතුරු එකතු කිරීම ආදායම් මොඩියුලය හරහා ද සිදුකිරීම පහසුවෙන් කළ හැකි අතර ඒ අනුව ක්‍රමයෙන් අදාළ සේවා සපයන වගකිව යුතු ආයතන පාර්ශ්වකරුවන් ලෙස අදාළ තොරතුරු පද්ධතිය පෝෂණය කිරීමටත් නිවැරදි කිරීමටත් භාවිතා කිරීමටත් පහසුව ලබා දීම නිර්මාණයේ අපේක්ෂා විය.

පහළ සිට ගොඩනැගීම

වෙන වෙනම ආයතනවලට හෝ මානව සම්පත් කාණ්ඩවලට ගොඩනැගෙන තොරතුරු පද්ධති සමග ඒකාබද්ධ විය හැකි මූලික අඩිතාලමක් ඒ හරහා හඳුන්වා දෙනු ලැබීය. එම රාජ්‍ය සේවා අංශයක්ම මහජනතාවට සේවාවන් සැපයීම හා බැඳී සිටින බැවින් එම සබඳතාවය සලකා බැලීම සිදුවිය යුතුය. මේ සඳහා පහළ මට්ටමේ සිට ගොඩනැගුණු සංකල්පීය භාවිතාවන් අධ්‍යයනය කිරීම අවශ්‍ය වේ. එමෙන්ම අදාළ කටයුතු සිදුකරනු ලබන හා ඒවාට සම්බන්ධ තොරතුරු තාක්ෂණය හැකියාවන් සහිත නිලධාරීන්ගේ හා වෙනත් පාර්ශ්වකරුවන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය කරුණක් බව හඳුනා ගැනීම ප්‍රධානයි. සාර්ථක හා මිල අඩු, වියදම් ඵලදායිතාවය ඉහළ තොරතුරු තාක්ෂණ භාවිතාවන් ගොඩ නැගීම සඳහා භාවිතාකරුවන්ගේ අදහස හා පවතින නිර්මාණ භාවිතා කිරීම සාර්ථක ගමන් මගකි. පවතින දෙය හරහා අලුත් යමක් ගොඩනැගීම පහසු බව ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණවේදීන් හඳුනා නොගැනීම හා තේරුම් නොගැනීම ඊ රාජ්‍ය සංකල්පය යටතේ අසාර්ථක අත්දැකීම් හා විශාල මූල්‍ය නාස්ති සඳහා හේතු වී ඇත.

මානව සම්පත් තොරතුරු පද්ධති කළමනාකරණ

ඊ ග්‍රාම නිලධාරි ව්‍යාපෘතිය මානව සම්පත් තොරතුරු ප්‍රවේශයකි. අදාළ ප්‍රවෘත්තිය මගින් කියවෙන්නේ එම මානව සම්පත් කළමනාකරණ වැඩසටහන අසාර්ථක බවයි. ඒ සඳහා වියදම් වී ඇති මුදල ද අති විශාලය. එමෙන්ම ගතවී ඇති කාලය ද අතිවිශාලය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වූ තොරතුරු තාක්ෂණ ආයතනය මගින් ක්‍රියාත්මක කළ ඊ මානව සම්පත් ව්‍යාපෘතිය ද එවැන්නකි. මෙම ව්‍යාපෘති අසාර්ථක වීම බොහෝදුරට හේතු වන්නේ ඉහළ මට්ටමේ තොරතුරු තාක්ෂණ නිලධාරිවාදය මගින් තීරණය කරනු ලබන ක්‍රමවේදයන් හා ප්‍රවේශයන් ආයතන ගත කිරීමේ අසාර්ථක වැඩපිළිවෙළ මගිනි. එමෙන්ම එම තොරතුරු කළමනාකරණ වැඩසටහන් පහළ මට්ටමේ වඩා යහපත් අධ්‍යයනයන්ගෙන් නතර වීම ද, ඉහත සඳහන් පරිදි මොඩියුල හෝ ඒකක ක්‍රමයන් හරහා ව්‍යාප්ත කිරීමට උත්සාහ නොකිරීමේ ද හේතුවෙනි.

රාජ්‍ය සේවයේ බොහෝදුරට ආයතනගත හෝ සමස්ත රාජ්‍ය සේවා පද්ධතිය තුළම සේවය කරන ඒකාබද්ධ මානව සම්පත් තොරතුරු පද්ධතියක අවශ්‍යතාවය පවතී. තොරතුරු තාක්ෂණ වැඩසටහනක මූලික අංගයක් ලෙස රාජ්‍ය සේවයේ සමස්ත මානව සම්පත් තොරතුරු සඳහා සරල මෙවලමක් හඳුන්වා දෙන්නේ නම් ප්‍රාථමික මට්ටමේ තොරතුරු ඒකරාශි වීමක් සිදු කළ හැකි වනු ඇත. ඒ අනුව ඒ මගින් මූලික තොරතුරු ඒකරාශි කිරීමත් සිදු කළ හැක. මූලික තොරතුරු මගින් සංඛ්‍යාත්මක තොරතුරු හා තරමක විශ්ලේෂණාත්මක පැතිකඩ විශ්ලේෂණය සඳහා ඉඩ සැලසේ. ඉවත්වීම් යළි එකතුවීම් නිරන්තරව ගබඩා කළ හැකි තොරතුරු පද්ධතියක් හෝ නොමැතිව ඉතා සංකීර්ණ තොරතුරු හා කාර්යයන් ගණනාවක් එකවර කළ හැකි පද්ධති හඳුන්වාදීම මගින් කාලය, මුදල හා අසීමිත උත්සාහයන්හි නිරත වීමට සිදුවෙනු ඇත. ශ්‍රී ලංකාවේ අසාර්ථක මානව සම්පත් ව්‍යාපෘතිවල හරය වන්නේ ඒවා සංකීර්ණ ජාලයන් හරහා ක්‍රියාත්මක කිරීමට යෑම සමග ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වය වේ.

මානව සම්පත් කළමනාකරණයේදී, සැලසුම්කරණයේදී හා සංවර්ධනය සඳහා අවශ්‍ය තොරතුරු හා මොඩියුලයන් ක්‍රමානුකූලව මූලික තොරතුරු හරහා ගොඩනැගිය හැකි අතර ඒ වනවිට සරල කාර්යයන් ඉටු කිරීම මගින් භාවිතා කරන්නන් වඩා හොඳ අවබෝධයක් පද්ධතිය පිළිබඳ ලබනු ඇත. ඒ අනුව ක්‍රමානුකූලව සාර්ථක ගොඩනැගීමක් සිදුකිරීම සඳහා අවශ්‍ය පහසුව ඉහළ වියදම් ඵලදායිතාවකින් සිදුවනු ඇත.

මේ සඳහා සියලු පැති පිළිබඳ විමර්ශනය කළ හැකි බහුවිධ කළමනාකරණ කණ්ඩායමක් මගින් අසාර්ථක වී ඇති මානව සම්පත් කළමනාකරණ ව්‍යාපෘති විශ්ලේෂණය කොට පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන අවම පිරිවැයක් තුළ ප්‍රතිනිර්මාණය කිරීම සිදුකිරීමේ හැකියාව පිළිබඳ වගකිවයුතු පාර්ශ්වයන් අවධානය යොමු කරන්නේ නම් මැනවි.

g dadallage 1 

| හිටපූ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී ජිනසිරි දඩල්ලගේ

(දිවයින)